පුස් රෝග
අපේ සිරුර පුස් වර්ග වලින් ආසාදනය වන්නේ ඇයි? පිළිතුර නම් කුමන හේතුවක් නිසා හෝ සිරුරේ ස්වභාවික ප්‍රතිශක්තිය හීන වීමයි. මින් බහුලම රෝගය නම් දියවැඩියාවයි. තවද පිළිකා රෝගීන්ටද, HIV Aids රෝගීනටද පුස් රෝග බහුලව වැළඳේ.
පිරිපහදු කල ආහාර එනම් පාන් පිටි, තෙල් හා සීනි යොදා සෑදූ ආහාර දියවැඩියාවට මග පාදයි. මේ නිසා එම ආහාර අවම ලෙස ගත යුතුය. අනික් හේතු නම් ආතතිය හා ව්‍යායාම මද වීමයි.
බහුලම පුස් රෝගය නම් ඉකිලි කැසීමයි. මෙයට පුස් මර්ධන පෙති හා ආලේපන මාස ගානක් භාවිතා කල යුතුවේ. වැදගත්ම දේ නම් ඔබ කිසිම දිනෙක යට ඇඳුම් සඳහා සින්තෙටික් ඇඳුම් භාවිතා නොකල යුතු බවයි. හැම විටෙකම 100% කපු යට ඇඳුම් භාවිතා කල යුතු බවයි. ප්‍රතිකාර පටන්ගෙන සති 2 ක් පමණ ගත වෙද්දී දැනට භාවිත කල යට ඇඳුම් තම්බා සෝදා තද අව්වේ වේලා ගත යුතුය. මෙය අනෙක් අයට බෝ විය හැකි රෝගයකි. එබැවින් වැසිකිළි ආසන භාවිතා කිරීමට පෙර සෝදාගන්න. ඔබ සමබර ආහාර වේලක් ගෙන ව්‍යායාම කර, ආතතිය පාලනය කර, සිරුරේ ස්වභාවික ප්‍රතිශක්තිය ඉහළින්ම තබා ගන්න.

Comments
Post a Comment