හන්තානේ කතාව
4 වෙනි වසරේ විභාගය අවසන් වූ පසු අපේ නඩයට විනෝද ගමනක් යාමට අවශ්‍ය විය. ඒ සඳහා තෝරා ගත්තේ හන්තානේ රැයක් ගත කිරීමටයි. මගේ මිත්‍ර රවිගේ (සතරේ) මාමා කෙනෙක් ගන්නොරුවේ ගොවිපලේ අධ්‍යක්ෂ කෙනෙක් වූයෙන්, නවාතැන් පහසුව එහිදී සැළසුනි. අපි 10 දෙනෙකු පමණ දුම් රියෙන් පැමිණ, එහි නැංගුරම් දමා ගත්තෙමු. රෑ අල්ලාප සල්ලාපයෙන් ගතකොට නිදාගෙන උදේම අවදිවී ලක ලෑස්ති වුවත් රවිව සූදානම් කිරීම පහසු නොවීය. බුදු පිළිමයක්ද ඔහු රැගෙනවිත් තිබුනෙන්, බුදුන් වැඳීමට පැයක් පමණ ගත විය. එකල අපි සැහැල්ලුවෙන් ගත කලෙන් ඔහුගේ චර්යා වලට මිතුරෝ සිනාසුනි.
එකල ගන්නොරුව පාළම සාදා නොතිබුන බැවින් මහවැළි ගඟට බැස ගොඩවී නුවර පාර හරහා ගොස්, අව්ව සැර වීමට ප්‍රථම කන්ද නැග යුතු බැවින් පේරාදෙනිය විශ්ව විද්‍යාලය මැදින් ගලහ පාරේ පයින්ම ගියෙමු. රවි විශාල බෑගයක් කරේ එල්ලාගෙන සිටියේය. අපට කැන්වස් ටෙන්ට් එකක් ලැබුන බැවින් එහි යකඩ සැකිල්ලද ඔසවාගෙන යායුතු විය. මේ නිසා වැඩිපුර බඩු නොගත්තේය. සැමන් හා පාන්ද බිස්කට්ද අපේ ආහාරයට තෝරා ගත් බැවින් ඒවා බෑගයකට දමා ගති.
රවිගේ ගමන එන්න එන්නම බාල වූ බැවින් අනෙක් අය ඔහුව උනන්දු කලෝය. Machan, I am like a turtle, slow but steady කියමින් ඔහු බඩ ගාන්නට විය. තඩි පොලිස් සපත්තු දෙක බර වැඩි වූයෙන් එයද ගලවා අතට ගත්තද ඔහුගේ ගමන සෙමින්ම විය. අනිත් උන් පස් පඩංගුවේ රවිට බනිමින් අව්වට ශාප කරමින් සෙංකඩගල රේඩියෝ මධ්‍යස්ථානය තෙක් ඇති කන්ද නගින්නට විය. මඳක් ගිය ඔහු "තවත් නම් බැරියෝ" කියමින් පාර මැද්දේ ඉඳ ගති. steady man unsteady වූයෙන් අපට මහත රවියාව( සතරේ) කඳු නාදින කෝච්චි, පිටිපස ඇංජිමෙන් තල්ලු කරන්නාක් මෙන් තල්ලු කරගෙන හන්තාන කන්ද නැගීමට සිදු විය.
වාසනාවට ටෙන්ට් එක නවීන, පෙට්ටියක් බඳු හය පැත්තෙන්ම වැසුනු ජනෙල් පවා වූ එකක් විය. කූඤ්ඤ ගසා එය පොලවට සවිකර සැමන් වලින් සම්බෝලයක් සාදා දවල්ට පාන් කෑවෙමු. ඉන්පසු වටාපිටාවේ සුන්දරත්වය විඳ අපේ නව නිවහනේ සැහැල්ලුවෙන් වැතිර සිටියෙමු. නුවර නගරය හා මහ රෝහල පහලින් අනගි ලෙස පෙනින. වතුර කෑන් එකක් උස්සාගෙන ගිය බැවින් අරපිරිමැස්මෙන් වතුර භාවිතා කලෙමු.
රාත්‍රිය එද්දී අපට හන්තානේ කඳු මුදුනේ ශීතල දැනෙන්නට විය. එබැවින් බිස්කට් හා කෙසෙල් කා වතුර බී කලුවරේම කූඩාරම තුල වැතිර සිටියෙමු. යකාගේ හෝරාව පැමිණියේ ඉන් පසුවය. අප නොදැනුවත්ව කූඩාරම සවිකර තිබුනේ සුලං කපොල්ලකය. බියකරු හඬක් නගමින් තද සුලං හමන්නට වූයෙන් විශාල කූඩාරම සෙලවෙන්නට විය. අපත් සමග කූඩාරම ගසාගෙන ගියේනම් නවතින්නේ නුවර මහරෝහලේ වහලය මතයි. රවි අර තඩි බුදු පිළිමයද බෑගයෙන් ඉවතට ගෙන "ඉතිපිසෝ භගවා"යනුවෙන් බුදුගුණ වයන්නට විය. සමන් පීරිස් කෑගැසුවේ "සතරේ (රවි) බිම බදාගෙන වැතිරියන්" කියමිනි. ඔහුගේ බරෙන් කූඩාරමේ බිම් බිත්තිය මත යම් බලපෑමක් කල හැකිවිය. සුළඟ නැවතිනි. අපේ නඩය සැනසුම් සුසුම් හෙලා හොඳින් නිදා ගති. හන්තානේ කතාව මෙතනින් නිමයි.

Comments
Post a Comment