අධ්‍යාත්මික ආදරය!
අධ්‍යාත්මික ආදරයක් ඇතිවන්නේ කෙලෙසද? අප රාගයට මුල්තැන දුනහොත් අපේ ආශාවන් සංතර්පණය වූ පසු ආදරය පෑල දොරින් පලා යනු ඇත. අධ්‍යාත්මික ආදරය ඇති වීමට බොහෝ සාධක බලපානු ඇත. " අනේ දැන් එයාට මම නැතුව වෙන කවුරු සලකන්නද? මෙහිදී ඇති වන්නේ අනුවේදනයයි. එයා පුලුවන් කාලේ දුකක් නොදී මාව බලා ගත්තා, දැන් එයාට බැරි කාලේ මන් සලකන්න ඕනේ! මේ අධ්‍යාත්මික ආදරයට තවත් ප්‍රවේශයකි. එයා මට රටක් වටින දරු දෙන්නෙක් දුන්නා, එයා ගොඩක් දුක් විදලා හම්බ කරලා අපිව රකින්නේ, පෝෂණය කරන්නේ! මේ හැම විටම නොදැනීම ඇතිවන්නේ අනුවේදනය වේ. එයා ඒකාලේ හරිම ලස්සනයි, මිනිස්සු එයා දිහා හැරි හැරී බලනවා දැන් ඔය දරුවෝ ලැබිලා වැහැරුනාට, මං අසනීප වුනු වෙලාවේ එයා පුදුම කැපවීමකින් මාව බලා ගත්තේ, මේ සැමියාට බිරිද ගැන අනුවේදනය කළ හැකි ආකාරයකි.
මගේ ලගට ප්‍රතිකාර සදහා පැමිණි මහළු යුවලකි. ඇය ඉතා ගව්රවයෙන් ඉවසීමෙන් ඔහුට උවටැන් කරන බව පෙනුණි. "ආච්චී තාමත් සීයට ගොඩක් ආදරෙයි නේද" මම ඇයට කවට කමක් කළෙමි. සීයාව වත්තන් කරගෙන එළියට ගොස් පුටුවක වාඩිකර ආපසු පැමිණි ඇය මෙසේ කීවාය. "දැන් ඔය අබල දුබල වෙලා හිටියාට උන්දෑ ඒ කාලේ ශක්තිවන්ත පුරුෂයා! හොද ගොවිරාළ! ගෑනු පෝලිමේ ආවේ උන්දැගෙ අත ගන්න. ඒ උනාට මාවයි මහත්තයෝ උන්දැ කරකාර බැන්දේ ඉතින් බැරි උනාම මං උන්දැව හොදට බලා ගන්න ඕනේ නේද?" මගේ දෑසට කදුලක් නැගුනි. මේ නේද අධ්‍යාත්මික ආදරේ!
මගේ ලොකු දුවගේ විවාහයට පෙර පොටෝ ඇල්බම් එක සදහා මුළු මුදලම ගෙවන මෙන් studio එකෙන් නියම කෙරිණ. සේවය ලබා දීමට පෙර මුළු මුදලම ගෙවිය යුත්තේ මන්ද? මම ප්‍රශ්න කළෙමි. " අනේ සර් දැන් ඇල්බම් එක ගන්න කට්ටිය එන්නේ නැහැ, තුන් මාසෙන් වෙන් වෙලා ගිහින්! ඉතින් අපිට අතින් පාඩුයි! චායාරූප ශාලා හිමියා මට කීය. ලක්ශ ගනන් pre shoot, wedding shoot, Album, ඇදුම් වලට බොරු ශෝබණ වියදම් කරමින් ගන්නා විවාහ උත්සවයේ ඉරනම මේකද? "ගියා ගත්තා ආවා!" දුරකථනයක් ප්‍රචාරය කිරීමට ගත් රූපවාහිනී දැන්වීමක් මට මතක් විය. දැන් කාලේ කසාද බදින්නෙත් එහෙමද? මට සිතුනි!
Comments
Post a Comment