ගම්පහ රසකතා

ගම්පහ රසකතා

      ගම්පහ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්‍යාලයද රසවත් සිදුවීම් වලින් ගහණ තැනකි. එවකට සෞඛ්‍ය සේවයේ නවතම ව්‍යුත්පන්නය වූ බෝ නොවන රෝග අංශය මගේ භාරයේ විය. නමුත් කාර්‍යාල කටයුතු වලටද අපේ සහාය ගැනිණි.
       අපේද සහාය ගෙන ආයතන අංශයේ හා ගිණුම් අංශයේ කාර්‍ය මංඩලයේ අභ්‍යන්තර ස්ථාන මාරු සැකසිණි. සමහර නිලධාරින්ට අංශ දෙකේම වැඩ පැවරිණි. එවිට දින තුනක් එක් අංශයකද, ඉතිරි දින දෙක අනිත් අංශයේද වැඩ කිරීමට සිදුවේ.ඉන්පසු මේ බව අදාල අංශ භාර ප්‍රධානින්ටද දැන්වූයේ අධ්‍යක්ෂ තුමාය.
       ආහ්...කුලරත්න මහත්තයා ඔන්න ගීතාව ඔයාගේ ගිනුම් අංශෙට දැම්මා! කියා ඔහු කීවේය. කුලරත්න මහතාට දැන ගන්නට අවශ්‍ය වූයේ ගීතාව අනුයුක්ත කලේ දින තුනකට පමණක්ද, දිගටම ස්ථිරවමද යන්නයි. දෙදෙනාම විවාහක වුවද ගීතා පිළිබදව නිබදවම ඔහුගේ හිත ආදරයෙන් පිරී තිබුණි. නමුත් ඔහු ඇහුවේ වැරදි ප්‍රශ්ණයකි.
        " සර්...ගන්නම ගන්නද දුන්නේ?"
   අධ්‍යක්ෂ තුමා මේ බව දන්නා හෙයින්දෝ ඔහුට කීවේ " ඔව්..ඉතින් ගීතාගේ මහත්තයාගෙනුත් අහලා කැමති නම් ගන්නම ගන්න" කියාය. අවටින් සිනා හඩ පැතිරිණි!

Comments

Popular posts from this blog

මුත්‍රා ගල් (Urinary Calculi)

දෙමාපියන් ගැන.......