අහංභාවය Ego.

අහංභාවය ---- Ego යනු තමා තුල ඇතිවන මනෝභාවයකි. මෙහි අවධි 3 ක් දක්නට ලැබේ. Id- ego, Ego & super ego යනුවෙන් ඒවා හැදින්වේ.
       Id ego යනු කෙනෙක් තුල තිරිසන් ස්වභාවයන් ඇති වීමයි. තමුන්ට හිතෙන සෑම සිතිවිල්ලක්ම ක්‍රියාවන් බවට පත් කිරීම මෙහි ඇති භයානක කමයි. ගැහැණියක් දුටු පමණින් ඇයව දූෂණය කිරීමට පියවර ගැනීම මෙවැනි අය තුල දක්නට ලැබේ. ඔවුනට ඒ පිළිබද නරක විපාක ගැන ඒ මොහොතේ සිහිපත් නොවේ. සිතූ සැමදේම ක්‍රියාවට නංවයි. මිනිසා තුල යක්ෂයා මතුවීම ලෙසද මෙය හැදින්විය හැක. මෙසේ වීමට හේතු බොහෝය. ස්වභාවයෙන්ම වනචාරී වීම, අධික නූගත්කම, මත් ද්‍රව්‍ය  වල බලපෑම, පලිගැනීමේ සිතුවිලි, අධික රාගික සිතුවිලි පාලනය කිරීමට බැරිවීම අධික ඊර්ෂ්‍යාව යනාදිය ගත හැක. ඔවුන් ආදරය ලෙස දකින්නේ හුදු ලිංගිකත්වයම පමණි. ශෘංගාරය  නොදකී. ඔවුන් තුල ස්වභාවයෙන්ම අවමාණයක් ( low self esteem) දක්නට ලැබේ. මොවුන් කරන බොහෝ අපරාධ වලට පෙර අවශ්‍ය  ධෛර්‍යය ගැනීමට මත්පැන් භාවිතා කරනු ලබයි. විනිසුරු සරත් අඹේපිටිය ඝාතනයේදී මෙය ඔප්පු විය.
        මධ්‍ය අහංභාවයේදී අප සාමාන්‍ය මිනිසුන් ලෙස හැසිරේ. ඊර්ෂ්‍යාව, මානය, තරහව, රෞද්‍රබව, තණ්හාව ආදී මිනිස් දුර්වලතා මද වශයෙන් දක්නට ලැබේ. නමුත් අප මෙහිදී වෑයම් කල යුත්තේ ඉන් එහාට සිත දියුණුු කර Super - ego තත්වයට යාමටයි. එම තත්වය වින්දනීය අවධියකි. මෛත්‍රිය, කරුණාව අවබෝධය, වරදට සමාව දීම, තෘප්තිමත් බව, තණ්හාව අඩු කර අත් හැරීම, ධාර්මික බව, විචාර බුද්ධිය, නොරැවටීම, තීක්ෂණ බව, ප්‍රහර්ෂය, ප්‍රසන්න බව යනාදී සියලු යහපත් ගුණ මෙහිදී භාවිතයට ගැනේ. මෙය දෙවියන් සමග ජීවත් වීම ලෙසද සැලකිය හැක. බෞද්ධ දර්ශනය තුල මෙය මාර්ග ඵල ලැබීම ලෙසද සැලකිය හැක.
මේ ගීතයද ඒ බව අපට පෙන්වයි!
https://youtu.be/AgW51heVAi0

Comments

Popular posts from this blog

මුත්‍රා ගල් (Urinary Calculi)

දෙමාපියන් ගැන.......