පහසුවෙන් සැමියගේ සිත දිනා ගන්නේ කෙසේද?

ඔබට  සැමියාගේ හිත  දිනා ගැනීමට අවශ්‍ය නම් ඔහුගේ බඩ (Stomach) අමතන්න යයි ප්‍රචලිත  රුසියානු  කියමනක් ඇත. මෙහි අර්ථය රසට  කෑම හැදීමෙන් ඔහුගේ ආදරය පහසුවෙන් දිනා ගත හැකි බවයි.
          පිරිපහදු කළ ආහාර සැකසීම  නම් මෙහි අර්ථය නොවේ. ස්වභාවික  එළවළු, ධාන්‍ය, ආටාපිටි, තෙල් රහිත  මස්, මාළු යනාදියෙන් රසවත්  ආහාර  වේලක්  සැකසිය  හැක. අතුරුපසට අයිස් ක්‍රීම්, වටලප්පන් නැතිවාට සැම විටම පළතුරු භාවිතා  කල හැක. වැදගත්  සාධකය  වන්නේ ඒවා පිරිපහදු නොකර ස්වභාවික  විධියට සකස් කිරීමයි.
       එළවළු වැඩි වෙලාවක් නොපිස එහි ස්වභාවික රසය නොනැසෙන ලෙස ගන්න. මස්, මාළු කුළුබඩු යොදා පැයක් පමණ season කරගන්න. ගෑරුප්පුවකින් ඇණ මිරිස්  තුනපහ ඇතුලට කවන්න. තෙල්, මිටිකිරි අඩුවෙන් භාවිතා  කරන්න. පොල් අඩුවෙන් ගෙන හොදින් blender කර එහි කෙදි කුරුට්ට කිරි වලට ඇතුලත් කර ගන්න. පොල් කුරුට්ට Flavonoid වලින් අනූනය. මෙය සිරුරේ Cholesterol වැඩිවීම වළකයි. මෙවිට ඔබ අඩු තෙල් ප්‍රමාණයක් ගත්තා වෙනවා වනු ඇත. කෑම ගන්නා වෙලාවට ආසන්නව කෑම පිස උණුවෙන් ආහාරයට ගන්න. පරණ කළ ආහාර  නැවත රත් කර භාවිතා  නොකරන්න. හුදු කෑමට යමක් පිළියෙළ  කරනවා යන අළස සිතුවිලිවලින්  මිදී සක්‍රියව එයට දායක වන්න. නිවසේ අයගේ ප්‍රණාමය දිනා ගන්න. ආදරය බලෙන්  ලබා ගත නොහැක. එය හොන්දින් ලබාගන්න. ඔබ සාර්ථක ගෘහණියක් වන්න. එවිට  අනෙකාගේ  ආදරයට ඔබ නිතැනින්ම පත් වනු ඇත!

Comments

Popular posts from this blog

මුත්‍රා ගල් (Urinary Calculi)

දෙමාපියන් ගැන.......