දන්තුරේ සටන -
මෙහි ඉතිහාසය ක්රි. ව 1594 දක්වා ඈතට ඇදී යයි. පෘතුගීසින් 1594 10. 5 දින සෙංකඩගල රාජධානිය අල්ලා ගත්තේය. මෙහිදී 20000 ක හමුදාවක් කොළඹ සිට හංවැල්ල, රුවන්වැල්ල, පොල්ගහවෙල, රඹුක්කන ඔස්සේ බලන ගිරි දුර්ගයට ලඟාවුවත්, කිසිම ප්රතිරෝධයක් සිංහල හමුදාවෙන් එල්ල නොවීම ගැන හමුදා නායක ආණ්ඩුකාර පේදුරු ලොපේස් සූසා පුදුම විය. ඔවුන් පහසුවෙන් සෙංකඩගලට පැමිණිවිට දැනගත්තේ විමළධර්මසූරිය රජු ඌවට පළාගොස් ඇති බවයි. රජු සොයා ඌවට ගිය කුඩා භට කණ්ඩායම් ඌවේ ගරිල්ලා සටන් කරුවෝ අතින් සමූළ ඝාතනයට ලක්විය. අන්තිමට රජු ලුහුබැඳ ඌවට ගිය 3000 ක භට කණ්ඩායමද එහි අණදෙන කපිතාන් ෆ්රැන්සිස්කෝ ඩි සිල්වාද විමළධර්මසූරිය රජුගේ හමුදා අතින් සමූළ ඝාතනය විය. මේ නිසා ජයවීර බණ්ඩාර ( අරිට්ට කී වෙන්ඩු පෙරුමාල්) තම 5000 ක හමුදාව සමග ඌවට යාමට අවසර ඉල්ලුවත් ආණ්ඩුකාර සූසා ඊට ඉඩ නොදුන්නේ, ඔහු විමළධර්මසූරිය රජු සමග යම් රහස් සම්බන්ධයක් ඇතැයි සැකයෙනි.
මේ අතර මන්නාරම කොටුවේ සිට හමුදාවෙන් කැඳවාගෙන ආ කුසුමාසන දේවිය හෙවත් දෝන කැතරිනා නම්වූ අවුරුදු 12 ක දැරිය උත්සවස්රීයෙන් කන්ද උඩරට රැජින ලෙස අභිශේක ලැබුවාය. ඇය මහනුවර කරලියැද්දේ රජුගේ දියණිය වූ අතර, සීතාවක රජය විසින් ආක්රමණය කල අවස්ථාවේ ඔවුන් කන්ද උඩරටින් පැනගොස් ත්රිකුණාමලය කොටුවේ පෘතුගීසි ආරක්ෂාව යටතේ සිටියහ. ඇයට ආවාහ කරදුන්නේ තම මස්සිනා වූ යමසිංහ බණ්ඩාර හෙවත් දොන් පිලිප් කුමරුන් විය. මාස කීපයකදී ඔහු අභිරහස් ලෙස මිය ගිය අතර එය වස දීමක් ලෙස සැක කෙරිණි. ඉන්පසු ඇයට ආවාහ කොට දීමට සැරසුනේ පෘතුගීසි සෙනවියකු වූ කඩවසම් කපිතාන් ෆ්රැන්සිස්කෝ ඩි සිල්වාය. කුමන හේතුවකට හෝ ඔහු ඊට අකැමතිවී ආපසු මන්නාරම කොටුවට ගියේය. ඉන්පසු 65 හැවිරිදි ජයවීර බණ්ඩාර මුදලි ඊට අනුමැතිය පැතීය. එයට ආණ්ඩුකාරයා අකැමති වූයෙන් ඔහු නිසොල්මන් විය. රජකම ඇයට උරුම නිසාය මොවුන් මෙතරම් ඒ සඳහා වලි කෑවේ.
ජයවීර බණ්ඩාර විසින් විමළධර්මසූරිය රජුට ලීවේ යයි සැක කල තල්පතක් පෘතුගීසි හමුදාවට හසුවූයෙන්, ඔහු ගැන සැකය තවත් වැඩිවිය. මේ අතර ගරිල්ලා කණ්ඩායමක සිටි ජයවීරගේ භටයින් කීප දෙනෙකු පෘතුගීසින්ට හසුවූයෙන්ද කීප දෙනෙකු ඔහුට එරෙහිව සාක්ෂි දුන් හෙයින්ද ඒ පිළිබඳ විමසීමට ආණ්ඩුකාරයා තවත් කපිතාන්වරු 3 දෙනෙකු සමග ජයවීර මුදලිගේ නිවසට ගියත් ඔහු හා කෝපවූ කපිතාන් වරු ජයවීර බණ්ඩාරව කිණිසි වලින් ඇන මරා දැමීය. ඔහුගේ නිවසේ උන් භටයින්ද, මස්සිනාවද මරා දැමීය. මින් කුපිතවූ හා බියට පත්වූ ඔහුගේ 5000 ක හමුදාව විමළධර්මසූරිය රජුගේ හමුදාව හා එක්වීම පෘතුගීසින්ට මරු පහරක් විය. මාස 2 කින් සෙංකඩගල තත්වය සහමුලින්ම වෙනස් විය. ගරිල්ලා ප්රහාර වැඩිවිය. ආහාර සපයා ගැනීම දුෂ්කර විය. ලස්කිරිඤ්ඤා හමුදාවට වැටුප් ගෙවීමට නොහැකිව ඔවුන් ඉවත් වූයෙන්ද ඔවුන්ට නුවර විසීම බියජනක වූයෙන්, ආපසු කොළඹට පසු බැසීමට විය. කුමන හේතුවකට හෝ ඔවුන් ගන්නොරුවේදී කඳවුරු බැඳ එක දවසක් වැඩිපුර නැවතිණි. ආහාර සොයා යාබද හල්ලොලුව ගමට ගිය 500 ක හමුදාව ආහාර කොල්ල කා, නිකරුනේ පංසල් හා ගෙවල් ගිනි තැබීමට කල් ගත කලහ. මේ අතර පැමිණි ගරිල්ලා හමුදාව අතින් ඔවුන් සමූළ ඝාතනය විය. කීප දෙනෙකු ගැලවී ගන්නොරුවට පැමිණ මේ බව සූසාට දැනුම්දී, දෝන කැතරිනාවද ආරක්ෂා කරගෙන බලනට පසු බැසීම ඇරඹීය. එම ඇසිල්ලේ විමළධර්මසූරිය රජු හමුදාව ගෙන ඔවුන් ලුහුබැඳ ගොස් දන්තුරේ පටු බිම් තීරුවකදී 400 ක් පමණ වූ ඔවුන් මරා දැමීම ඇරඹිණි. ඔවුන් බලනට පසු බැස්සෙන්, හඹා ගිය රජු එහි පටු තීරයකදී ඔවුන් හා සටන් වැදුණි. ජයවීර මුදලි සතුවූ රත්රන් හා ධනය මේ වනවිට පෘතුගීසින් සමග විය. ඇතුන් පිට වෙඩි බෙහෙත් විය. ඇතුන් කලබල වී දෝන කැතරිනාද සමග වනයට වැදුණෙන්, වෙඩි තැබීමට වෙඩි බෙහෙත්ද නොමැතිව, ඔවුන් විමළධර්මසූරිය රජුට යටත් විය. පසුව දෝන කැතරිනාව විවාහ කරගත් රජු නීත්යානුකූලවම රජ විය. යටත්වූ හමුදාව වදදී මරා දැමීය. නමුත් ආණ්ඩු කාරයාගේ තුවාළ වලට, කුමරි දෝන කැතරිනාගේ ඉල්ලීම පිට ප්රතිකාර කලද ඔහුද මිය ගියේය. ඔහුගේ පුතාව ආපසු සමාව දී කොළඹ කොටුවට යැවිණි.
දෝන කැතරිනා කුමරිය යමසිංහ බණ්ඩාරටද, විමළධර්මසූරිය රජුටද, ඔහුගේ සොයුරු සෙනරත්ටද බිසව විය. විමළධර්මසූරිය රජු අවුරුදු 35 දී රජවී අවුරුදු 12 ක් ඇවෑමෙන් වස ශරීර ගතවී හදිසියේම මිය ගියේය. නමුත් තම පුත් අස්ථාන කුමරුගේ හදිසි මරණයෙන් ශෝකීබරවී අවුරුදු 35 ක් වැනි අඩු වයසකදී දෝන කැතරිනා බිසවද මිය ගියාය. සෙනරත් රජුට දාව ඇයගේ කුසින් උපන් කුමරු, 2 වන රාජසිංහ ලෙස අවුරුදු 53 ක් වැනි දිගු කලක් සෙංකඩගල රජ කලේය. ඔහුගේ කාලයේ බොහෝ විදෙස් ජාතිකයන් හමුදාවේ නිලතල දැරීය. නාවිකයන් වූ රොබට් නොක්ස් හා ඔහුගේ පියාද සිරකරුවන් ලෙස එකල මෙහි ජීවත් වූහ.

"නමුත් තම පුත් "අස්ථාන" කුමරුගේ හදිසි මරණයෙන් ශෝකීබරවී අවුරුදු 35 ක් වැනි අඩු වයසකදී දෝන කැතරිනා බිසවද මිය ගියාය.
ReplyDeleteඅස්ථාන කුමරු නෙවෙයි නේද මිය ගියේ. මා අසා ඇති ආකාරයට අස්ථාන කුමරු තමයි දෙවන රාජසිංහ නමින් රජ වුණේ.