සියල්ලට සිත මුල්වේ.
ඔබේ සිත හදා ගැනීමට හැකි නම් කල නොහැකි දෙයක් නැත. මීට කලකට පෙර මගෙන් ප්‍රතිකාර සදහා පැමිණ යුවලක් මගේ මතකයට නැගේ. සැම විටම ඔවුන් පැමිණියේ තවත් තරුණ පිරිමියෙකු සමගයි. දරුවන් දෙදෙනෙකුද ඔවුන් සමග විය. බිරිය තරුණ විය.
මා සමග ඔවුන් මිතුරු වූ පසු තලතුනා සැමියාගෙන් එම තරුණයා ගැන විමසුවෙමි. ඒ ඔහුගේ දරුවන්ගේ පියා බව මා පුදුමයට පත් කරවමින් ඔහු කීවේය. තව දුරටත් ඒ ගැන විමසීමේදී සංවේදී කතාවක් හෙලිදරව් විය.
තරුණ දෙදෙනා කලින් පෙම්වතුන් විය. ඔහු මැද පෙරදිග විසි වසරක් සේවය කර විශාල මුදලක් උපයා ගෙන මෙරටට පැමිණ තරුණ කතක් විවාහ කර ගෙන තිබේ. නමුත් මදුසමයේදීය ඔහුට වැටහුනේ තමාගේ ලිංගික බෙලහීන බව. දෙදෙනා මේ ගැන සාකච්චා කිරීමේදී හෙලිදරව් වූයේ මැයගේ දෙමාපියන් දුප්පත් හා ණය බරින් මිරිකී සිටි බැවින් පොහොසත් මෙම මැදිවියේ තැනැත්තා විවාහ කර ගැනීමට ඇයට බලකර සිටි බවයි. ඒ වනවිට මේ තරුණයා ඇයගේ පෙම්වතා විය. ඇය දෙමාපියන් ණය බරින් මුදා ගැනීමට මොහු හා විවාහ වීමට කැමති වූයේ අකැමැත්තෙන් පෙම්වතා අමතක කරමිනි.
ඔහු මේ කතාව දැනගත් විගස මදු සමයෙන් පසු තරුණිය සමග ගොස් ඔහු හමුවී ඇය තවමත් කන්‍යාවියක් බැවින් ඇය සමග ජීවත් වීමට කැමතිදැයි විමසීය. තරුණයා එයට කැමති වී ඔවුන්ගේ රියදුරා ලෙස ඔවුන් හා එක්විය. නමුත් සැබවින්ම ඔවුන් ජීවත් වන්නේ අඹු සැමියන් ලෙසයි.
දැන් ඔවුන් තිදෙනාම එක පවුලක් ලෙස සතුටින් ජීවත් වේ. සිතට කළ නොහැකි දෙයක් වේද?
Comments
Post a Comment