එදා විශ්ව විද්‍යාල වල පහරදීම් සිදු නොවූයේ ඇයි?
මධ්‍ය මහා විද්‍යාල ආරම්භ වීමත් සමග ගමේ බුද්ධිමත් දරුවන්ගෙන් රාජ්‍ය විශ්ව විද්‍යාල පිරෙන්නට විය. ඔවුන් දැන් මෙන් වනපොත් කර ටියුෂන් කඩ වල තාච්චුවෙන් බෑ ආප්ප මෙන් මොළය කර වූ අය නොවේ. විෂය බාහිර ක්‍රියාකාරකම්, නාට්‍ය, ක්‍රීඩා,සංගීතය වැනි දෙයින් දකුණු මොළය පෝෂණය කල, ඒ නිසාම විරුද්ධ මත ඉවසන, ආවේගශීලි නොවූ සමතුලිත මනසක් ඇති බහුතරයකි. ආවේගශීලි වූ සුළුතරයක් සිටියද ඔවුන් බහුතර මතයට යටත් විය.
දැන් විශ්ව විද්‍යාල වලට යන බහුතරය, මෙලෝ විෂය බාහිර ක්‍රියාකාර කමක් නොකල පොත් ගුල්ලෝ වෙති. ඔවුන්ගේ සාමාන්‍ය දැනීම බිංදුවකි. අන් අය සමග බෙදා හදා ගැනීමක් ප්‍රගුන නොකල, පවුලේ තනි දරුවන් වේ. ඔවුන් දියුණු කලේ වම් මොළය බැවින්, ආවේග වලට මුහුණ දීමට නොහැක. විරුද්ධ මතධාරීන්ට පහර දී හෝ මරා එම මත යටපත් කරති. විශ්ව විද්‍යාල බලධාරින් සමග කලහ කර ගනිති. අවාසනාවට එම බලධාරින්ද වම් මොළය පමණක් දියුණු කල අය වන නිසා තත්වය දරුණුවේ. ඔවුන් උපායශීලී නැත. පොලිසිය හා හමුදාව මගින් පමණි ප්‍රශ්ණ විසඳීමට වෑයම් කරනුයේ. මේ නිසා ඝාතන හා ලේ වැගිරීම් උපරිම ලෙස සිදුවේ. නැත්නම් රුහුනු විශ්ව විද්‍යාලයේ කලාක් මෙන් මාධ්‍ය සංදර්ශන පවත්වා මුළු විශ්ව විද්‍යාල ප්‍රජාවම අවඥාවට ලක් කරති. වාසනාවට පොලිසියේ ඉහල නිලධාරින්, එකල ක්‍රීඩා වල නිරතවූ පැරණි උපාධිධාරින් නිසා යම් තරමකට ඔවුහු සාමකාමීව ප්‍රශ්ණ දෙස බලති.
මා විශ්ව විද්‍යාල සිසුවෙකු සමයේ කොළඹ විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය සංගමයේ නිළවරණය කලින් පැවැත්වෙන නිසා අපට වෙනත් විශ්ව විද්‍යාල වල නිළවරණ ප්‍රචාරක කටයුතු වලට අපේ පක්ෂය වෙනුවෙන් සහභාගී වීමට අවස්ථාව ලැබිණි. අප අතර ඉතා උණුසුම් වාද විවාද පැවතුනි. නමුත් අපි විරුද්ධ මත බිඳ දැමුවේ තර්කානු කූලවයි. බාහු බලයෙන් නොවේ. ඔවුහු අපේ සහෝදර ශිෂ්‍ය ප්‍රජාව, අපේ මිතුරන් වූහ. විවාද අවසන් වී අතට අතදී සමු ගත් අතර, විරුද්ධ පිලේ දක්ෂ කථිකයින්ට ප්‍රශංසා පවා කලහ. එවන් බුද්ධිමත් ශිෂ්‍ය ප්‍රජාවක් අද වැටී ඇති ශෝචනීය තත්වය කණගාටුදායකය. සමාජය විසින් එදා මහත් සේ ගරුකල ඔවුන්ව අද ජෝකර්ලා, මෝඩයින් ලෙස උපහාසයට ලක්වේ. මේ තත්වය රටේ බලධාරීන් අවබෝධ කරගෙන බුද්ධිමතුන්ට එදා තිබූ ගෞරවනීය තත්වය නැවත ලබාදිය යුතුය. අපේ විශ්ව විද්‍යාල ශිෂ්‍ය ප්‍රජාවද මේ ගැන අද අළුතින් සිතිය යුතුය.

Comments
Post a Comment