දෙමාපියන් ගැන.......

දෙමව්පියන් වයසට යද්දී ඔබේ සේවකයින්ද?

     දිනක් ප්‍රතිකාර ගැනීමට මා වෙත ආ වයෝවෘද්ධ මවක් ඉල්ලා සිටියේ හෙදියක් වූ ඇගේම දියණියට යමක් පවසන ලෙසයි. ඇයගේ කොන්දේ අමාරුවක් වූ අතර එයට ප්‍රතිකාර ලබා දුන්නද සුව නොවීය. ඊට හේතු විමසීමේදී ඇය පැවසුවේ දුවගේ තරබාරු ලමයින්ව වඩා ගැනීමට සිදුවීම නිසා රෝගය සුවවීම පමා වන බවයි. මේ නිසා එයින් ඇයව  මිදෙව්වොත් එය ඇයට සහනයක් වන බැවින් දුවට එසේ උපදෙස් දෙන ලෙසයි. මෙය කණගාටුදායක තත්වයකි.
      බොහෝ දෙමව්පියන් , දරුවන්ගේ හිත් නරක් වේයයි සිතා තම අමාරුකම් ගැන නොකියති. නමුත් දැන් ඔවුන් විශ්‍රාම ගත යුතු අවධියයි. මේ නිසා කැමති නම් පමණක් උදව් ලබා ගන්නා පදනමෙන් ඔවුන්ව මුදාහල යුතුය. එක් ගුරුවරියක් තම පියාගේ අවමඟුලේදී හැඬුවේ " අනේ තාත්තේ, දැන් මගේ ගේ බලාගන්නේ කවුද?" යනුවෙනුයි. ඇයගේ දුක පියා මිය ගියාටත් වඩා මුර කරුවෙකු නොමැති වීමේ පාඩුවයි.
      වයසක දෙමාපියන්ට විශ්‍රාම ගැනීමට ඉඩ දෙන්න. ඔවුන් තම මුණුපුරන් සමග ඉතා සතුටින්, සැහැල්ලුවෙන් හිඳිනු ඇත. ජීවන නිපුනතා උපදේශන කතා මගින් ඉගැන්වීමට ඔවුහු රුසියෝය. වර්තමාන මතකය අඩු වුවද, අතීත මතකය හොඳ බැවින් රටේ ලෝකේ ජීවත් වෙන කලාව හොඳින් මුණුබුරන්ට කියාදෙනු ඇත. මගේ මිත්තණියගෙන් මම බොහෝ නිපුනතා උගත්තෙමි. කොටියාට රැවටුන එළුවා, නරියා විසින් බේරා ගත් හැටි, කුඩා හාවා කැලයේ සියළු සතුන් උපායක් මගින් දරුණු සිංහයාගෙන් බේරා ගත් හැටි, මේවා නිර්මාණශීලී හා විශ්ලේෂණ චින්තනයයි.
        දරුවන් විසින් විමසුවොත් පමණක් උපදෙස් දීම නුවණට හුරුය. නැත්නම් එම පවුල් සමග ගැටුම් ඇතිවේ. එම දරුවන් හැසිරවීම ඔවුන්ගේ දෙමාපියන්ට පැවරීම වඩා යෝග්‍ය වේ. "Too many cooks spoil the soup"
       දායාද නිසි කල්හි දරුවන්ට පැවරිය යුත්තේ ඒවා කළමනාකරණය කිරීමට යාම අපේ හදවතට එතරම් නුසදුුසු නිසාය. "New brooms sweep well".  ඒවා නමුත් තම හදවතේ inventory එකෙන් write off කල යුතුය. නැත්නම් ඒ ගැන තණ්හාව උපදවීමට යාම නිසා දරුවන් සමග ගැටුම් ඇතිවේ. සමහරුමස් සමග පවසන්නේ "අපේ අම්මා දැන් පොඩි දරුවෙක් වගේ"කියාය. එය සත්‍යයකි. පොඩි දරුවාගේ මොළයේ මෝරා ඇත්තේ සෛල ටිකක් නිසා ළමා හැසිරීමක් පෙනේ. වයසක අයගේ මොළයේ ඉතිරිව ඇත්තේද සෛල ටිකකි. මේ නිසා ඔවුන්ගේද interlectual capacity කුඩා දරුවෙකුගේ මෙනි. (senile dementia).

Comments

Popular posts from this blog

මුත්‍රා ගල් (Urinary Calculi)