පරමායුෂ ලද්දෝ!
කෙනෙකුගේ ජීවිත කාලය තුල හරි හම්බ කල හැකි ප්‍රමාණයේ නියතයක් වේද? ස්වභාවික යුක්ති ධර්මයෙන් එම ප්‍රමාණය පාලනය කරයිද? මේ නිතැනින් මා මනසට නැගෙන කරුණකි. පසුගිය අවුරුදු 35 තුල බොහෝ රෝගීන් මාවෙත පැමිණ ඇත. සමහරු අති ධාවනකාරී ලෙස හම්බ කල අයයි. සමහරු සාමාන්‍ය ලෙස තමාගේ ජීවිකාව කරගෙන, ජිවත් වීමට සෑහෙන තරම් පමණක් හම්බ කල අයයි.
බොහෝ අතිධාවනකාරි හම්බ කරන්නෝ ඉක්මණින්ම බරපතල අසනීප වලට ලක්වී ජීවිත කාලයටම සයනගත වූවෝය. ඔවුන් වේගයෙන් ඉපයීමට යාම නිසා බොහෝ කලක් ආතතියෙන් හා ආවේග වලින් පීඩා වින්දෝ වෙති. ඒ නිසාම හර්දයාබාධ, දියවැඩියාව, පිළිකා, අංශභාග වැනි බරපතල රෝග වලට ලක් වූවන් වේ. ඒ නිසාම බෙලහීන වූවෝය. නැත්නම් මන්දායුෂ ලැබ මිය ගියෝ වෙති. ඉන්පසු ඔවුන්ගේ ඉපයීමක් නැත. යැපීමක් පමණි.
සාමාන්‍ය ඉපයීමක් ඇති අය එතරම් ආවේග ආතති වින්දෝ නොවෙති. මේ නිසා ඔවුන්ට වැළඳුන රෝග සුළු පීඩා වෙති. මේ නිසා නැවත ඉපයීමේ හැකියාව ලද්දෝය. මේ නිසා බොහෝ කලක් හරිහම්බ කර ගැනීමට වරම් ලබති. අන්තිමේදී බැලූ කල දෙගොල්ලෝම හම්බ කර ඇත්තේ එකම ප්‍රමාණයකි. නමුත් බරපතල රෝග පීඩා නොමැතිව හොඳ ගුණාත්මක ආයුෂයක් විඳිති.
Comments
Post a Comment