විශ්ලේෂණය .

විශ්ලේෂණය යනු යමක් ගැන ගැඹුරින් හදාරා අවබෝධ කර ගැනීමයි. යම් රැවටීමකට හසු නොවී සිටීමයි. විචාර හා විවේක බුද්ධියයි. යමක් සිදුවීමට ඇති නියම සම්භාවීතාව අවබෝධ කර ගැනීමයි. නොපෙනෙන බලවේග විශ්වාස කර කටයුතු නොකිරීමයි. සෑම සිද්ධියක්ම වීමට හෝ නොවීමට 50% ක ඉඩකඩක් ඇති බව සිතීමයි.
          බුදුන් වහන්සේ ඇසටු බෝධියකට පිටදී බුදුබව අවබෝධ කරගත් බැවින් එයට කෙළෙහිගුන දැක්වීමට සතියක් එදෙස බලාගෙන අනිමිසලෝචන පූජාවක් කලේය. එතැනදී උන්වහන්සේ සියලු ක්ලේශයන් නිහීන කලෝය. අප දැන් බෝධියට පූජා පවත්වමින් සියළු ලෛකික දේවල් අයැද සිටිමු. මෙලොව සියළු දෑ නැතිවන සුළුය. අටලෝ දහම අනුව හැසිරේ. එය චක්‍රානුකූලව ගමන් කෙරේ. දුක, සැප, ලාභ, පාඩු වශයෙන් හැසිරේ. මේ බව දත් අප දෙවියන්ගෙන් සියලු දේ ඉල්ලා සිටින්නේ ඇයි. කුමක් සදහාද? අපගේ ඇති අධික තණ්හාව නිසාය. කොපමණ ලැබුනත් සතුටක් නොමැත. බුදුන් මේවා, ලැබෙමින් නැතිවෙමින් යන බව කී විට අප දෙවියන්ට කියන්නේ බුදුබණ බොරු කොට මේ ලෛකිකව අපට වාසිදෑ ස්ථීරව අපට ලබාදී අපට අවාසිදෑ නොලැබෙන ලෙස සලසා දෙන ලෙසටය. බුදුබණ අනුව කියවෙන්නේ දෙවියන්ට පින් දහම් කල නොහැකි බැවින් අප ඒවා ඉටුකර දෙවියන්ට පින් දෙන ලෙසයි. අප රැකීම හෝ නොරැකීම දෙවියන්ගේ වැඩකි. නමුත් දැන් බෞද්ධයෝ කරන්නේ වෙනත් ආගම් වල මිත්‍යා දෘෂ්ටික දෙවියන් යදිමින් අපව ආරක්ෂා කරන ලෙස කන්නලව් කිරීමයි. සම්‍යක් දෘෂ්ටික දෙවිවරුන්ට පින් දීමක්ද නොමැත. බෝධියේ, දරුවන්ගේ විභාග අංකය ලියූ කොඩි එල්ලමින්, දෙවියන්ට කන්නලව් කරමින් ඔවුන් විභාග වලින් ඉහලින් සමත් කර දෙන ලෙස අයැද සිටී. චෛත්‍ය වටා සිවුරු අන්දමින් ඒවායේ හෙලුව වසමින් සිටී. චෛත්‍ය  වටා ටොන් ගණනින් පලතුරු තැන්පත් කරමින් හාමුදුරු වරුන්ට නොයෙක් කීර්ති නාම ලබාදීමට වන්දි භට්ටකම් කරමින් සිටී. මේ පළතුරු තොග කිසිවෙකුට ප්‍රයෝජනයක් නොමැතිව තැලී කුණුවී යයි. අපට ඉගැන්වූයේ "තම හිසට තම අතමය සෙවනැල්ල" කියා ස්ව ශක්තිය මත විශ්වාසය තබන මෙනි. දෙවියන්ට විභාග සමත් කර දිය හැකිද? කන්නලව් කරවන කපුවාද ඔවුන්ගේ දරුවන්ද ප්‍රසිද්ධ විභාග අසමත්‍ වේ. එම කන්නලව් බලවත් නම් එසේ විය හැකිද? 70% ක් පොලී ගෙවන බව කීවිට අප සක්විති නම් ලෝක කැසිනෝ හොරා ලග කෝටි ගනන් මුදල් තැන්පත් කර පාඩු වින්දෙමු. ඔහු අවංක නම් සියලු බැංකු වසා එම මුදල් ඔහු ලග තැන්පත් කරනු ඇත. මන්ද එවැනි ඉහල පොලියක් ලෝකයේ කොහේවත් ගෙවන්නේ නැත.
https://youtu.be/AgtsnqFTkAE

Comments

Popular posts from this blog

මුත්‍රා ගල් (Urinary Calculi)

දෙමාපියන් ගැන.......