හොඳ පරදා නරක ජය ගැනීම
පෙරදා අප කීවේ නරක පරදා හොඳ ජය ගන්නා බවයි. නමුත් දැන් ලෝකය පුරා දකින්නට ඇත්තේ හොඳ පරදා නරක ජය ගන්නා බව නොවේද?
දැන් නරක මිනිසුන් එකට එක්වී හොඳින් සංවිධානය වී සිටිති. හොඳ මිනිසුන් එසේ එකටකඳවුරු බැඳ නැත. මේ නිසා ඔවුහු හුදකලා වී සිටිති. නරක කොපමණ බලවත් දැයි කියනවා නම් සාධාරණ හේතු මත පවරන නඩුවක් පවා, ඉවත් කර ගන්නා මෙන් තර්ජනය කිරීමට, ඔවුහු පෙළඹී සිටිති.
පසුගිය කාලයේ සුනාමි අරමුදලේ නඩුව, විත්තියට වාසි ලෙස තීන්දු කර පැමිණිල්ලට දඬුවම් කල නඩුකාරයා එය ඔහුට වූ වැරදීමක් ලෙස පාපෝච්චාරණය කර ජනතාවගෙන් සමාවද ගෙන, නැවතත් එම පිළටම එක්විය. ඔහුට විරුද්ධව වූ නඩුව කථා කිරීමට, ආ පැමිණිල්ලේ නීතිඥයාට අවහිර කර නඩුව ඉවත දැමීය. පොලිසියට විරුද්ධව නඩුවක් දැමූ අයෙකු මහමග බසයේදී මරා දැමුවේය. රජයේ සේවකයෙකු ප්‍රසිද්ධියේ ගස්බැඳ, පසුව ඔහු ලවාම ප්‍රකාශයක් කරවා කියා සිටියේ, තමන් විසින් කැමැත්තෙන්ම ගස් බැඳ ගත් බවයි. ජනපති තරඟයට පැමිණි අයෙකු, තමාගෙන් ප්‍රශ්ණ ඇසීමට මාධ්‍ය කරුවන්ට ඉඩ නොදෙයි. කිසිම මධ්‍යතන ප්‍රජාතන්ත්‍රවාදයක් එහි නැත.නමුත් තමා දිනුවහොත් එවැනි සමාජයක් තනන බවට ප්‍රතිඥා දෙයි.
දරුවන් අධිකරණයට ගොස් කියා සිටින්නේ දෙමව්පියන් තමාට නිදහසේ ජීවත් වීමට බාධා කරන බවයි. අනෙක් අතට දෙමාපියන් අධිකරණයෙන් ඉල්ලා සිටින්නේ මහළු තමාව රැක බලා ගැනීමට දරුවන්ට ආඥාවක් නිකුත් කරන ලෙසයි. මෙසේ නරක ජයගෙන ඇත. හොඳ යටපත්වී ඇත. නරක දේශපාලකයෝ අර්ධ සත්‍යයන් ජනතාවට දෙසා බාමින් ඔවුන්ගේ කරුණාව පැහැර ගනිති. එක් පාලකයෙක්, ඖෂධ පනත අස්ථාන ගත කර, මැතිවරණයේදී කියා සිටියේ, තමාට සිටින්නේ එයවත් ප්‍රවේසම් කර ගැනීමට නොහැකි සෞඛ්‍ය ඇමතියෙකු බවයි. (truth twisted) මෙවැනි පාලකයින් නැවත බලයට ගෙන ඒමට මෝඩ ජාතිවාදී මිනිස්සු සත්‍යය දැන දැන නමුත් නිර්වින්දනය වී සිටිති. ඔවුන් නිසැකයෙන් ජයගනු ඇත, එනම් නරක ජයගනු ඇත. සත්‍යයම පවසන අපේක්ෂකයාගේ ගුණ වයන මුත් තම චන්දය දෙන්නේ අසත්‍යයම පවසන මැරයාටය. ඒ ඔහු ඔවුන්ගේ කඳවුරේ නිසාය. මෙය කුහකකම මිසක අන් කවරක්ද?
නඩු නොඅසා කැන්ගරු උසාවියෙන් තීන්දු ගෙන නිරපරදේ, චෝදනා මතම පමණක් මිනිසුන්ව මරා දමා එය සාධාරණකරණය කරති. තමාට එරෙහි නඩු ගැන පවසන්නේ ඒවා අසාධාරණ දේශපාලන චෝදනා පමණක් බවයි. ඒවාටද මුහුණ නොදී නඩු කල් දා ගනිති. ඒවාටම සැදී පැහැදුනු, දඩමස් ගොරකා කරවන නීතිඥයින් රැලක්ද ඔවුන්ට සිටිති. මෙසේ නරක ජය ගන්නා සමාජයකට හොඳ අනාගතයක් තිබේද?
From Note: https://goo.gl/ScG4Hc
Comments
Post a Comment