කෑම කැවීමේ අනවරත අරගලය !
හුගක් මව්වරුන්ගේ පැමිණිල්ල වන්නේ දරුවාට කෑම කැවීමට ඇති අපහසුවයි. පළමුව අවබෝධ කර ගත යුත්තේ අපගේ ආමාශය තරම් දරුවන්ගේ ආමාශය විශාල නොවන බවයි. වරකට ඔවුන්ට දරා ගත හැකි කෑම ප්‍රමාණය අඩු බවයි. එමෙන්ම එම කෑම ප්‍රමාණය දිරවූ පසු ඔවුන්ට නැවත බඩගිනි වන බවයි. මෙය අවබෝධ කර නොගත් මව පුරා බත් පිගානක්ම එකවර දරුවාට කැවීමට මහන්සි ගනී. මෙය දරුවාට මොන තරම් වදයක්ද?
කෑම පිරිය ජනිත වීමට සාධක කීපයක් සපිරිය යුතුය. කෑම වල සුවද නාසයට දැනීම, බඩගිනි බව, ඉවූ විගස කෑම වලින් දැනෙන සුවද (Aroma), කෑම ශීතල වීමට පෙර විගසින් කැවීම, කෑමවල අඩංගු විය යුතු කුළුබඩු ප්‍රමාණය යනාදියයි.
මේවා සපිරෙන තෙක් දරුවා ස්ව කැමැත්තෙන් කෑම කාවි යයි සිතිය නොහැක. ඊලගට දරුවාට බලෙන් කෑම කැවීමට මව පෙළඹේ. පැය ගානක් තිස්සේ මෙය සිදුවේ.
කොලෙස්ටෙරෝල් අඩංගු ආහාර පිසින විට කොහොමත් සුවදය. දරුවාට මෙහි වාසිය රැගෙන නොදෙන්නේ ඇයි? නිකම් බත් කවනවා වෙනුවට බිත්තරයක් scrumble කර බත් එහි තෙම්පරාදු කර නොදෙන්නේ ඇයි? රතු ලූනු, සුදුලූනු, රම්පෙ, කරපිංචා, අබ, මිරිස් ටිකක්, සියඹලා, දෙහි, කරාබු නැටි, වසාවාසි වැනි කුළුබඩු, curry powder භාවිතා නොකරන්නේ ඇයි? මෙහි වාසිය දරුවාට ගෙන දෙන්න! නැවත බඩගිනි වූ විට අමතර ආහාර වේලක් නැවත ලබාදෙන්න.
Comments
Post a Comment