නිරෝධායනය දැන් අපට මේ වචනය ඇසීම යම් භීතිකාවක් උපදවයි. නමුත් මේ ක්‍රියාව අප අනාදිමත් කාලයක සිට කරගෙන ආ දෙයකි. පැපොල, සරම්ප ආදී වයිරස් රෝග වැළඳෙන්නේ කෙසේදැයි නොදත් කල අපි ඒවා "දෙයියන්ගේ ලෙඩ" වශයෙන් හැඳින්වූයෙමු. එකල අප කලේ රෝගියාව කාමරයක, විෂබීජ නාශක කොහොඹ කොල මත අතුරවා, ගෙයි දොර අභියස ගොක් කොල ආරුක්කුවක් පළඳා ගමට මේ ගැන සංකේතාත්මකව දැන්වීමයි. එවිට රෝගය නොවැළඳුන අය එම නිවසට නොගොස් ප්‍රවේශම් වූ අතර, ගෙදර අය පෙරුම්කායම් ගුලියක් අතේ පැළඳ රෝගයෙන් ප්‍රවේශම් වූහ. රෝගය වැළඳී ජීවිත කාලයටම ප්‍රතිශක්තිය ලද අය බියක් නැතිව රෝගියාට උවටැන් කළහ. මෙසේ දින 14 ක් ස්වේච්ඡාවෙන්ම ගෙදර අය නිරෝධායනයට ලක් වූහ. මෙම කාලයේ මුක්ත ඛණ්ඩක අඩු ආහාර වන එලවළු හා පළතුරු වලින් සමන්විත පෝෂ්‍ය ආහාර රෝගියාට ලබා දුන්නේ ගමේ අයයි. ගම්වාසින්ගේ සංහිඳියාව හා සමගිය මෙහිදී කාටත් ප්‍රදර්ශනය විය. ඉන්පසු රෝගියා විෂබීජ නාශක කොහොඹ කොල තැම්බූ වතුරෙන් නහවා, ආසාදිත සමය නිමා කලේය. සියළු රෙදි, ඇඳුම් සෝදා තද අව්වේ වේළා ගති. මෙම දින 14 තීරණාත්මක වූයේ එම සමයේදී අන් අයට රෝගය වැළ...
Posts
- Get link
- X
- Other Apps
සිඟාලෝවාද සුත්‍රය බුදුන් කල ජයිනාගමිකයෝ වැනි අය හිරු පායන කල ජලයේ බැස සූර්‍ය හා සදිසා වන්දනාව කලහ. මෙය අර්ථ ශූන්‍ය වූ බැවින් බුදුහු අර්ථාන්විත සදිසා වන්දනාවක් දේශණා කලහ. එය නම් සිඟාලෝවාද සූත්‍රයයි. එහි පැවසෙන්නේ අප එකිනෙකාට වියයුතු සේවාවන් හා යුතුකම් වේ. මෙහි එන එක් අංගයක් නම් ස්වාමි -යාගෙන් සේවකයාට හා සේවකයා -ගෙන් ස්වාමියාට විය යුතු යුතුකම් වේ. මෙය අද කාලයේ සේවා ගිවිසුම ලෙස හැඳින්වේ. රජය යහපත් ස්වාමියා ලෙස හැඳින්වේ. එසේනම් තම සේවකයින්ගේ වැටුප් කලට වෙලාවට ගෙවිය යුතුය. අර්ථචර්‍යාවෙන් කටයුතු කල යුතුය. අද දවසේ එවන් අර්ධ රාජ්‍ය ආයතනයක් තම කොන්ත්‍රාත් පදනමේ නිලධාරින්ට නිසි පරිදි මාසයේ 10 වෙනිදා වැටුප් ගෙවා නැත. ඔවුන් ආදායමක් නැතිව අතින් වියදම් කරමින් තම රාජකාරි ඉටු කරන්නේ කෙසේදැයි විමසා නැත. මේ නිසා සේවාවන් සැපයීම ඇණ හිටියොත් ජනතාව පත්වන අසීරු තත්වය ගැන නිසි අවබෝධයක් නැත. හිස උදුමවාගත් පරිපාලන නිලධාරිණියක් මේ වසරේ එම සේවකයින්ගේ සේවා ගිවිසුම් අළුත් කර නැත. ජනවාරි මස සිට වැටුප් ගෙවීමට තම ආවරණ අනුමැතිය දී නැ...
- Get link
- X
- Other Apps
සම්මා වාචා හොඳ වචන කථා කිරීම නිසා ඕනෑම කෙනෙකු, අන් අය අතරේ ගෞරවයට, ප්‍රසාදයට හා විශ්වාසයට බඳුන් වේ. බොහෝවිට අපට හොඳ වචන කථා කිරීමට නොහැකි වන්නේ ඒ අවස්ථාවේ අපේ සිතේ ඇති ආතතිය හා ආවේගය නිසාය. මේවා ඇතිවන්නේ ඊර්ෂ්‍යාව, ක්‍රෝධය හා ද්වේශය වැනි පාප චේතනා වලින් සිත කය වචනය දූෂ්‍ය වීමෙනි. මේ නිසා ඒවා ප්‍රහීන කිරීම ජීවිතයට වැඩදායක වේ. සතර සංග්‍රහ වස්තු වලදී කියවෙන දෙයකි ප්‍රිය වචනය. අපට ඉන්, අන් අය සතුටු කල හැක. මේ නිසා හොඳ සබඳතා ඇතිවේ. තිබෙන සබඳතා දැඩි වේ. යහපත් සබඳතා අපේ ජීවිතයට අත්‍යාවශ්‍ය වේ. අඹු සැමි, දරු, අසල් වැසි, ඥාති, පාලක, පාලිත සබඳතා දැඩි වීමට ප්‍රිය වචන හේතුවේ. එමෙන්ම තිබෙන සබඳතා කැඩී යාමට අප්‍රිය වචන හේතුවේ. මේ දෙකම නන්දි විශාල ජාතකයේදී විස්තර වේ. ප්‍රිය වචන කථා කිරීමේදී අඹු දරුවෝ ප්‍රීතියෙන් පිනා යති. ඔවුන් කරන දේ වල ඵලදායීතාවය වැඩිවේ. මේ නිසා ඔවුහු සාර්ථක වේ. පවුලේ සමගිය හා ප්‍රීතිය දැඩිවේ. කණ්ඩායම් හැඟීම දියුණු වීමෙන් කරන කියන දේ ...
- Get link
- X
- Other Apps
පාසල් ලමුන්ගේ මානසික ප්‍රශ්ණ අප පාසල් සිසුන් සමයේ නොතිබුණු බොහෝ ප්‍රශ්ණ වලට දැන් ලමුන්ට මුහුණ දීමට සිදුවීම දැඩි අවාසනාවකි. නමුත් අපට ඔවුන් ගැන සානුකම්පිතව සලකා බලා හැකි උපකාරයක් කල හැක. එකල මෙන් නොව දැන් සම්ප්‍රදායික පවුල යන සංකල්පයට පරිසරයෙන් දැඩි හානි පැමිණේ. මිනිසුන්ගේ දැඩි තරඟකාරිත්වය, දියුණු වීමේ අරගලය, ආවේගය හා ආතතිය නිසා දෙමහල්ලන්ගේ ගැටුම්, සම්ප්‍රදායික නොවන බහු ලිංගික සබඳතා නිසා පවුල දෙදරා යාම, දරිද්‍රතාවය නිසා මව් රැකියා සඳහා විදේශගත වීම හා දරුවන් හුදකලා වීම, අසභ්‍ය සඟරා හා අන්තර්ජාලයේ වැඩ සටහන්, එවැනි ප්‍රකාශණ හා වීඩියෝ, වැනි හේතු මේ සඳහා බලපායි. විශේෂයෙන් කුඩා කලම ලමුන් අතට ස්මාර්ට් පෝන් පත්වීම දැඩි ව්‍යසනයකි. මැද පෙරදිග වැඩට යන මව් පියන් විසින් තම වියෝග කම්පනය අඩුකර ගැනීමට දරුවන්ගේ ඉල්ලීම් ඉටු කිරීමට යාම නිසාද මේ ව්‍යසනය ලමුන් අතරට පැමිණ ඇත. මේ නිසා ඔවුන්ගේ අධ්‍යාපනයටද මහත් හානි පැමිණ ඇත. අවුරුදු 13 - 17 වයස ලමුන් අතර දැඩි කුතුහලය විරුද්ධ ලිංගික ආකර්ෂණය දැනෙන වයසකි. අළුත් දෑ අත්හදා ...
- Get link
- X
- Other Apps
පරිපාලන වැ හිත හදා ගන්න බැහැ! බොහෝ අය මේ කථාව කියති. ඔවුන්ට මම ධම්ම පදයේ ගාථාවක අරුත පවසමි. "ලී වඩුවෝ තම ශිල්ප ඥාණය මෙහෙයවා ලී අවශ්‍ය පරිදි නවා ගනිති. ජල වඩුවෝ තමන්ට අවශ්‍ය තැනට වාරිමාර්ග දිගේ ජලය ගෙන යති. ප්‍රඥාවන්තයෝ තමුන්ට අවශ්‍ය පරිදි සිත සාදා ගනිති." මේ අනුව ඔබට සිත හදා ගන්නට නොහැකි නම්, ඔබ පල් මෝඩයෙකි. අප සිතන සියල්ල ඉටු නොවේ. මේ නිසා සිත අතරමැදි සමාදානයකට රැගෙන ආ යුතුය. අත පයකට යම් හානියක් සිදුවූ විට පැරැන්නන් කීවේ "මදැයි ඔයින් ගියා බෙල්ල කැඩෙන්නේ නැතිව" කියාය. අත පයේ භග්න සති 6 - 8 වන විට ඉබේ සුවවේ. නමුත් බෙල්ල කැඩුනහොත් ක්ෂණිකව මිය යයි. මින් ගම්‍ය වන්නේ අපට යම් හිත් රිදීමක් වූයේ නම් ඊටත් වඩා දරුණු ඉරණමකට වුවද මුහුණ දීමට සිදුවිය හැකිව තිබූ බවයි. ප්‍රේම සම්බන්ධ කැඩී යනවිට තම චරිත ශුද්ධියද සමගම නැතිවී යාහැක. නැත්නම් ගැබ් ගැනීමකට පසුව වුවද කැඩීයා හැක. මේ සියළු ආන්තරා නොමැතිව, නොගැලපීම නිසාමත් සබඳතා කැඩී යයි. එවිට අපට බරපතල ආපදා වලට මුහුණ පෑමට සිදු නොවේ. විය හැකිව තිබූ නරකම දේවල...
- Get link
- X
- Other Apps
මගේ ආච්චී හා සීයා මගේ පියාගේ දෙමාපියන් වූ මොවුහු දෙදෙනාම විනෝදයට බර සරළ දිවියක් ගත කලෝය. දැන් කාලයේ ළමුන්ට වැඩිහිටියන්ගෙන් ගත හැකි සේවය ගැන යම් අදහසක් ඇති කිරීම මේ ලිපියේ අරමුණයි. අවාසනාවට දැන් දරුවෝ, මෙහෙකරුවන්ගේ සිරකරුවන් බවට පත්වී සිටින අතර ඔවුන්ගෙන් ඉගෙන ගන්නේ ප්‍රචණ්ඩත්වය හා වැරදි චර්යාවන් වේ. මගේ ආච්චී පාසැල් නිවාඩු කාලයට මා ඇයගේ නිවහන වූ හංචාපොල හා ගම්පහට කැඳවාගෙන ආවේය. අවට පරිසරය ගඩා ගෙඩි වලින් ගහණ විය. උන්දෑ මාව ඒ අතරින් කැඳවාගෙන යමින් ඒවා මට කඩා දුන්නාය. ඇඹිල්ල, දම්, ඇඹුල් පේර, බාලොලියා, චෙරි වැනි කුඩා ගෙඩි ඉතා රසවත් හා නැවුම් විය. ඒවා විටමින් සී, බී හා ප්‍රති ඔක්සිකාරක වලින් අනූන වූ බව දැන් මම දනිමි. ඒ යන ගමන් ඇය මට රසවත් කතා කියා දුන්නාය. එළුවා, නරියා හා කොටියාගේ කථාව, හාවා සිංහයාට ගොදුරු වීමට ගිය කතාව, නරියා නිල් සායම් හැලියට වැටුනු කථාව ආදී උපහැරණ කථා මගේ ජීවන නිපුණතා වර්ධනය කල බව ඒ ගැන දේශණ පවත්වන මට, දැන් අවබෝධ වේ. මා අනුන්ගේ වේදනා මගේ වේදනා බවට පත් කර ගැනීමට තරම් අනුවේදනාත්මක වූයෙමි. එහෙයින් කවදා හෝ මට හොඳ වෛද්‍යවර...
- Get link
- X
- Other Apps
සමාජය තවමත් බමුණු යුගේද? බුදුන්ගේ කාලයේ වේද බමුණන් විසින් ගැහැනියව හලා හල යුතු විෂක් ලෙස ඉවත දමා තිබුණි. ඇය පිරිමින්ගේ යකඩ සපත්තුවට යටවී ජීවත් විය. නමුත් බුදුන් වහන්සේ පිරිමියාගේ සම තැන ගැහැනියට පිදීය. සෑම විටම පිරිමින්ම පණ්ඩිතයන් නොවන්නේ යයි දේශණා කල සේක. ගැහැණියට භික්ෂුණී භාවයද ලබා දුනි. මෙසේ රහත් භාවයටද එළැඹීමට හැකි වීමෙන් නිර්වාණයද ලැබීය. නමුත් ඉන්පසු ගැහැණියට නැවත පිරිමින්ගේ පාලනයට නතුව ජීවත් වන්නට සිදුවිය. ඉගැනුම තහනම් වූයේ පිරිමින්ට හොර ලියුම් ලියාවි යයි සැකයෙනි. ගැහැණිය උගෙන කුමක් කරන්නටදැයි ඇසීය. නමුත් මේ වනවිට මිශ්‍ර පාසැල් වලින් ඉහළ සාමාර්ථ ලබන්නේ ශිෂ්‍යාවන් වේ. විශ්ව විද්‍යාල වලද වැඩිපුර ඉගෙන ගන්නේ ඔවුන් වේ. පිරිමි පාසැල් වල ශිෂ්‍යයන්ගේ සාමාර්ථ ප්‍රතිශතයක් වශයෙන් අඩුය. ගැහැණු පාසැල් වල එය ඉහළ අගයක් ගනී. ලංකාවේ දැනට හොඳම පාසැල ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයයි. ලෝකයෙන්ම පළමු වරට රාෂ්ඨ පාලනයට ගැහැණියක් පත් වූයේ ලංකාවෙනි. පසුව ජනාධිපතිනියක්ද පත් විය. ගුවන් ය...