විවාහයේ අභියෝග

විවාහය බිද වැටීම.

        විවාහය ගැන තරම් විනෝද කතා වෙන කිසිම තැනකදී සදහන් නොවේ. විවාහය අමු අඹයක් වැනිය. කෑවෝ දත් හිරිවැටී අසතුටින් බලා සිටිති. විවාහකයින් දෙස බලා සිටින්නෝ කටේ කෙල හලමින් සිටිති. හදිසියේම විවාහ වන්නෝ, නිස්කලංකව ලතවෙති.
       හුදු ලිංගිකත්වය සදහාම විවාහ වන්නන්ට ඉක්මණින්ම විවාහය තිත්තවේ. ප්‍රජනනය කර දරුවන් වැදීම සදහා විවාහ වූවන්ට, එය සපිරුනු පසු ටික කලකින් විවාහය එපාවේ. ආදරය පදනම්වී විවාහ වුවන්ට ආදරය වියැකුනු පසු විවාහය එපාවේ. සම්බන්ධතා පලුදු වූ විවාහකයින්ට එය උරචක්‍ර මාලාවකි.නමුත් තිත්ත බෙහෙත් බිව් ගොලුවන්සේ නිශ්ශබ්ධව සිටිති.
   යමෙකුට අනුකම්පා කර විවාහ වීම අනුවණ කමකි. තමාට වඩා පහළ සමාජ ආර්ථික ස්ථරයක වූ  කෙනෙක් හා විවාහ වූවිට මෙය කැපී පෙනේ. මේ විවාහය නිසා ඔහුට හෝ ඇයට විශාල සමාජ තත්වයක් ලැබේ. මේ නිසා ඔවුන් උඩගු විය හැක. තමාට ලැබුණු ඉහළ සිවිල් තත්වය උපරිමයෙන් භාවිතා කර අනෙකාව පෙලීම සිදුවිය හැක. මෙයින්ම ඇය හෝ ඔහු කෙරෙහි වූ අනුකම්පාව අවසන්වේ. ඒ සමගම ආදරය වෛරයක් බවට පත්වේ. "එනකොට එන්නේ තුත්තිරි ගස් අල්ලා අල්ලා, යනකොට යන්නේ දම්වැල්  කඩා ගෙන" යනුවෙන් මෙය ජනවහරේ භාවිතා වේ.
           විවාහයෙන් පසු දරුවන් ලැබී ගෙදර වගකීම්, රැකියාවේ වගකීම්, ආර්ථික අපහසුතා, මුල් පවුල් වල ලගම නෑයින්ගේ අවශ්‍යතා යනාදියෙන් හෙම්බත්වූ අයට විවාහයේ ශෘංගාරය  අමතකවේ. පෙර කිව් ආදර කතා අමතකවේ. හුදු යාන්ත්‍රික ජීවිතයකට පිවිසේ. විවාහයේ රාජකාරි කතා (Official talks) වලට පමණක් සියලු කතා සීමාවේ. ස්ත්‍රියට සතුට සදහා රොමෑන්ස් කතා අත්‍යාවශ්‍ය වේ. ඒවා නොමැතිවිට ජීවිතය නීරසවේ. එවැනි විට තවත් පිරිමියෙකුව සිත සොයයි, හමුවූ විට දැඩි ආලයෙන් බැදේ. එය සමබර කර ගැනීමට නොහැකිව පවුල් දිවිය කඩා වැටේ. නැතහොත් තම පුරුෂයාට එය හසුවී දික්කසාදයකට දොරටුව විවුර්ත වේ. ගැහැණිය ඉක්මණින් පිරිමියාට සමාව දුන්නද පිරිමියා එසේ නොකරයි. මෙය අවාසනාවන්ත තත්වයකි. පවුල් දිවිය අවාසනාවන්ත ලෙස අවසන්වේ. පිරිමියාට තරම් සමබරව ගැහැණියට අනියම් ආදරය පවත්වා ගෙනයා නොහැක. මන්ද එය ඇයගේ මුළු ජීවිතයම වන බැවිනි. පිරිමියාට එය ජීවිතයෙන් කොටසක් පමණි.
    විවාහයේ සැම අවධියකදීම Romance අවශ්‍යවේ. එය කුටුම්බයෙහි දෙදෙනාටම හොද මානසික පෝෂණයකි. එකෙකු අනෙකාව යටපත් කිරීමෙන් මෙය අවසන්වේ. අන්‍යොන්‍ය ගව්රවය හා සැලකිල්ල එයට විසදුමයි. ජීවිතය සරල වූ තරමටම ආදරය කිරීම පහසුය. සමහරු විහින්ම සංකීර්ණ වේ. සීරියස් වේ. මෙය හානිකරවේ. දෙදෙනාටම මානසික විවේකය අවශ්‍යවේ. දැඩි ආදරය නිසා අනෙකාව තදින් බැද ගැනීමට යාමෙන් මේ නිදහස නොලැබී යයි. සැකය දෙදෙනාගේම සිත් පෙලයි. බිරිදගේ නෑයින් හා සැමියාගේ නෑයින් ලෙස, තමාගේ හා අනෙකාගේ මුදල් ලෙස, වඩා ආත්මාර්ථකාමීව සිතීමට යාමෙන් සම්බන්ධතා බිදවැටේ. මෙනයින්ම ලිංගික සතුටද බිදවැටේ.
    මේ නිසා සාර්ථක විවාහ ජීවිතයක් යනු නියම ජීවිත අභියෝගයකි.

Comments

Popular posts from this blog

මුත්‍රා ගල් (Urinary Calculi)

දෙමාපියන් ගැන.......