වේදනාව !
වේදනාව.
අපට වේදනාව දැනෙන්නේ කෙසේද? සිරුරේ යම් තැනක යම් ප්‍රදාහයක් ඇත්නම්, ප්‍රොස්ටග්ලැන්ඩින් වැනි රසායනික සංයෝග ඉන් පිටවේ. වේදනාව දනවන ස්නායු මේ නිසා උද්දීපනය වී, මොළයට ආවේග ගෙනයයි. මෙම සංවේදන ස්නායු අපගේ ශරීර ඛණ්ඩ වල සිට කොදුඇට පෙල මැදින් දිවෙන සුෂුම්නාව දිගේ ඇති දිගු බන්ඩල් තුලින් මෙම ආවේග මොළයට ගෙනයයි.
චාලක ස්නායු මොළයේ සිට විවිධ ඉන්ද්‍රියයන්, මාංශ පේශි කරා ආවේග ගෙන යන නිසා ඒවායෙන් ලැබෙන නියෝග අනුව එම ඉන්ද්‍රියයන් ක්‍රියාත්මක වේ. චාලක හා සංවේදන ස්නායුද, අපි ඉන්නා ඉරියව් ගැන කියන censors & nerve tracks ද, ස්වයංක්‍රීය (Autonomous nerves system) ස්නායු වලින්ද විශේෂ කපාල ස්නායු 12 කින්ද මොළයෙන්ද, සුෂුම්නාවකින්ද අපේ ස්නායු පද්ධතිය සමන්විතය.
මා කුඩා කල සිට කවුරුත් වේදනාවෙන් පෙළෙනවාට අකැමතිය. මගේ ආච්චී උණට ප්‍රතිකාර ගෙන කෙදිරි ගානවිට මා කියා ඇත්තේ "බෙහෙත් ගෙනත් බීවානම් කෙදිරි නොගා නිදාගන්න" යි කියාය. වෛද්‍යවරයකු ලෙසද වාට්ටුවේදී කිසියම් රෝගියකු වේදනාවෙන් සිටීනම් මම නොපැකිලව වේදනා නාශක නික්ෂේපණ ලබා දුනිමි. නැසීගිය මහාචාර්ය කාලෝ පොන්සේකා මහතා අපට ඉගැන්වූයේ ,හැමවිටම රෝගීන් සුවකල නොහැකිමුත්, හැම විටම ඔවුන් වේදනාවෙන් තොරව තැබිය හැකි බවයි.
Comments
Post a Comment