සැර කෑම.

ග්‍රාමීය ජනතාව අතර නිතරම කෑම වල ගුනාගුන ගැන කියවේ. සැර උෂ්ණ කෑම, ඇග නිවන කෑම යනාදී වශයෙන් ආයුර්වේදයේදීද කෑම  වර්ග කෙරේ. මෙහි පදනම කුමක්ද?
        හදිසියේම මා මතකයට ආවේ මා වෛද්‍ය සිසුවෙකු කල අප පීඨාධිපති මහාචාර්‍ය කෝට්ටෙගොඩ මහතා කල පර්‍යේෂණයක ප්‍රතිපලයකි.
      මෙහිදී අප උදව් කරගන්නේ histamine නැමැති සංයෝගයයි. Histidine නමැති ඇමයිනෝ අම්ලය, ක්ෂුද්‍ර ජීවින් විසින් වියොජනයට භාජනය කලවිට සෑදෙන්නේ Histamine නමැති සංයෝගයයි. සාමාන්‍ය පරිසරයේදී  ඕනැම ආහාරයක් නරක් වීම සිදුවේ. නමුත් බළ, කෙලවල්ලෝ, හුරුල්ලෝ වැනි මාලුද, මස් වර්ග වලද අඩංගු ප්‍රෝටීන්  වල Histidine ඇමයිනෝ අම්ලය යහමින් අඩංගු වේ. මේ ආහාර වියෝජනයේදී අනිවාර්‍යයෙන්  සෑදෙන සංඝටකයකි Histamine. මෙය සිරුරට අසාත්මික සංයෝගයකි. මේ නිසා අප මාළු වෙළදසැලෙන් ගෙනෙන පරණ මාළු වල අනිවාර්‍යයෙන් Histamine අඩංගුවේ.
        දකුණු මුහුදු තීරයේ ජනතාව යහමින් බළ මාලු කෑවද ඔවුන්ට අසාත්මිකතා ඇති නොවේ. ඊට හේතුව ඔවුන් කන්නේ අළුත් මාලු වීමයි. අප ශීතකරණයේ කෑම සංරක්ශණය  කලද ඒවා නැවුම් ගතියෙන් නොපවතී. එතැනදී සිදුවන්නේ කෑම නරක් වීම ප්‍රමාද වීම පමණි. මේ නිසා මාළු පමණක් නොව එළවළු පවා දිගු කලක් ගබඩා කිරීම නුවණට හේතු  නොවේ. මන්ද වියෝජනය වීම එහිදීද සෙමින් හෝ සිදු වීමයි. එපමණක් නොව, පිසූ ආහාර පවා ශීතකරණයේ  තබා පරණකර කෑම නුවණට හුරු නැත. අසාත්මිකතා  වලින් මිදීමට නම් "අළුත් ආහාර" අපේ තේමාව විය යුතුය!

Comments

Popular posts from this blog

මුත්‍රා ගල් (Urinary Calculi)

දෙමාපියන් ගැන.......