ගිරයකට හසුවීම -
වෛද්‍යවරුන් ලෙස අපිට සමහර විට ගිර වලට හසුවීමට සිදුවේ. ගිරයට හසු උන පුවක් ගෙඩිය කිසිම ගැලවීමක් නැතිව දෙපැත්තකින්ම තැලීමට හා කැපීමට හසුවේ. එක් විශේෂඥ වෛද්‍යවරයෙකු රෝගියා ගැන එක මතයක් කියද්දී අනෙකා සපුරා ඊට වෙනස් මතයක් කියා ඒ අනුව ප්‍රතිකාරද නියම කරයි.
හික්කඩුව ප්‍රදේශයේ ටයර් කාර්මිකයෙකු බස් ටයර් එකක පැච් දැමීමට ගොස් ටියුබයට හුලං ගසද්දී රිම් එකේ ගාඩ් රවුම ගැලවී මුහුණේ වැදී හොක්ක පොඩිවී ගාල්ල රෝහලට රැගෙන ආවේය. ඔහු භාරගත් අවාසනාවන්ත වෛද්‍යවරයා වූයේ මමයි. රෝගියා එතරම් අසාධ්‍ය තත්වයෙන් පසු විය. ජීවිතය රැකීමේ ප්‍රතිකාර ඉටු කරද්දී වාට්ටුවට හිස පෙව්වේ විකලාංග විශේෂඥ වරයාය. You cant do surgery on him. Transfer him to Colombo dental institute stat. කියා ඔහු මාරුවිය. ඇත්තෙන්ම එම රෝගියා ගැන විශේෂඥ මතය පළ කල යුත්තේ ඔහුය. මම ඒ අනුව කටයුතු කරමින් සිටියදී මගේ ශල්‍ය වෛද්‍ය විශේෂඥ වරිය වාට්ටුවට පැමිණ, කුමක් කරන්නේදැයි මගෙන් ඇසීය. මම එම රෝගියාව කොළඹ යැවීමට සූදානම් කරන බව කීවෙමි. ඇය කෝපයෙන් ඇසුවේ, කවරෙක් මට එසේ උපදෙස් දුන්නේද කියාය. මම විස්තරය කීවෙමි. ඇය ඉතා කෝපාවිෂ්ඨ වී ඔහුව හවස 2 ට ඇති ශල්‍යකර්ම ලැයිස්තුවට ඇතුලත් කරන ලෙස කීවාය. ඇත්තෙන්ම එවකට එම වර්ගයේ ශල්‍යකර්ම සඳහා ගාල්ල රෝහලේ පහසුකම් නොවීය. නමුත් ඇයගේ අණ රාජ අණ මෙනි. මට දුප්පත් රෝගියා ගැන දුක සිතුණි. නමුත් රෝගියාව ශල්‍යාගාරයට ගෙන සූදානම් කළෙමි.
ඇය පැමිණ, රෝගියා මේසයට ගෙන නිර්වින්දනය කිරීමෙන් පසු plaster of parice (POP) තලප්පාවක් හිස වටේ දැමීය. රෝගියා දැන් හරියටම වෙස් තට්ටුවක් දැමුවෙකු මෙන් විය. ඉන්පසු ඔහුගේ මුහුණේ හා හක්කේ බිඳුණු අස්ථි කොටස් හිල් විද කම්බි වලින් පිරිද්දීය. දැන් එම කොටස් බිමට එල්ලී වැටෙන්නට මෙන් බලා සිටී. ඇය දක්ෂ ලෙස එම කොටස් බිමට නොවැටී තැබීමට ඒවා කම්බි වලින් අර POP තලප්පාවේ එල්ලුවාය. දැන් ඒවා සීරු මාරු කර, විරූපීව තිබූ ඔහුගේ මුහුණේ හැඩයද නැවත ලබා දුන්නාය. ඉන්පසු පටක වලට හා සමටද මැහුම් යොදා ශල්‍යකර්මය සාර්ථකව අවසන් කලාය.
දැන් ඔහුගේ මුහුණට මනුස්ස පෙනුමක් ලැබී ඇත. පසුව අර POP තලප්පාව වතුරෙන් තෙමා සවි ගැන්වීය. රෝගියා දැන් උඩරට නැටුමක වෙස් තට්ටුවද පැළඳ නටන්නට සැරසෙන නැට්ටුවෙකු බඳු විය. මා සතුටින් රෝගියාව ඉවතට ගන්නා විටම නිර්වින්දන විශේෂඥ වරයා මට රහසෙන් කීවේ හුස්ම හිරවී අද රෑට මේ රෝගියා මිය යාමට නියමිත බවයි. එය වැලැක්වීමට නම් සියලුම කම්බි කපා දැමිය යුතු බවයි. ඒ සඳහා ඇඳ ලඟ කම්බි කපන අඬුවක්ද සූදානම්ව තබන ලෙස උපදෙස් දුන්නේය.
දැන් මා නැවතත් පත් වූයේ අර පුවක් ගෙඩියේ තත්වයටයි. ඇත්තෙන්ම රෝගියාගේ ශ්වසනය ගැන වගකිව යුත්තේ නිර්වින්දන වෛද්‍යවරයාය. දැන් ඔහුගේ උපදෙස් මා පිළිපැදිය යුතුය. දහසක් දේ සිතමින් මම රෝගියා සමග වාට්ටුවට ගියෙමි.
මට මොහොතකින් ගණ දෙවි නුවණ පහළ විය. දැන් රැවුලත් කැඳත් දෙකම බේරා ගත හැක. ගැහැණු රෝගීන්ගේ මුත්‍රා අඩස්සිය සෑදුනු විට දමන ලෝහ කැතීටර් වාට්ටුවේ ඇත. ඉන් එකක් ගෙන, වන්ධ්‍යාකෘත කර රෝගියාගේ මුව තුලට සීරුවෙන් දැමුවෙමි. රෑ වනවිට මුඛයේ මැහුම් යෙදූ පටක ඉදිමී ඔහුට කෙළ පවා ගිලීමට නොහැකිවේ. ඒ නිසාය ඔහු හුස්ම හිරවී මිය යාමට නියමිතව ඇත්තේ. සහායකයාට හා රෝගියාට උපදෙස් දුන්නේ කටේ කෙළ පිරෙන විට අර කැතීටරයෙන් එය එළියට පිඹින ලෙසයි. නැත්නම් ඔහු මියයන බවයි. පටක ඉදිමීම නිසා රෝගියාට රෑ වනවිට දිව පවා ඔබමොබ ගෙනයාම දුෂ්කර විය. දිව චලනය නොකර ඔබට කෙළ ගිලිය නොහැක. දැන් කෙළ ඔබගේ ශ්වසන මාර්ගයට අවතීර්ණවී හුස්ම හිරවී ඔබ මිය යයි.
වාසනාවට රෝගියාගේ දිවි බේරුණි. නිර්වින්දන වෛද්‍යවරයා මගෙන් උදේම ඇසුවේ කම්බි කැපුවේද, රෝගියා මිය ගියේද කියාය. මම ප්‍රශ්ණ දෙකටම නැත කියා පිළිතුරු දුනිමි. ඔහු පුදුමවී රෝගියා බැලීමට පැමිණියේය. කැතීටරය මුව තුල රුවාගෙන කෙළ පිඹිමින් රෝගියා පහසුවෙන් සිටී. ඔහුට සිනා පහළ විය. " උඹ තමයි මිනිහා මැඩම්වත් තරහ කර නොගෙන ලෙඩාගේ ජීවිතෙත් බේරුවා නේදැයි" මගෙන් ඇසීය. කම්බි කැපුවේ නම් මැඩම්ගේ පැය 6 ක ශල්‍යකර්මය අපතේ යයි. රෝගියාගේ මුහුණ ඔහුටවත් බැලීමට නොහැකි ලෙස විරූපි වෙයි.
ජීවිතය බැලන්ස් කිරීම පහසු නොවේ. නමුත් වෙනත් කළ හැක්කක්ද නොමැත!

Comments
Post a Comment