සිත් කියවීම.
අනෙකාගේ සිතේ ඇති දේ කියවිය හැකි නම් අපට සාක්ෂාත් කරගත හැකිදේ අපමණය. රූපවාහිනී දැන්වීමක තේමාව වූයේ අනෙකාගේ සිත කියවීමයි. අනේක මහන්සියෙන් රෙදි හෝදන බිරිද වෙත ගොස් සැමියා විමසන්නේ " washing machine එකක් වත් ගමුද කියාය. ඇය වින්දින කරදරය අවබෝධ කර නොගන්නා සැමියා ගැන ඇතිවන්නේ තරහකි. ඇය "නැහැ ඕනෙ නැහැ" කියා නුරුස්නාවෙන් ඉවත බලයි. කෑම මේසයට කෑම එන්නේ පියාඹාගෙනය. "අවුල්ද" ඔහු විමසයි. නැත, නුරුස්නා පිළිතුරකි. යථාවබෝධය ගෙන එන්නේ පියාය. "ගැහැණු කවද්ද හිතේ තියෙන දේ කියන්නේ". සැමියාට සියල්ල අවබෝධවී washing machine එකක් ගෙදර ගෙනැවිත් ඇයගේ ඇස් වසා රැගෙනවිත් ඇස් විවර කර පෙන්වයි. ඇය අසන පළමු පැනය " ආහ් ඔයා මගේ හිත කියෙව්වා නේද" කියාය. අනුන්ගේ හිත් කියවිය හැකිනම් අපට හොද මිනිස් සබදතා පහසුවෙන් ඇති කර ගත හැක.
Comments
Post a Comment