තීරණ ගැනීම
තීරණ ගැනීම ජීවිතයේ අත්‍යාවශ්‍ය අංගයකි. ඔබ කැමති වුවද අකැමැති වුවද ජීවිතයේ තීරණ ගැනීමට සිදුවේ. තීරණ ගන්නේ අපට ඇතිවන ගැටළු නිරාකරණය කර ගැනීමටයි. හරි තීරණ ගැනීමෙන් ඒවා විසදෙන අතර වැරදි තීරණ ගැනීමෙන් ඒවා තවත් සංකීර්ණ වේ. තීරණ ගැනීමට පෙර ඒගැන වන සියලු තොරතුරු රැස්කල යුතුය. ඒවා විශ්ලේෂණය කර බැලිය යුතුය. දැනමිතියන්ගෙන් ඒ ගැන විමසා බැලිය යුතුය. ඔවුන්ගේ උපදෙස් සළකා බැලිය යුතුය. තීරණ විවිධයි. ආතතිය හා ආවේගය නිසා අපි හදිසි තීරණ වලට පනිමු. ඒවා බොහෝ විට දෝෂ සහිත වේ. ඇත්තෙන්ම ආතතිය හා ආවේගය අපේ නිවැරදි තීරණ ගැනීමේ හැකියාව නැතිකර දමයි. අප වෙනත් අයට අප ගැන තීරණ ගැනීමට පවරමු. වෙනත් අය ගතයුතු තීරණ ගැනීම අපි පවරා ගනිමු. ආවාහ විවාහ වැනි ගතයුතුම තීරණ ඔහේ කල් දා සිටිමු. නමුත් අවශ්‍ය වන්නේ නිසි වෙලාවට නිසි තීරණ ගැනීමයි. මාවිල් ආරු වැසූ අවස්ථාවේදී අපි එවැනි කාලීන තීරණයක් ගෙන ත්‍රස්තවාදීන් පරාජය කලෙමු. තීරණ ගැනීමෙන් පසු එහි විපාකවල වගකීම අප දැරිය යුතුය.
අපට ඇති ගැටළුව පළමුව විමසා බැලිය යුතුය. එය විසදීමට ඇති සියලු විකල්ප සලකා බැලිය යුතුය. එයිනුත් වඩාත් ප්‍රයෝගික, නීත්‍යානුකූල, හර පද්ධතියට අනුකූල විකල්පය තෝරා ගතයුතුයි. ඉන්පසු එය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය වැඩ සටහනක් (Program) පිලියෙල කල යුතුය. එය අනුපිළිවෙලට ක්‍රියාත්මක කල යුතුය. එයින් ප්‍රශ්ණය විසදුනේදැයි සොයා බැලිය යුතුය. නොවිසදුනේ නම් තවත් විකල්පයක් තෝරාගෙන පළමු පරිදි ක්‍රියාත්මක විය යුතුය.
කිසිම විටෙක අපි පූර්ණ සුදු හෝ කළු චරිත නොවේ. එහි සම්මිශ්‍රණයකි. මේ නිසා අපට ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, දුක, විඩාව දැනේ. මේ හැගීම් අපව (Bias) නිර්පාක්ෂික බවෙන් ඈත්කරයි. මේ නිසා අර්ථ චර්‍යාව, සමානාත්මතාව, අපට වඩා නිවැරදි තීරණ ගැනීමට මග පෙන්වයි. එක් උදාහරණයක් ගනිමු. ඔබ සාඝික දානයක් දීමට ගියායයි සිතමු. බොහෝ අය බොහෝ දේ දීමට පොරොන්දු වේ. නමුත් අවසාන මොහොතේ ඒවා කඩවේ. එවිට ඔබේ සිතේ ඇති වන්නේ අලෝභය, අමෝහය, අද්වේශය නොව එහි විරුද්ධාර්තයයි. එවිට ඔබට ධර්මයේ පැවසෙන ආයු, වර්ණ, සැප, බල, නැනනුවණ ලැබේද? නැත, ඔබට ලැබෙන්නේ එහි විරුද්ධාර්තයයි. එනම් ඔබේ ආයුෂ කෙටිවේ. ඔබ විරූපීවේ. දුකට පීඩාවට ක්‍රෝධයට පත්වේ. සිත කය දුර්වල වේ. ඉතින් ඔබේ අරමුණ ඉටු වුනිද? දන්දී දුකෙන් අකාලයේ මැරීයයි. මේ නිසා තීරණ ගැනීමේදී සම්මා සති එනම් එලඹ සිටි සිහිය වැදගත්වේ.
මේ ගීතයේ, එන කාන්තාවට ඇති ප්‍රශ්නය නම්, විවාහක, තම පෙම්වතා ගෙන් වෙන්වීමට ඇති අපහසුවයි. ඇය ගීතය පුරාම කියන්නේ එයයි. දෝර ගලනතුරු කදුලු සලන්නම් මට ඔබ නොපෙනෙන සේ, මේ ඇගේ ආවේගයයි.නමුත් ඇයට මේ නිසා ඇතිවිය හැකි අනර්ථය වැලැක්වීමට නම් ඔහුගෙන් වෙන් විය යුතුමයි. අවජාතක දරුවන්, ආර්ථික දුෂ්කරතා, අවලාද, සමාජීය විරොධතා වැලැක්වීමට නම් මෙයින් වෙන්විය යුතුය. ඔහුට තම ජීවිතයේ වටිනාම දෑ වූ ආදරය දී අපහාස විදින්නේ ඇයි? මේ නිසා අවසානයේ ඇය කියා සිටින්නේ අසම්මතේ පෙම්වතුන් නොවෙමු අපි වරදට වහල් වෙවී, කියාය!
https://youtu.be/3QARzqw5SUw
Comments
Post a Comment