හොද සබදතාවත් ගොඩනැගීම
අප යම් ගුරුහරු කමක් දරුවාට දෙන හැටි නොදනී. ඒ වෙලාවේ නැගෙන ආවේගය නිසා තරහෙන් යමක් දරුවාට කියද්දී පුංචි හිත රිදේ. අප මෙතන ඉන්නේ අපට ආදරයෙන් යමක් කියා දුන් එක් ගුරුවරයෙකු නිසාය. අපට තරවටු කර පහර දුන් අය නිසා නොවේ. මෙය අපේ දරුවන්ට ආදේශ නොකරන්නේ ඇයි?
මේ ගීතයේ උපමාවට ගන්නේ කවුරුත් අකමැති රාත්‍රී අදුරයි. නමුත් එයින් ලස්සන උපමේය මවා ඇත. එයයි නිර්මාණශීලිත්වය! අන්තිමට ජීවිතයට පාඩම් තුනක් කියාදේ. ඔබ අදුරට ආදරය කලහොත් හිරු සදු තෝරා නොගැනීම ගැන සමාජයට වගවීමට සිදුවේවි. පරිසරය ඔබට දුන්දේ නැවත පරිස්සම් කර දෙන්න. ඔබ මේ ලොවට ආදරේ නම් ලෝකයත් ඔබට ආදරේ කරාවි! පරිසරය ගැන කරනා අගැයුම බලන්න. සේපාලිකා මල් බිමට බැහැලා ඇවිදින්න යන වෙලාවයි, නිල් තාරුකා බිම බලාගෙන වැව් දියට පෙම් බැදි වෙලාවයි, මේ පොලව කොපමණ සුන්දරද, මගෙ දූත් තනියම සිනාසෙයි. අන්තිමේදී දරුවා තුල සුන්දරත්වය ඇතිකර තම ආදරයද පෙන්වයි.
දරුවන්ගේ පෙම් සබදතා, විභාග ප්‍රතිපල වලදී අපි ඔවුන්ව නිර්දය ලෙස විවේචනය කරමු. ඔවුන්ව මනසින් අත් හැර දමමු. නමුත් ඒ ඔවුන්ට අපිව අතාවශ්‍ය වේලාවයි. නැත්නම් ඔවුන් සමාජයේ විෂම බලවේග වල ගොදුරු බවට පත්වෙනු ඇත. දරුවාට සැබෑ ආදරයෙන් සතර සංග්‍රහ වස්තු අනුව සලකන්න. හොද සබදතා ගොඩ නගන්න.
Comments
Post a Comment