මුහුකුරා යන වයසේදී ආදරය
තරුණ කාලයේදී කවුරුත් ආදරය කරති. එය සාමාන්‍ය සිදුවීමකි. නමුත් ඔබ එම වයසේදී ආදරයේ ගැඹුර හා සියුම් තැන් ස්පර්ශ කර ඇත්ද? බොහෝ විට නැත. ඔබ මුල් තැන දුන්නේ මතුපිටින් දැනෙන ආදරයටයි, නැතහොත් ලිංගිකත්වයටයි. එයිනුත් බොහෝවිට ඔබේ Ego ගැන, ඔබේ මාන්නය නිසා අයිතීන් ගැන සටන් කලා විය හැකියි. අඩුපාඩු වලට සමාව දෙනවා වෙනුවට, එකට එක කර එහි වාඩුව පිරිමැසුවා විය හැකියි. ඉක්මණින්ම ඔබේ ප්‍රියයා ගැන වූ ආකර්ෂණය අඩුවූවා විය හැක. මෙයට හේතුව තරුණ කල වූ ඔබේ ආවේග වේ. මේ නිසා අනෙකා පීඩා විඳින්නට ඇති. දුක් වෙන්නට ඇති. විවාහ වීමෙන් පසු තත්වය තවත් උත්සන්න වූවා විය හැක. විවාහ ජීවිතයේ අවිවේකී බව හා වගකීම් විසින් ඔබව යාන්ත්‍රික බවට පත්කලා විය හැක. ආදරය කල කාලයේ වූ නැවුම් හැඟීම් වියැකී ගිය විය හැක.
නමුත් ඔබගේ පවුලේ වගකීම් ඉටුකර අවසන් වූ පසු, ඔබේ විශ්‍රාමයෙන් පසු නැවත නිදහස් බවක් ඔබට දැනෙනු ඇත. සමහර විට ඔබේ ප්‍රියයා මිය ගොස් ඇත්නම්, දික්කසාද වී ඇත්නම්, හෝ ප්‍රියයාට ඇති සමීපතාවය, ඇල්ම නැතිවී ගොස් ඇත්නම්, ඔබට හුදකලා බවක් දැනෙනවා විය හැක. මෙහිදී ඔබට ආදරය කරන යමෙක් වේ නම්, ඔහු හෝ ඇය කරන්නේ මහත් කැප කිරීමකි. මන්ද යත් දැන් ඔබේ ලස්සන, ලිංගික හැකියාව, ආකර්ෂණීය බව වියැකී ගොසිනි. එනමුත් ඔබේ හදවතේ ලස්සණ හඳුනා ගත් කෙනෙකු ඔබ සමග පෙමින් බැඳෙනවා නම් එය සැබවින්ම අගය කල යුත්තකි. මන්ද යත් බොහෝ මිනිසුන් ගැහැණුන් පෙමින් බැඳෙන්නේ තමුන්ට අනෙකාගෙන් ඇති වාසි නිසාය. මිළ මුදල්, ගෙවල් දොරවල්, වාහන, කීර්තිය, දේශපාලන බලය වැනි දෙයකට ඇල්මෙනි. එසේ නොමැතිව හදවතේ වටිනාකම්, ගුණගරුක බව හඳුනා ගත්තෝ සැබවින්ම විරලය. එවන් කෙනෙක් ලද ඔබ නිබ්බුත පද ඇසීමට තරම් භාග්‍යවන්තයෙකි.
බොහෝ අය මෙම ප්‍රේමයට ගරහති. නාකි විසේ! මළ කෝලම් යයි හාස්‍යයෙන් කතා කරති. මා දන්නා සමහර පවුල් වල දරුවන් මේ නිසා පියාව, මව පවුලෙන් ඉවත් කර තැබීමට පවා පෙළඹී ඇත. මෙය කණගාටුදායක වේ. මහළු වයසට ආදරය බොහෝ සෙයින් වටී. තමුන්ව ආදරයෙන් රැක බලා ගැනීමට අයෙකු අවශ්‍ය වේ. සමහර දරුවන්, මහළු දෙමාපියන්ව භාවිතා කරන්නේ ඔවුන්ගේ ආයලා මෙහෙකරුවන්, මුරකරුවන් ලෙසටයි. ඔවුන්ද තමුන්ට කිසි හව්හරණක් නැති නිසා, ආර්ථික පිටුවහලක් නැති නිසා එම කොන්දේසි වලට යටත්ව දරුවන් සමග අසතුටින් ජීවත් වෙති.
නමුත් සමහර පවුල් වල දරුවෝ තම දෙමාපියන්ගේ මානුෂික අවශ්‍යතා හඳුනා ගනිති. ඊට නිසි සැලකිල්ල, ගෞරවය දෙති. ඔවුන්ට ආදරය කරන අයෙකුගේ අවශ්‍යතාව හඳුනා ගනිති. ගතානුගතික හණමිටි අදහස් වලින් මිදුනෝ වෙති. එවන් දරුවන් ලද දෙමාපියන් වාසනාවන්තයෝ වෙති.
මහළු වයසෙදී අපට ප්‍රේමය ගැඹුරින් දැනේ. පුළුල් අවබෝධයක් තම ප්‍රියයා ගැන ඇත. ආවේගශීලී නැත, එබැවින් සුළු දෙයකට උරණ නොවෙති. අනෙකාට සමාව දෙති. ආදරයේ සියුම් තැන් ගැඹුරින් දැනේ, පරිත්‍යාගශීලි බව ඉහළින්ම ඇත. තණ්හාව අඩුය, ඒ නිසා තදින් අල්ලා නොගනිති. මේ නිසා අනෙකාට මහත් නිදහසක්, සහනයක්, අස්වැසිල්ලක් දැනේ. මෙය නොවේද සැබෑ ප්‍රේමය?
මුහුකුරා ගිය අයෙකු තම සැමියා ලෙස පිළිගැනීමට සමහර කාන්තාවන් ප්‍රිය කරන්නේද මේ නිසාය. සැබවින්ම ආවේගශීලි බව අඩු අයෙකු එනම් තම දුව ආදරයෙන් බලාගන්නා බවට ශපථ කල හැකි වැඩිමල් අයෙකුට බොහෝ දෙමාපියන් මනාපවේ. තරුණ දෙදෙනෙකුගේ ආවේගශීලි බව ඉතා වැඩිනම් ගැටුම් අනිවාර්‍ය වේ. ඒවා විසඳා ලන්නට සිදුවන්නේද අසරණ දෙමාපියන්ටය. මේ නිසා අපේ සමාජයේ මුල්බැස ගත් අදහසක් වන්නේ බිරිඳට වඩා සැමියා වයසින් වැඩිවිය යුතු බවයි. දුවෙකුට කිසිදා සිත් නොරිදන ආදරයක් දෙන්නේ තම පියාය. එලෙස තමාව බලා ගන්නා සැමියෙකුට ඇය වඩා කැමති වනු ඇත!

Comments
Post a Comment