ආදරය බෙදා ගැනීම
මගේ රෝගීන් සමග හොඳ සබඳතාවක් මට තිබුණි. මා හමුවීමට යුවලක් දරු දෙදෙනාද සමග පැමිණි අතර, ඔවුන් සමග සැම විටම අවුරුදු 27 ක පමණ තරුණයෙක්ද පැමිණුනි. සැමියාට වයස අවුරුදු 47ක් පමණ වූ අතර බිරිඳට වයස 25ක් පමණ විය. ඔවුන් අතර කැපී පෙනෙන පරතරයක් විය. මා සමග සුහද වූ පසු මා සැමියාගෙන් ඇසුවේ ඔවුන් සමග පැමිණෙන තරුණයා කවුද යන්නයි. සැමියා රහසින් මෙන් කීවේ ඔහු තම දරුවන්ගේ පියා කියාය. මෙය මට ගැටලුවක් වූයෙන් විස්තර විමසීමි.එවිට අනාවරණය වූයේ අනුවේදනීය කතා පුවතකි.
මොහු මැද පෙරදිග රැකියාවක් කර ලංකාවට පැමිණියේ අවුරුදු 20 කට පසුය. විවාහය සඳහා සෙව්වේ තරුණ ලඳකි. ඔහුට දුප්පත් පවුලක ලස්සණ යුවතියක් හමුවිය. විවාහයෙන් පසු මධු සමයේදී ඔහුට ලිංගික අප්‍රානිකත්වය ඇති බව දැණුනි. දෙදෙනාම අපේක්ෂා භංගත්වයට පැමිණියද ඔවුහු ඒ ගැන සාකච්ජා කළහ. එහිදී ඔහු දැනගත්තේ පියාගේ ඇවිටිලි නිසා ඇය තම පෙම් සබඳතාවද අකැමැත්තෙන් කඩා දමා මේ විවාහයට එළඹ ඇති බවයි. ඔවුන් පසුව එම තරුණයා මුණ ගැසුන විට දැක්කේ ඔහු ජීවිතයම එපාවී මෙන් කල් මරණ බවකි. ඇය තවමත් කන්‍යාවියක් බව පවසා ඔහු මෙම තරුණයාට, තමුන් සමග ජීවත් වීමට එන ලෙස ආරාධනා කර තිබුණි. ඇය තවමත් සිතින් ඔහුගේ බව එම සැමියා ඔහුට අවබෝධ කරදී තිබුණි. ලෝකයට ඔහු පෙන්වා තිබුණේ එම තරුණයා ඔවුන්ගේ රියැදුරා බවයි. නමුත් සැබවින්ම ඔහු ඇයගේ සැමියා විය. එම දරු දෙදෙනා ඔවුන්ගේය. නමුත් මේ තිදෙනා අද සතුටින් කල් ගෙවති. මට අවබෝධ වූයේ අපට හිත හදා ගන්නට හැකිනම් කළ හැකිදේ එමට බවයි. දුකින් කල් ගෙවීම ඉරණම වූ තිදෙනෙක් අද සතුටින් කල් ගෙවති! ආදරය බෙදා හදා ගැනීමට හැකිනම් කොපමණ සුන්දරද? නිතරම මගේය කියා වැටකොටු ගසාගෙන අයිති කරගැනීමට වෙර දරණ සමාජයකට ඔවුන් මොන තරම් හොඳ ආදර්ශයක්ද?
From Note: https://goo.gl/ScG4Hc
Comments
Post a Comment