ගැලවිජ්ජාව

හැම විජ්ජාවටම වඩා ගැලවිජ්ජාව ලොකුය. මිනිසුන්ගේ සැගවුණු න්‍යාය පත්‍ර  (Hidden ajenda ) තේරුම් ගැනීමත් ජීවිතයට අවශ්‍යවේ. මේ ගීතයෙන් ඒබව මැනවින් පැහැදිලි වේ.
      ලිංගික ආරාධනයක් බව පැහැදිලිව පෙනෙන්ට තිබියදී පවා ඇය උරණ නොවී ඔහුගේ රාගයත් සමනය වන පිලිතුරක් දී අමනාප නොවන ලෙස කියා යන්නට යයි. සාමය හා සංහිඳියාව මොන තරම් අගේද?
    මෙකල මෙවැනි සිද්ධියක් මිනීමැරුමකට පවා මුල්විය හැක. රාගය මූලික මිනිස් අවශ්‍යතාවයක් ලෙස පිළි ගත යුතුය. නමුත් එයට තැන නොතැනක් තිබිය යුතුය. ජීවිතයේ මූලික අවශ්‍යතා  හතරකි. නින්ද, ආහාර, මළපහ හා මුත්‍රාකිරීම, ලිංගික අවශ්‍යතාවය ඒවාවේ. මේ හැම දෙයකටම තැනක්, වේලාවක් තිබේ. එය ඉක්මවා කටයුතු කිරීම අපව සත්ව ලෝකයට කැදවාගෙන යයි!

Comments

Popular posts from this blog

මුත්‍රා ගල් (Urinary Calculi)

දෙමාපියන් ගැන.......