පෝන් වල පරිනාමය
අලුත් පෝන් එකක් ලැබුනාම තියෙන සතුට කියා නිම කරන්න බැහැ. මට මතකයි 1994 ,දී මන් ගත්ත ඇනලොග් මොටොරෝලා අල්ට්‍රා ස්ලීක් පෝන් එක හරියටම ගඩොලක් වගේ. සිග්නල් අල්ලාගන්න වහලය උඩටවත් නගින්න ඕනේ! හොඳ වෙලාවට රෝහලේ මගෙ ඔෆිස් එක තිබුනේ උඩ තට්ටුවේ. ඒ නිසා අවුලක් උනේ නැහැ.
ඊ ලඟ ගත්තෙත් ඇනලොග් එකක් ඇන්ටෙනාව එලියට අදින එකක්. ගොඩක් පස්සේ තමයි ස්මාර්ට් පෝන් එකක් ගත්තේ. ඒකේ වැඩ කෝටියයි. ඊයෙ තමයි ටිකක් වැඩියෙන් වටිනා පෝන් එකක් ගත්තේ මගේ යාලුවාට පින් සිද්ද වෙන්න!
මේ පෝන් එක්ක වැඩියෙන්ම අමනාප අපේ ගෙදර උන්දෑ තමයි. අහුවෙන්න නොදී ලඟම තියාගෙන ඉන්නේ. අහුවුනොත් ගලක ගහයි කේන්තිය යන්නත් එක්කම! කවුරු හමු උනත් ඕක ගැනම තමයි එයා කියවන්නේ. "ඔයාලගේ හස්බන්ලත් එහෙමද?" කියලත් අහනවා. එයාගෙන් තව මොකුත් විස්තර ඒගැන අහගන්න කැමති කෙනෙක් හිටියොත් අපේ උන්දැව උනන්දු කරලා අහගන්න හිතාගෙන "ඔව් අනේ අපේ අයත් එහෙම තමයි" කිව්වාම ඇති, මගේ හොඳ සායම යනකම් කියවන්න! අනේ ඉතින් එයාගේ ක්‍රෂ් එක යනකම් ඔහේ කියවා ගන්නේ නැතෑ, මට මොකද?
කාන්තාවන්ට දවසකට වචන 33000 ක් කතා කරන්න ඕනෙලු! අපිව ඕකට අල්ලා ගන්න පොටක් ඔය හොයන්නේ. බැරි වෙනකොට යකු නගිනවා ඇති! මම මේ පෝන් එකේ අනිමිසලෝචන පූජාව දාගෙන ලියන්නේ කතා කියල දන්නේ නැහැනේ! හිතනවා ඇති මූනුපොතේ කය්යක් දාගෙන කියලා ගැහැනියක් එක්ක! එයාට තාමත් ස්මාර්ට් පෝන් එකක් නැහැ. හොඳ වෙලාවට නැත්තේ. නැත්නම් වැඩට යනකොට හොරු බෑග් එක කපලා කෝච්චියෙදී එයාගේ පෝන් හොරකම් කරන විදියට සෑහෙන ගානක් ඕනේ පෝන් ගන්න. තිබුනත් වැඩක් නැහැ ඒවා ඔපරේට් කරන්න ඉගෙන ගන්නෙත් නැහැනේ. මටනම් මේක හරිම ප්‍රයෝජනවත් මගේ වැඩ වලට. සර්ච් කරලා කතා ලියන්න අමුද්‍රව්‍ය හොයා ගන්න, ඒවාට පින්තූර හොයාගන්න, මේ සේරම ලේසි වෙලා.
Comments
Post a Comment