Professional jealousy.
Professional jealousy. වුර්තිමය ඊර්ෂ්‍යාව.
මෙය වැඩ කරන තැන, ගෙදර පවා දක්නට ලැබේ. තමාගේ දක්ෂතා ගැන විශ්වාසයක් නොමැතිවීම, අනුන්ගේ දක්ෂතා තමන්ට වඩා ඉහලින් යාම මෙයට හේතුවේ. මොවුන් හදුනා ගැනීම පහසුය. අනුන්ගේ ජයග්‍රහණ වලදී සුභ නොපතයි.දක්ෂතා අගය නොකරයි. ඔවුන්ට අංචි අදී. යටිකූට්ටු වැඩ කරයි. උගුල් අටවයි. මේවා දුටු කල තමන් වඩා උනන්දුවීම ඔවුන්ට හොද පහරකි. ලෙනින් වරෙක කීවේ සතුරා තමුන්ට පහර දෙන ආකාරයෙන්ම ඔවුන්ට කොපමණ රිදී ඇත්දැයි අවබෝධ කර ගන්නා ලෙසයි.
එකම වුර්තියේ යෙදී සිටින අඹු සැමියන් අතර පවා මෙය දක්නට ලැබේ. එකිනෙකාගේ දක්ෂතා අගැයීමක් නැතිකම, අන් අය ඉදිරියේ අනෙකාව විවේචනය කිරීම, hint යැවීම, හෙලා දැකීම පවා සිදු කෙරේ.
වරෙක මගේ තනතුර හා දක්ෂතා ඉවසීමට නොහැකිවූ වෛද්‍යවරයකු මුදලට මිලදී ගත් අයෙකු ලවා මගේ නිළ නිවාසය ඉදිරියේ අශෝභන ක්‍රියා කරවීමට පටන් ගති. මම කුලි කරුවාගෙන් කරුණු අසා ඔහුට රිදෙන්නට පහර කීපයක් දී පන්නා දැමුවෙමි. සිරෝසිස් රෝගියකු වූ මොහු මසකින් මිය ගියේය. ඉන්පසු ඔහු ප්‍රචාරය කලේ මගේ පහර දීමෙන් කුලී කරුවා මියගිය බවයි. මගේ රාජකාරි ආරක්ෂාවට වෙනත් වෛද්‍යවරයකු ලවා පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්විමි .එහිදීය හෙලිදරව් වූයේ බීමත්කම නිසා වැළදුනු සිරෝසියාවෙන් ඔහු මියගිය බව. ඉන් පසුවත් මොහුගේ චෝදනා අවසන් නොවීය.පොලිසියට පෙත්සම් යවමින්, මිනිය ගොඩ ගැනීමට පවා වෑයම් කලේය. බැරිම තැන වෙනත් වෛද්‍යවරයකු මාවෙත එවා මගේ පහර දීමෙන් ඔහු මියගිය බව මට පසක් කරවීමට තැත් කලේය. මම චෝදනා ප්‍රතික්ෂේප නොකළෙමි. මා පණිවිඩ කරුට කීවේ මා අංගම් සටන් දන්නා බැවින් එකවර මිය යාමට පහර නොදෙන බවත්, කලක් ගියපසු මිය යාමට ඇගේ නිළ වලට පහර දෙන බවත්, පණිවිඩ කරු හා ඔහුගේ ස්වාමියාටද ඉදිරියේදී එසේ පහර දීමට බලාපොරොත්තු වන බවත්ය.
එතැනින්ම බොරු තොරතුරු විකාශනය අවසන් විය. පසුව ඔහුට රජයේ රැකියාවද අහිමි වු අතර විවිධ, තම ගරුත්වයට නොගැලපෙන රැකියා කරමින් විශ්‍රාම වැටුපද අහිමිව, දරු පවුලෙන්ද වියෝවී අසරණව ජීවත්වේ. මම තවමත් ඔහුව ඇසුරු කරමි.
Comments
Post a Comment