Morbid Jealousy.
morbid jealousy ( Othello syndrome)
dilusional jealousy. ව්‍යාදිමය ඊර්ෂ්‍යාව .
මෙය අප සමාජයේ මිනිසුන් අතර දක්නට ලැබෙන සංකීර්ණ ඊර්ෂ්‍යා පරවෂ හැගීමකි. බොහෝ විට පුරුෂයට එරෙහිව බිරිද තුලත්, බිරිදට එරෙහිව පුරුෂයා තුලත් දක්නට ලැබේ. මෙය වැරදි විශ්වාසයකි. තමාගේ සහචරයාට වෙනත් කෙනෙකු ආදරය කරතැයි තදින් විශ්වාස කරයි. නමුත් මෙය ඔප්පු කරගත නොහැකි තද සැකයකි. මේ නිසා බොහෝ ගැටුම් ඇතිවේ. පහරදීම්, විවිධ දඩුවම් දීම් දක්නට ලැබේ. මෙය මානසික රෝගයක් නොවූවද schizophrenia, personality disorders, anxiety වැනි රෝග වල ලක්ශණයක් ලෙස පෙන්වයි.
මෙහිදී තම සහකරුවාව (possession) තම අඩස්සියේ තබා ගැණීමට විවිධ උපක්‍රම කරයි. මේ නිසා අනෙකාගේ නිදහස තදින් සීමාවේ. එයට ප්‍රතිරෝධය දැක්වීම නිසා පහරදීම් නිසා විවිධ තුවාල සමග කාන්තාව රෝහල් ගතකිරීම් සිදුවේ. දැඩි මානසික ප්‍රතිකාර අවශ්‍ය වේ.
දැඩි ආදරයක් මෙහිදී දක්නට ලැබුනත් එය අනෙකාට මහත් හිංසනයක් වේ. ආදරේ කරන කාලයේ පෙම්වතාගේ දැඩි ආදරයට මෙන්ම හිංසනයට ලක්වන්නට පෙම්වතියට සිදුවේ. වෙනකෙකු සමග කතාව, සිනාසීම පවා තහනම් කෙරේ. මිනිසුන් වියපත් වීමේදී මෙම ඊර්ෂ්‍යාව වැඩිවේ. ඒ තමාගේ අබල දුබල කම් වැඩිවන නිසාය.
එක් අවස්ථාවකදී බිරිදගේ නෑයෙකු වන පිරිමියෙකු තම නිවසේ රාත්‍රී ලැගුම් ගැනීම නිසා, බිරිද පිළිබද තද සැකයෙන් සැමියා සාලයේ පුටු සියල්ල අමුත්තාගේ දොර ඉදිරියෙන් ගොඩ ගසා තැබීම නිසා ඔහු රාත්‍රියේ වැසිකිලි යාමට දොර හැරීමේදී පුටු ගොඩ පෙරලීම නිසා රෑ විශාල ශබ්ධයක් ඇතිවීමෙන් ඇහැරී බැලූ විට මෙය සැමියාගේ ක්‍රියාවක් ලෙස හෙලිදරව් වීමෙන් බිරිද මහත් අපහසුවට පත්විය.
https://youtu.be/UJOcDgDcD_U
Comments
Post a Comment