මහළු නොවන මහළු අයගේ ප්‍රේමය
මහළු වයසෙදී අපට ප්‍රේමය ගැඹුරින් දැනේ. පුළුල් අවබෝධයක් තම ප්‍රියයා ගැන ඇත. ආවේගශීලී නැත, එබැවින් සුළු දෙයකට උරණ නොවෙති. අනෙකාට සමාව දෙති. ආදරයේ සියුම් තැන් ගැඹුරින් දැනේ, පරිත්‍යාගශීලි බව ඉහළින්ම ඇත. තණ්හාව අඩුය, ඒ නිසා තදින් අල්ලා නොගනිති. මේ නිසා අනෙකාට මහත් නිදහසක්, සහනයක්, අස්වැසිල්ලක් දැනේ. මෙය නොවේද සැබෑ ප්‍රේමය?
මුහුකුරා ගිය අයෙකු තම සැමියා ලෙස පිළිගැනීමට සමහර කාන්තාවන් ප්‍රිය කරන්නේද මේ නිසාය. සැබවින්ම ආවේගශීලි බව අඩු අයෙකු එනම් තම දුව ආදරයෙන් බලාගන්නා බවට ශපථ කල හැකි වැඩිමල් අයෙකුට බොහෝ දෙමාපියන් මනාපවේ. තරුණ දෙදෙනෙකුගේ ආවේගශීලි බව ඉතා වැඩිනම් ගැටුම් අනිවාර්‍ය වේ. ඒවා විසඳා ලන්නට සිදුවන්නේද අසරණ දෙමාපියන්ටය. මේ නිසා අපේ සමාජයේ මුල්බැස ගත් අදහසක් වන්නේ බිරිඳට වඩා සැමියා වයසින් වැඩිවිය යුතු බවයි. දුවෙකුට කිසිදා සිත් නොරිදන ආදරයක් දෙන්නේ තම පියාය. එලෙස තමාව බලා ගන්නා සැමියෙකුට ඇය වඩා කැමති වනු ඇත! පසුගිය කාලයේ තරුණ කාන්තාවක් සමගවූ ප්‍රසිද්ධ ගායකයෙකුගේ ප්‍රේමය බලවත් විවේචනයට ලක් කෙරිණි. ඔහුට ඒ සඳහා සියළු සුදුසුකම් තිබුණි. බිරිඳ මිය ගොස් බැවින් තවත් අයෙකු හා විවාහ වීමට නීතිමය හෝ සදාචාරාත්මක බාධකයක් නොමැති විය. එනමුත් ඔහුගේ තරුණ බිරිඳට පවා නොමැති කැක්කුමක් මුහුණු පොතේ පාඨකයින්ට ඔහු ගැන තිබුණි. ඔහුගේ දරුවන්ගේ විරෝධය අපට තේරුම් ගත හැක. මන්ද යත් ඔහු පොහොසත් මහළු අයෙකි. ඔහුගේ ඇවෑමෙන් සියළු දේපළ වල අයිතිය ලැබෙනුයේ දරුවන්ටයි. එකෙකු, පියා තමුන්ට දුන් සියළු දේපළ අයස්ථානයේ නැතිභංග කරගත්තෙකි. ඔහුට මේ නිසා තවත් ධනය අවශ්‍ය විය. ඔහු ප්‍රසිද්ධියේ තම පියාව වීඩියෝවක් මගින් විවේචනය කිරීමට තරම් ධීන විය. පියාගේ නොබෙදූ දේපල ගැන අනෙත් අයට වූයේ නොසංසිඳෙන තණ්හාවකි. තණ්හාය ජායතී ශෝකෝ කීවාක් මෙන් අයෙකුට තරුණ කලම පිළිකාවක් වැළඳුනි.
කෙනෙකුගේ පුද්ගලික ජීවිතය ප්‍රසිද්ධියේ විවේචනය කිරීමට අපට අයිතියක් නැත, මන්ද යත් කිසිවෙකු සර්වතෝභද්‍ර නොවන බැවිනි. අන් අයගේ අයිතීන්ට ගරු කිරීමට අපි සාමුහිකව බැඳී සිටිමු. එලෙසම මුහුකුරා ගිය අයගේ ප්‍රේමයටද ගරු කිරීමට තරම් අපි කුහක නොවෙමු. මන්දයත් වැරදි නොකරන අය මෙලොව පණපිටින් නොසිටින බැවිනි!

Comments
Post a Comment