හොද හිත නුඹෙ තරම් ලොවකින් ලබන්නද?
දෙමස්සිනෝ දෙන්නා කැලෑ වාඩියක පට්ටලයක ලී ඉරති. එක් කෙල්ලක් කෙරේ දෙදෙනාගේම සිත ඇදී ගොස් විරසකයකි. මොවුන් වැඩ නොකලොත් දෙදෙනාගේම රැකියාව අහිමිවී ජීවත්වීම උගහටවේ. නුපුරුදු කෙනෙකු සමග බන්ඩි කියතෙන් ලී ඉරිය නොහැක. පලමු පෙම අත් හැරීමටද නොහැක. නමුත් එක් අයෙකු අනෙකා මරා හෝ ඇය අත්පත් කර ගැනීමට වෙහෙසෙද්දී, අනෙකා කියන්නේ "පෙම්දම් නිසා මිතුදම් සිද දමන්නද, හොද හිත නුඹෙ තරම් ලොවකින් ලබන්නද" කියාය. ගීතය තුල කවිය මොන තරම් ප්‍රබලව අදහස් තීව්‍ර කරත්ද?
සබදතා බිද වැටෙද්දී අපට මතක් වන්නේම අනෙකාගේ නුගුනයි. හොද කිසිත් නොතිබුනා සේය. සැමියා බිරිද අතර වුවත් තත්වය එසේමය. දෙදෙනා පණිවිඩ යවන්නේ ලමුන් අතේය. නැත්නම් බිත්තියට පණිවිඩ කියයි. ගැටුම් නිරාකරණය කිරීමට නම් දෙපාර්ශවයම එකිනෙකා හා සාකච්චා කල යුතුමය. සාදාරණම හේතු මත කරන යුද්ධයට වඩා අසාධාරණම හේතු මත එළඹෙන සාමය වටී!
Comments
Post a Comment