මෛථූන්‍යය
මෛථූන්‍යය භාවනාවක් ලෙස.....
බොහෝ යුවල් ලිංගික ජීවිතයේදී බොහෝ ආවේගශීලි වේ. මේ නිසාම ඔවුන්ට එය විදිය හැකි කාලය ඉතා කෙටිවේ. එය ඔවුන්ගේ පවුල් ජීවිතයටද අහිතකර ලෙස බලපායි.
ලිංගිකත්වයට බලපාන ස්වයංක්‍රීය ස්නායු පද්ධති දෙකකි. අනුවේගී (Sympathetic) හා ප්‍රත්‍යානුවේගී (Parasympathetic) යනු එම පද්ධති දෙකයි. මෙයින් ප්‍රත්‍යනුවේගී පද්ධතිය හිතකර ලෙස, ලිංගික ක්‍රියාව හොදින් කරගෙන යාමට බලපාන අතර, අනුවේගී පද්ධතිය ක්‍රියාත්මක වු විගස ධාතු මෝචනය වී ශිෂ්ණයේ ප්‍රාණවත් බව නැතිවේ. මෙයින් අපට වැටහෙන්නේ ප්‍රතායානුවේගී ක්‍රියාව ප්‍රමුඛව පවත්වාගෙන යාම දෙදෙනාට අවශ්‍ය තරම් ලිංගික ක්‍රියාව අඛණ්ඩව කරගෙන යාමට රුකුල් දෙන බවයි. ශෘංගාරය යනු මෙයයි. ස්ත්‍රිය ලිංගිකව අවදි වීමට (sexual arousal) දිගු කලක් ගන්නා අතර පුරුෂයා ඉක්මනින් අවදිවේ. මේ නිසා ලිංගික සුරතල් කිරීම (Forplay) ස්ත්‍රියගේ සතුටට බෙහෙවින් ඉවහල්වේ. මෙහිදී සිරුර අපව ඒ සදහා හොදින් සූදානම් කරයි. යෝනියේ ලිහිසි බව (Lubrication) ඇතිකර පුරුෂ ලිංගය හොදින් ප්‍රානවත් කර සතුට උපරිම කරයි. පරිසරයේ කඨෝර බව, රහසිගත බව නැතිවීම, අනවශ්‍ය හදිස්සිය, ආදරයක් නැතිවීම, කලබලවීම, සාර්ථක නොවේයයි ඇති සැකය, සබදතා පලුදුවී තිබීම, සැකය, අවිවේකය, ලිංගික රෝග ගැන ඇති බය යනාදිය අපව අසාර්ථක කරවයි. උපරිම සතුට ලැබීම වලකයි. මේ නිසා ඒවායින් මිදී හොද මානසිකත්වයකින් ලිංගික ක්‍රියාවලට අවතීර්ණ වන්න.
Comments
Post a Comment