රෝහලේ රස කතා
බී. ඩී. සිල්වාගේ රසකතා
මා ගාල්ල මහ රෝහලේ සේවය කරද්දී ඔහු මට හමුවූ වෛද්‍ය ශිෂ්‍යයෙකු විය. පිග්මියෙකු බදු හැඩයක් ගත් ඔහු අහිංසක කතා කීමට රුසියෙකි. ඔහුගේ ගම බලපිටිය වූ බැවින් බොහෝ රෝගී නෑයින් රැගෙන ඔහු විශේෂනග්යින් හමු විය. දවසක් වෛද්‍ය පනාගමුව මහතාට පෙන්වීමට ඔහු රෝගියකු රැගෙන ආවේය. ඔහු සිල්වාගෙන් ඇසුවේ මේ කවුද කියාය. "මේ මගේ සීයා" සිල්වා කීය. එවිට පනාගමුව මහතා මෙසේ කීය. "I say Silva today you must declare, how many aunties, uncles, brothers, sisters, grand mothers & grand fathers you have at Balapitiya." එවිට අහින්සකව පනාගමුව මහතා දෙස බැලූ සිල්වා මෙසේ කීය. "Sir, when I go home, they blagard me for not helping them in hospital. When I come here with them you blagard me for troubling you! I am like an aricanut!" කියා ඔහු අතින් යමක් සන් කලේය. ඔහු හස්ත මුද්‍රාවෙන් පෙන්වූයේ ගිරයකින් පුවක් ගෙඩියක් කපන ආකරයයි ! ඔහුට කියන්නට අවශ්‍ය වූයේ "I am like an aricanut caught in aricanut cutter" කියාය. නමුත් හදිසියට ඔහුට ඒ සදහා අවශ්‍ය වචන අමුණා ගැනීමට නොහැකි විය. තාමත් මම ගිරයට කියන තනි ඉංග්‍රීසි වචනයක් සොයමි!
අවාසනාවකට මෙන් මීට අවුරුදු කීපයකට පෙර ඔහු කුරුණෑගල මහ රෝහලේ සේවය කරද්දී හදිසියේම මෙන් අභාවප්‍රාප්ත විය. හිත හොද, දානයටද ඉතා ලැදිව සිටි ඔහු ගැන භක්තියෙන් මම මේ කතාව ලිව්වෙමි. ඔහු මගේ බිරිදගේද කණ්ඩායම් සගයෙකි විය.
Comments
Post a Comment