රාළහාමිගේ මහ බොරු!

රාළහාමිගේ බොරු:-
         රාළහාමි මීට වසර 50 කට පමණ පෙර ගම්පහ සිටි අසමසම චරිතයකි. ඔහු කිසිවෙකුට  පරාජය වී නැත. තාමත් එම බොරු කතා මගේ මතකයේ රැදී ඇත.
        ඔහු දෙවියන්  නිතර  විවේචනය කරන  බැවින්  ඔහු සමග අමණාපය. දිනක් ඔහුගේ  Triumph මෝටර්  සයිකලයෙන් බිබිල  බලා පිටත් විය. බකමූන හරියේදී සුදු ඇතෙක් ඔහුගේ සයිකලය ලුහු බැදීමට විය. හොද වෙලාවට වයි හන්දියක් ඉදිරියේ  විය.  ඔහු දකුණට  සිග්නල් දමා වමට හැරී ගියේය , මන්දයත් ඇතාට වමට හැරීමට  අසීරුය. දැන් ඔහු නවාතැනේ සිට පයින් වගා ඉඩමට යන ගමන්‍ හදිසියේම දැක්කේ අර සුදු ඇතා නැවතත් ඔහු පසුපස එළවන බවයි. ඔහු දෙපයට පින් දිදී දිව්වේය. ඇතා ලගම එයි. ගැලවීමක් නැති සේය. ඔහු තඩි ගලක් ගෙන ඇතාට ගැසීය. එය කටේ හිර උනේ කට ඇරගෙන ඇතා දිව් බැවිනි. නැවතත්  ඇතා පසුපසම එයි. ඔහු තවත් ගලක් ගෙන ගැසීය, එයද හක්කේ ගලේ වැදිනි. විශාල  ගිනි පුළිගුවක් හට ගත්තේය. ඇතා තෙල බැවින් වහා ගිනි ගත්තේය. දෙවියන්ගේ කරදර හමාර විය.

Comments

Popular posts from this blog

මුත්‍රා ගල් (Urinary Calculi)

දෙමාපියන් ගැන.......