මධ්‍යම ප්‍රතිපදාව
මධ්‍යම ප්‍රතිපදාව
බුදුන් වහන්සේ අන්ත ලෙස දුක හා සැප විඳ බුදුබව අවබෝධ කර ගැනීමට වෑයම් කලත් අසාර්ථක විය. අන්තිමට උන්වහන්සේ ධර්මය අවබෝධ කර ගත්තේ මධ්‍යම ප්‍රතිපදාවෙනි.
අපේ එදිනෙදා ජීවිතය සාර්ථක කර ගැනීමට මේ සංසිද්ධිය භාවිතා කල නොහැකිද? ජීවිතය විඳින ගමන් හරි හම්බ කර ගැනීමේදී මහා ධනයක් සරි කර ගත නොහැක. නමුත් පහසුවෙන් ජීවත් වීමට අවශ්‍ය සියළු දේ ලැබේ. මෙය ලක්ෂ්මී ලඟට නොගෙන සරස්වතී සමග ජීවත් වීමයි. මන්ද නැතහොත් සරස්වතිය යන්නටම යන හෙයිනි. අප පමණට වඩා දෙයකට ඇලුම් කලහොත් එය තදින් බදා ගැනීමට වෑයම් කරයි. එය අනෙකාගේ නිදහසට බාධාවක් වීමෙන් අපට ඔහු හෝ ඇය සදහටම අහිමි විය හැක. නමුත් මධ්‍යම ප්‍රතිපදාව අපට ජීවිත කාලය පුරාම අපේ ප්‍රියයන් අප සමග ජීවත් කරවයි. අපේ වැඩිහිටියන් දුබල බැවින්, අප පමණට වඩා ඔවුනට උපස්ථාන කලහොත් ඔවුන්ගේ කාලය ප්‍රයෝජනවත් ලෙස ගෙවීමට ඔවුන්ට occupational opportunity නැතිව යාමෙන් තමුන් බෙල හීන කිසිම ප්‍රයෝජනවත් වැඩක් කල නොහැකි අය ලෙස හැඟී යාමෙන් දුකට පත් විය හැක. දුකෙන් සිටින කෙනෙකුට වැඩක යෙදීමට අවස්ථාවක් දීමම එම දුක තුනී කරවයි. (Occupational therapy)
තනි දරුවෙකුට පමණට වඩා ආදරය කිරීමෙන්, තමා indispensable තත්වයේ අයෙකු බව හැඟීමෙන් ඔහු හෝ ඇය නරක දරුවෙකු බවට පත්වේ. (එකා යකා වෙනවා!) මේ නිසා ආදරයේ අන්තයට යාමද විනාශකාරී වේ.
ඇත්ගොව්වෙකුට පමණට වඩා ආදරය කල ඇතෙක්, තම ස්වාමියා වෙනත් රැකියාවකට යන බව දැන, ඇත් ගොව්වා මරා කොල වලින් වසා හඬ හඬා සිටියේය. මෙයිනුත් ජනිත වන්නේ ඔනෑම දෙයක් ඔනෑවට වඩා ඔනෑ නැති බවයි. ආගමික අන්තවාදය මුස්ලිම් රටවල ආගමේ නාමයෙන් මිනී මරයි. එය සාධාරණීකරණය කරයි. පමණට වඩා ධනවාදයෙන්, රටක මිනිසුන් පෙලුවොත් සමාජවාදය පැමිණීම ඉක්මන් වෙයි. තැලෙන පෑගෙන මිනිසුන්ව පමණට වඩා පෙලීමෙන් ස්පාටකස් වැනි විමුක්තිකාමීන් බිහිවේ. මේ නිසා අප අන්ත වලට යාම හානිකරය. පවුලක හෝ ආයතනයක පාලකයින් පමණට වඩා සේවකයින් පෙලුවොත් ඵලදායීතාව පහල යයි. පමණට වඩා පාලකයින් නෝංජල් වුවහොත්ද ඵලදායීතාවක් නොමැතිවේ. මධ්‍යම ප්‍රතිපදාව එකම විසඳුමයි.
ඔනෑවට වඩා වැඩ බදා ගතහොත්, එකක් වත් ගුණාත්මකව ඉටු කිරීමට නොහැකිවේ. මෙයට සාමාන්‍ය ව්‍යවහාරය දොඩම් ගොඩක් බදා ගැනීම වැනියයි කියති. වැඩි සෙනේ දබරෙට, පරිස්සමට තිබ්බ දේ ඈලියාවට යාම වැනි ආප්තෝපදේශ මොන තරම් වටීද? මේ කියන හැම දේකම අරුත මධ්‍යම ප්‍රතිපදාවයි.
Comments
Post a Comment