මුත්‍රා ගල් (Urinary Calculi)

මුත්‍රා ගල්.

       මුත්‍රා ගල් සෑදුනු රෝගීන් නිතරම දක්නට ලැබේ. මීට ප්‍රධාන හේතුව අවශ්‍ය තරම් වතුර නොබීමයි. දහඩිය වැඩිපුර දැමීමේදී වැඩිපුර දියර සිරුරට අවශ්‍යවේ. නැත්නම් නිතරම සිරුර විජලනයට පත්වීමේදී අඩු, බහිශ්‍රාවීය වතුර ප්‍රමාණයක වැඩි ලවණ ප්‍රමාණයක් දිය වීමට යාමේදී ස්ඵටික සෑදීමේ සම්භාවීතාව වැඩිවේ. සුලභ ගල් වර්ග දෙකකි. යුරික් ඇසිඩ් (10%) හා කැල්සියම් ලවණ (70%) නිසා සෑදෙන ගල් වේ. මුත්‍රා ගල් සෑදීමේදී ඒවා මි.මී. 10 ට වැඩිනම්, මුත්‍රා නාල වල, වකුගඩු වල රැඳීමේදී අධික වේදනාවක් දැනේ. මේවා ඉවත් කිරීමට ශල්‍යකර්ම අවශ්‍යවේ. මුත්‍රා ධාරාව අවහිර වීම හා නාල spasm තත්වයට පත්වීම නිසා පටක වලට ඔක්සිජන් නොලැබීමෙන් මෙම Colicky වේදනාව හට ගැනේ. කොන්දේ සිට අන්ඩ කෝෂ වලට දුවන කැක්කුමක් ලෙස මෙය සුලභව දැනේ. වේදනාව වරින්වර උත්සන්න වන අතර සාපේක්ෂව අතරතුර, වේදනාව අඩුවීමක්ද දැනේ. මුත්‍රා ධාරාව අවහිර වීමට හෝ ඒ සමග ලේ පිටවීමට හැක.
           රාබු, නෝකෝල් වැනි එළවලුද, ඇට වර්ගද, කෝලා, කුරුම්බා බීමද ගල් සෑදීමේ සම්භාවීතාව වැඩි කරයි.      
         කැකිරි, පැණි කොමඩු, දෙහි, ඉඟුරු බීම හා ඇපල් සයිඩර් මුත්‍රා ගල් දිය කරන අතර ඒවා සෑදීමද වලකයි.
      සාමාන්‍යයෙන් දිනකට වතුර ලීටර් 4ක් පමණ වැඩුනු කෙනෙකුට අවශ්‍ය වේ. වැඩිපුර දහඩිය දැමීමේදී මෙම පරිමාවද වැඩි කිරීමට අවශ්‍යවේ. මුත්‍රා ආම්ලීක වීමේදී යුරික් ඇසිඩ් වර්ගයේ ගල් වැඩිපුර සෑදෙන, අතර භාෂ්මික වීමේදී කැල්සියම් ලවණ අඩංගු ගල් වැඩිපුර සෑදේ. මේ නිසා මුත්‍රා ආසාදන වලදී එය ආම්ලික වන බැවින් ගල් සෑදීමේ සම්භාවීතාව වැඩිවේ. මි. මී 5 ට අඩු ගල් මුත්‍රා සමග පිට වන අතර, එතෙක් බඩේ කැක්කුම, බඩ පිපුම, මුත්‍රා හා මළ පිට නොවීම, වාතය පිට නොවීම දක්නට ලැබේ.
          මුත්‍රා ගල්, වකුගඩුවේ හෝ මුත්‍ර නාල වල අවහිරවී කල් තිබීමෙන්, වකුගඩු අක්‍රිය වේ. එහිදී සාංකූලතාවක් ලෙස රුධිර පීඩනය වැඩිවේ. වකුගඩුව ඉවත් කිරීමෙන් මෙය පාලනය කල හැකිවේ. කෘතීම බීම වකුගඩු වලට අහිතකර වන අතර, අන්නාසි, දෙළුම්, දෙහි, දොඩම්, වැනි පළතුරු, එළවලු වකුගඩු වලට හිතකර වේ.

Comments

Popular posts from this blog

දෙමාපියන් ගැන.......