අවාසනාවන්ත සිදුවීමක්!
මාගේ හද සසළ කල ඒ මැදිවියේ කාන්තාව අවුරුදු 7ක් පමණවූ දියණිය සමග රෝහලේ උපදේශන කාමරයට ඇතුල් වූවාය. ආගිය තොරතුරු කතා කිරීමෙන් පසු ඇය කීවේ " මේ මගේ තාත්තාගෙන් උපන් දුව! එයාගේ මොකුත් විකෘති එහෙම පේනවාද?" ඇසීය. ඊලග පැයේ මම ඇයගේ ශෝචනීය කතාවට ඇහුම්කන් දුනිමි.
තරුණ විශ්ව විද්‍යාල සිසුවියක එම ශිෂ්‍යයෙක් සමග ආදරයෙන් බැදී ගැබිණියක් බවට පත්විය. ඔහුට එම ගැබ නැති කිරීමට අවශ්‍ය වුවද, ඇය ගැබද රැකගෙන දැරණියගල නෑදෑයෙකු වෙත පලා ගියාය. දරුවා ලැබීමෙන් පසු ඇය විශ්ව විද්යාල අධ්‍යාපනය සම්පූර්ණ කර ගුරු පත්වීමක් ලැබ හිගුරක්ගොඩ පාසැලකට ගියාය. පුදුමයට මෙන් ඇයගේ පැරණි පෙම්වතාද එම පාසැලේ ගුරුවරයෙකුව සේවය කල අතර පසුව දෙදෙනා විවාහවී රුවන්වැල්ල ප්‍රදේශයේ පදිංචියට පැමිණියද ඇයගේ විවාහයට පෙර ලැබුණු දැරිය ඔවුන් වෙතට ගෙනඒම උවමනාවෙන්ම අතපසු කලාය. මව විවාහික බව දැනගත් ඇය තමාව රැගෙන යනමෙන් නොයෙක්වර මවට ඇවිටිලි කලාය. දැරණියගල ඇය ගතකලේ ඉතා දුක්ඛිත මෙහෙකාර ජීවිතයකි. නමුත් පාසැල් අධ්‍යාපනය ලැබීය. හදිසියේ මව ඔත්පල වූයෙන් පියා දැරණියගල ගොස් මේ දැරිය කැදවාගෙන ආවේ මවට උවටැන් කිරීමටමය. මේවන විට ඔවුන්ට තවත් දරුවෙකු ලැබ සිටියාය. 17 හැවිරිදි ඇයට මව ගැන වූයේ දැඩි වෛරයකි. මව බෙලහීනව සිටියෙන් ඇයගේ පළි ගැනීමේ චේතනාව දැඩිවී, උවමනාවෙන්ම පියාව ලිංගික කටයුතු සදහා පොළඹවා ගත්තාය. ඒ අතරේදී මව අවුරුදු 40න් මියගියාය. පියා කලබලයෙන් දුවට සැමියෙකු සොයාදුන් නමුත් ඒ වනවිටද ඇය ගැබ්ගෙන තිබුනි. ඇයගේ සැමියා මේ ගැන නොදත් මෝඩ මිනිසෙක් වූයෙන් කිසිදු ප්‍රශ්ණයක් ඇති නොවීය. මේ මට පෙන්වූයේ එම පියාට දාව උපන් දැරියයි.
ඇයට ස්වීප් ටිකට් පතක්ද ඇදුනෙන් දැන් සුවපහසුව ජීවත් වන්නීය. සැමියාට ලොරියක්ද රැගෙනදී තමාටද අළුත් මෝටර් රථයක් මිළදී ගෙන ඇය හොදින් ජීවත්වේ. දැන් පියා ගැන සිතෙන්නේ කුමක්ද මම ඇයගෙන් ඇසීමි. දැන් මට ඔහු ගැනත් තරහයි, ඇය කීවාය. තාමත් ඇය මවට වෛර කරන්නේ තමාව පව්ලට වැද්දා නොගෙන මෙහෙකාර කමේ තැබීම නිසාය. මව ඇයව පවුලට වැද්දා නොගත්තේ පරණ ඇට සැකිලි සගවා ගැනීම පිණිසවිය හැක.තමන් අකැමති සංසිද්ධියක් නැවත නැවත සිදුවන විට යමෙකුට දැඩි වෛරයක් ඇතිවිය හැක. තමාව ගෙදර රැගෙන යනමෙන් ඇය කී වාරයක් මවට ඇවිටිලි කරන්නට ඇත්ද? තමාට මහත් පීඩා ගෙන දුන් මේ දැරිය ගැනද ඇයටද තරහක් තිබෙන්නට ඇත. දත් බෙහෙත් ටියුබය මැදින් මිරිකනවා යයි බිරිදක් සැමියාව දික්කසාද කලා.
Comments
Post a Comment