අහින්සක විනෝදයක්!

හතේ පන්තියේදී අපේ ක්‍රියාකාරකම් වැඩිවූයේ පලමු වරට ගැහැණු ලමයි අපෙ පන්තියට පැමිණි බැවිනි. අපි අතර නිතැනින්ම උගැන්ම සදහා තරගයක් ඇතිවිය. මෙය මිශ්‍ර පාසැල් වල හොද ප්‍රවනතාවයකි.
       සුනිල් කොහොමත් කැපී පෙනීමට කැමති උගැන්මටද දක්ශ ලමයෙකි. ඔහු උදෙන්ම පැමිණ ගැහැනු ලමුන්ගෙන් ඇසුවේ " වී වේලිලාද" යනුවෙනි. කාටවත්ම මෙය වැටහුනේ නැත. මේ නිසා කෙල්ලෝ පන්ති භාර ගුරුවරයාට  පැමිණිලි කලේ "මේ ලමයා අපෙන් වී වේලිලාද" යනුවෙන් අසන බවයි. ගුරුවරයා වේවැලද රැගෙන එහි අරුත පසැදලීමට සූදානම් විය.
        වී යනු බැතත්, වේලිලාද යනු හිදිලාද යනුවෙනුත් කියැවිණි. බැත හිදිලද, හිත බැදිලද යනුවෙන් කාටත් තුන් තේරවිල්ල පැහැදිලි විය. මී ලන්ගට මාවෙත හැරුනු ගුරුවරයා  ප්‍රේමරත්න ගිහින් අර පෙරුම්කායම් ගද ගහන බැල්ලි අරන් වරෙන් කීය. පාසැලේ ලොම් හැලුනු කට්ට කාපු ගද ගහන බැල්ලියක විය. මම මහත් අපුලෙන් කොහු ලණුවකින් ඇයව ගැටගසා ගෙන ආවෙමි. දැන් කාටත් ඊලන්ගට වෙන්නට යන දේ පැහැදිලි විය. සුනිල්ට බැල්ලිය ඔසවා ඩෙස්ක් එක මත තබා ගැනීමට අණ කෙරිණ. ඊලන්ගට 100 වරක් හිසේ සිට වලිගය තෙක් පිට පිරිමැද වී වේලිලාද යනුවෙන් බැල්ල විමසීමට ඔහුට සිදු විය. ගැහැණු ලමයින්ට මෙය මහත් සිනාවට කරුණක් වූයේ ඔවුන් එපමණට සුනිල් සමග මේ ගැන උරණ වී සිටි බැවිනි. බැල්ලගේ කසන පිට පිරිමදිනවිට ඌට මහත් අස්වැසිල්ලක් වූයෙන් වී වේලිලාද අසන හැම වරකදීම ඇය සුනිල් දෙස බලා ස්තුති පූර්වක බැල්මකින්  සංග්‍රහ කලාය. අහල පහල පන්ති වලින්ද මහත් සිනා ඇසින. වී වේලිලාද??????

Comments

Popular posts from this blog

මුත්‍රා ගල් (Urinary Calculi)

දෙමාපියන් ගැන.......