මහ බොරු කාරයා 2
මහ බොරු කාරයාගේ කතා - 2.
මොහුගේ පුතාගේ මඟුල වෙනුවෙන් ආරාධනා පත් යවා ඇත්තේ අමුතුම ක්‍රමයකටය. "ලෝක සිතියම ගෙනෙං පුතා" කියා ඔහු එය මේසය මත එලා රටවල් අනුවයි ආරාධිතයින් තෝරාගෙන ඇත්තේ! එංගලන්තයෙන් රැජිනද, ඕස්ට්‍රේලියාවෙන් අගමැති මෙන්සීස්ද ආරාධිතයින් අතර විය. මෙසේ පැමිණි දකුණු අප්‍රිකාවේ එවකට ජනාධිපති වූ බෝතා මහතා මංගල යුවලට පිරිනමා ඇත්තේ දියමන්ති එබ්බවු පෙන්ඩන්ට් එකක් සහිත රන් මාලයකි.
එවකට ගම්පහ තිබූ, මුත්‍රා ගඳ ගහන ජයන්තා සිනමා ශාලාවට නව යුවල සිනමාවක් බැලීමට ගොස් ඇත. රාත්‍රී 9.30 දර්ශනය පටන් ගත් නමුත් රිදී තිරයට වැටුනු ආලෝක කදම්භයක් නිසා කාර්‍ය මංඩලයට සිනමාව ප්‍රදර්ශනය කිරීමට නොහැකිවිය. කාබන් ආර්ක් එකෙන් වැටුනු ආලෝකයට වඩා මෙම ආලෝකය ප්‍රභල විය. අන්තිමේදී පැහැදිලි වූයේ රාලහාමිගේ ලේලිගේ දියමන්ති පෙන්ඩන්ට් එකෙන් මෙම ආලෝකය නිකුත් වී ඇති බවයි. කළමණාකරු පැමිණ ගව්රව පූර්වකව ඇයට මේ බව සැලකර පෙන්ඩන්ට් එක හැට්ටය අස්සට දාගන්නා මෙන් ඉල්ලා ඇති අතර ඉන්පසුවය සිනමාව පෙන්වීමට හැකිවී ඇත්තේ!
ගර්භනී වූ ඇයට බබා ලැබීමට නියමිතවු විට රාලහාමි ලෝක සිතියම ගෙන හොඳම සාත්තු නිවාස ගැන පරීක්ෂා කර ඇත. මෙහිදී හෙළිදරව් වූයේ ඕස්ට්‍රේලියාවේ හොඳම ඒවා ඇති බවයි. පුතාට නිවාඩු ගැනීම උගහට වූයෙන් රාළහාමිම ලේලි සමග යාමට ඉදිරිපත් විය. මෙය රහසක් වශයෙන් තබාගැනීමට අවශ්‍ය වූයෙන් හිතවත් අගමැති මෙන්සීස්ට දුරකථනයෙන් කතා කල ඔහු මෙසේ කීය. "I say Raalahamy from Ceylon speaking! Find a good nursing home there & let me know. I am coming with my daughter in law. As I am an old man, coming with a young woman, keep this as a top secret!"
කෙසේ හෝ මෙන්සීස්ගේ ප්‍රමාද දෝෂයකින් මෙය විරුද්ධ පක්ෂයට දැන ගැනීමට හැකිවිය. ඔවුන් රජය අසීරුවට පත් කිරීම පිණිස, නියමිත දින විශාල පිලි ගැනීමේ උත්සවයක් සැලසුම් කර තිබිනි. රාලහාමි මේ කිසිත් නොදැන මෙල්බර්න් ගුවන් තොටුපලට ලේලිය සමග ගොඩ බසිද්දී දැක්කේ විශාල උත්සවයකි. මෙන්සීස් ඔවුන් පිළි ගැනීමට පියගැට පෙල අසලට ආවේය. ආවේගශීලී වූ රාලහාමි ඉදිරියට ගොස් ඔහුට කම්මුලට වැරෙන් පහරක් ගැසීය. "ඔහොමද මිනිහෝ යාලුවෙක් වැඩක් කිව්වම කරන්නේ ඇසීය. වහාම ගෙනෙන් ඇම්බියුලන්ස් එකක්!" කීය. ඉන්පසු "Welcome Raalahaamy from Ceylon" උත්සවයද භුක්ති විඳ රෝහලට යනවිට ලේලිව ලේබර් රූම් එකටද ගෙන තිබුනි!!
Comments
Post a Comment