පාඩම හා විවේකය!
අධ්‍යාපනය හා විවේකය
මව්පියන්ට ඇති ලොකුම හිසරදය දරුවන් , ඔවුන්ට අවශ්‍ය තරමට පාඩම් නොකිරීමයි. අපටද, මේ ගැන දරුවන්ට බලපෑම් කරන මෙන් ඉල්ලා සිටී. කිසිවෙකු තමන්ට අවශ්‍ය දේ හොදින් කරන අතර අනුන්ගේ ඇණවුමට ඉටු කරන දෑ ඕනැවට එපාවට මෙන් කරයි. මේ නිසා අපට අවශ්‍ය දෑ දරුවන් ලවා 100% ක් ප්‍රශස්ථ මට්ටමින් කරවිය නොහැක.
දරුවාගේ වම් අර්ධ ගෝලය ලිවීම, කියවීම, ගණනය කිරීම් යනාදී ක්‍රියා සම්බන්ධව කටයුතු කරන අතර දකුණු අර්ධගෝලය අවබෝධය, ලලිත කලා, විනෝදය, විවේකය සම්බන්ධව කටයුතු කරයි. නමුත් අවබෝධ කරගත යුතු වැදගත්ම දේ නම් අවබෝධය නොමැතිව වම් අර්ධගෝලයෙන් කරන කිසිවක් කිරීමට නොහැකි බවයි. නමුත් එය ඇතිවන්නේ විවේකය (Recreation ) හා සම්බන්ධව කටයුතු කරන දකුණු අර්ධගෝලයේය.
මේ නිසා ඔබ කැමති වුවද අකැමැති වුවද දරුවන්ට ක්‍රීඩා කිරීමට, විවේක ගැනීමට අවස්ථාවක් දියයුතුය.
Comments
Post a Comment