පවුල් දිවියට මධ්‍යම ප්‍රතිපදාව
පවුල් දිවියට මධ්‍යම ප්‍රතිපදාව
ආදරය දිගටම පවුල් දිවිය තුල පවත්වා ගන්නේ කෙසේද? බොහෝ අය කියන්නේ විවාහ වී ටික කලක් ගිය පසු ආදර ගඟ සිඳී යන බවයි.මෙයට හේතු කවරේද?
මේ ගැන විශ්ලේෂණය කිරීමේදී පෙනී යන්නේ අන්තර් පුද්ගල සබඳතා වලට හානි වීමෙන් එසේ වන බවයි. එයට හේතු කවරේද?
ආර්ථික දුෂ්කරතා පවුල් දිවිය තුල රාජකාරි බහුල වීම
දරුවන්ගේ ප්‍රශ්න, අසනීප වීම්
පවුල් දිවිය යාන්ත්‍රික වීම
පවුලේ රාජකාරි ගැන පමණක් කතා
සැමියාගේ සතුට පමණක් පතා කරන ලිංගික ක්‍රියා
බිරියගේ වැහැරීම නිසා ආකර්ෂණය අඩුවීම
අන් ස්ත්‍රීන් කෙරේ සැමියාගේ බාහිර ආකර්ෂණ
දෙදෙනාගේ ශෘංගාරය අවසන් වීම
ආදායම වැඩි කර ගැනීමට යාම නිසා ඇතිවන අවිවේකය
සබඳතා වල ඒකාකාරිත්වය
එකිනෙකාව තදින් ග්‍රහනය කරගෙන පාලනය කිරීමට වෑයම් කිරීම
බිරියගේ ලඳ බොලඳ බව නැතිවී රළුවීම
මේ සෑම විටකදීම මධ්‍යම ප්‍රතිපදාව බිඳ වැටීම මැනවින් පෙනේ. එහිදී සබඳතා බිඳ වැටේ. ආදරය ගිලිහී යයි. ඉන්පසු ලිංගික ජීවිතයේ රස නැතිවී එය යාන්ත්‍රික වේ. මේ නිසා දුරස්වීම වේගවත් වේ. ස්ථීරවේ. දෙදෙනාම අන් සබඳතා පතයි. නව සබඳතාවේ ශෘංගාරයට බිරිඳ වහ වැටේ. මන්ද එය තව දුරටත් සැමියාගෙන් නොලැබෙන බැවිනි. ඇයට sex අත්‍යාවශ්‍ය නොවේ. නමුත් නව ප්‍රියයාව ආකර්ෂණය කර තබා ගැනීමට එය ඔහුට දීමට සිදුවේ.
දෙදෙනාගේම මේ සබඳතා එකිනෙකාට හසුවීමෙන් පවුලේ අඬ දබර ඇතිවේ. මේ නිසා තවත් දුරස්වීම් වේගවත්වේ. අන්තිමේදී දරුවන්ගේ නාමයෙන් පවුල කෙස්ගහෙන් රැකේ. නමුත් පවුල් ජීවිතයේ මිහිර වියැකී යයි. මා දන්නා බොහෝ අනියම් සබඳතා ඇති වන්නේ තමුන්ගේ දුක තවත් විරුද්ධ ලිංගිකයෙකුට කියා පෑමට යාමෙනි. වංකව හෝ අවංකව මෙවිට නව සබඳතා ඇතිවේ. තමාගේ මනදොල සපුරා ගැනීමට පිරිමියාට මෙය අනගි අවස්ථාවකි. කාර්‍යාල ආශ්‍රිතව මෙවන් බොහෝ අනියම් සබඳතා දක්නට ලැබේ. කාන්තාවට රැකියා අවස්ථා සුලභ වීමද ඒ නිසා ඇතිවන ආර්ථික නිදහසද අනියම් ලෙස මෙයට බලපායි. තව දුරටත් සැමියාට මෙවන් කාන්තාවන් දාසියන් ලෙස නිවසේ සිරකරගෙන වැඩ ගැනීමට නොහැකිවේ. ඒ ඔවුන්ට ආර්ථික නිදහස ලැබී ඇති නිසාය. ඔවුන් මානසික නිදහස හා ස්වෛරීභාවයද යම් දුරකට පතයි. නිවට නියාලුව සැමියාට බත් තම්බමින්, දරුවන් මත්තේ හැපෙමින් ජීවත් වීමට නොසිතයි. මේ නිසා වෙන්ව යාම ඇයට පහසු වේ. මේ සෑම අවස්ථාවකදීම දෙදෙනාගේම මධ්‍යස්ථ බව ගිලිහීම පැහැදිලිය. මේ නිසා මධ්‍යම ප්‍රතිපදාව ඔබට සාර්ථක පවුල් ජීවිතයක් ගෙනදේ.
Comments
Post a Comment