රුවන්වැල්ලේ විත්ති
මගේ පළමු පත්වීම භාරගෙන 2985. 5. 3 දා රාජකාරියට වාර්තා කලෙමි. එදා මා ගිය බස් රථය රුවන් වැල්ල නගරයේ නැවත්වූ වහාම කඩේක ඉදිරිපස තිබූ දර පෝරණුවක ගින්දරට බටේකින් පිඹීම නිසා, විශාල අළු ධාරවකින් අපේ ඇඳුම් වැසී ගියේය. ඇස් වලට පවා අළු විසි විනි. ඒවා අතින් පිහදාගත් විගස මට සිහිවූයේ, මගේ පළමු රාජකාරිය මෙතනින්ම පටන් ගත යුතු බවයි. එකල, මහජන පීඩාව ගෙන දෙන අයුරින් කඩ ඉදිරිපස කෑම සෑදීම, රුවන්වැල්ලේ ජයටම කෙරිණි.
සෞඛ්‍ය වෛද්‍ය කාර්‍යාලයට ගිය විගසම, මහජන සෞඛ්‍ය පරීක්ෂක වරයෙකුද ජීප් රථයේ දමාගෙන නැවත නගරයට ආවෙමි. නගර සභාවෙන් කම්කරුවන්ද රැගෙන, මුළු නගරයේම ආපන ශාලා පරීක්ෂා කර, අපිරිසිදු ආහාර විනාශ කලෙමු. නැතහොත් නඩු දැමුවෙමු. පාරට සිටිනසේ තනා තිබූ පෝරණු කඩා දැමීමට නියෝග කළෙමි. මුළු නගරයම ශුද්ධ කලෙමු. ආපන ශාලා හිමියන්ට එම සතියේම ආහාර ස්වස්ථතාව ගැන අධ්‍යාපන වැඩ සටහනක් කලෙමු.
ඔවුන් පෙළපාලියකින් ගොස් පලාතේ මංත්‍රී වු කම්කරු ඇමති පී. සී. ඉඹුලාන මහතාට, මා ගැන විරෝධය පළ කලේය. පැරණි ගම් සභාපති වරයෙකුවූ ඔහු පළාත් පාලන නීති ගැන හොඳින් දැනුවත් වූවෙකි. ඔවුන්ට බැණ එලවාගත් ඔහු මට කථාකර කීවේ " ඩොක්ටර්, දැන් නඩු දැම්මේ කඩවල ඉස්සරහින් ගිහින් බළලානේ, ආයෙම සැරයක් පස්ස පැත්තෙන් ගිහින් පරීක්ෂා කරලා නඩු දාන්න, ඔවුන්ගේ වැඩිපුර ජරාව තියෙන්නේ ඒවායේ පිටුපසයි" යනුවෙනි. ඇත්තෙන්ම මා ගැන ඔහුගේ පැහැදීම රාජකාරි කාලය පුරාම විය. ඔහුගේ මහළු මවගේ පවුලේ වෛද්‍යවරයාද මා විය. ඇත්තෙන්ම නගරයේ ආහාර ස්වස්ථතාව වැඩි දියුණු විය. ආපන ශාලාවල පිරිසිදු කම නිසා වැඩිපුර අළුත් ගණුදෙනු කරුවන් ඔවුන්ට ලැබුණි. වෙළඳාමද සරු උනෙන් ඔවුන් මගේ මිතුරන් වූහ. නමුත් මගේ වෑයම අත් නොහැර, මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන්ගේද සහයෝගය ලබාගෙන යටියන්තොට, කිතුල්ගල, ගෝනගල්දෙණිය, බුලත්කොහුපිටිය, දේදුගල, කරවනැල්ල ආදී එවකට මට අයිතිව තිබූ බළ ප්‍රදේශ වලද එළෙසම වැඩ සටහන ක්‍රියාත්මක කළෙමි. යටියන්තොට ප්‍රදේශයේදී එවකට මංත්‍රී වූ, පැරණි බස් ලෝඩර් කෙනෙකුවූ වින්සන්ට් පෙරේරාගෙන් විරෝධය එල්ල විණි. නමුත් ඔහු ඇමති ඉඹුලාන මහතාට ගරු කලෙන්, මම ඒවා සමාදාන කරගෙන, ප්‍රතිරෝධය දැක්වීමට අවශ්‍ය තැනදී එලෙස ක්‍රියාත්මක වී රාජකාරිය අනලස්ව කරගෙන ගියෙමි. එකල මා පුහුණු කල සෞඛ්‍ය ස්වේච්ඡා සේවකයින් 1000 ක් පමණ රජයේ පත්වීම් ලැබ තවමත් මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන්, හෙදියන් හා පවුල් සෞඛ්‍ය සේවිකාවන් ලෙස රට පුරා සේවය කරති.

Comments
Post a Comment