අන්ද විශ්වාස
මෙපමණ හොද ආගම් කීපයක් අපට උරුමයෙන් ලැබී තිබියදීත් අපි අන්ද විශ්වාස වල එල්බ ගෙන සිටීම ඉතා කණගාටු දායකය.
හැම ආගමකම මෛත්‍රී කිරීම ප්‍රගුණ කෙරේ. නමුත් ආත්මාර්තය උග්‍ර වීම නිසා අපි එකම පවුලේ අයට පවා වයිර කරමු.
ක්‍රිස්තුස් වහන්සේ දේශනා කලේ එක කම්මුලකට ගැසූ විට අනෙකද පාන ලෙසටයි.
අධික තණ්හාව නිසා අපට දරුවන් පවා අහිමි වෙමින් පවතී. ඉන් උපදින්නේ දුක භය හා ශෝකය පමණි. බුදුන් වහන්සේ බෝමුල දෙස බලා අනිමිසලෝචන පූජාව කලේ කළගුන සැලකීමටයි, නමුත් අප බෝධියට පූජා පවත්වා සියලුම පාරිභෝගික භාණ්ඩ අයදිමු. බුදුන් සියල්ල අත් හැරිය තැන අපි සියල්ලට ලොබ බැද තණ්හාව වඩමු.
බුදුන් දේශණා කලේ අට ලෝ දහම අනුව සියල්ල ඇතිවී නැති වන බවයි. එය අප වටා චක්‍රාකාරව බ්‍රමණය වන බවයි. කලින් කලට ලාභ පාඩු විද ගත යුතු බවයි. නමුත් අපි ලාභම පතා දෙවියන් යදිමු. අනියම් වශයෙන් ඉල්ලා සිටින්නේ බුදුබණ බොරු බවට ඔප්පු කරන ලෙසයි.
රට පුරා දරුවන් මන්ද පෝශණයෙන් පෙලෙන කල චයිත්‍ය වටා පලතුරු කදු ගසමු. එවා කිසිවෙකුට ප්‍රයෝජනයක් නැතිව තැලී පොඩිවී කුනු වී යයි. වාර්ෂික පිච්ච මල් පූජාවට රට පුරා මල් එකතු කරද්දී මී මැස්සන්ට මල්පැනි නොමැතිව හාමත් වෙයි. පරාගනයක් නොමැතිව ගස් වල ඵල දැරීම අඩපණ වේ.
අදහන්නේ බුදුන් අනුදැන වදාල පරිදි සම්‍යක් දුශ්ටික දෙවියන් නොව මිත්‍යා දුශ්ටික දෙවි වරුන් හා කාලි වැනි යකින්නියන්ය. නත්ඨි මේ සරනං අන්නං බුද්දෝ මේ සරනං වරං යයි කියමින් විවිධ දෙවි වරුන් සරණ යති. අපට හිමි දෙවිවරුන්ට පින් අනුමෝදන් කිරීම පමණි. අපව රැකීම ඔවුන්ගේ කාර්‍යයකි. ඔවුන්ට භාර ඔප්පු කිරීමට රූපෙන් රූප පොරොන්දු වෙමින් යාතිකා කිරීම බොදු පිළිවෙත නොවේ.
ආදරය, තෑගි වැනි කෙනෙක් ඉත සිතින් පුද කළ යුතු දේ බලහත්කාරයෙන් ලබා ගැනීමට වෑයම් කරති. ගුරුවරුන් දුප්පත් දරුවන්ගෙන් පුද පඩුරු තෑගි බෝග අයදිති.
අප මේ ගමන් කරන්නේ අපගේ විනාශය කරාය. ඒ සදහා ශහරාන්ලා අවශ්‍ය නොවේ.
Comments
Post a Comment