ආදරයෙන් දැවීමද නිවීමද?
මා ලඟට එන බොහෝ අය එන්නේ ආදරය නිසා දැවීමෙනි. බොහෝ අත්දැකීම් එකතු කල පසු මට මෙසේ ලිවීමට සිත්වේ. අපි කිසිවෙකු ආදරය කරන්නේ දැවීමට නොවේ. ඉන් යම් සැනසීමක්, සතුටක් ජීවිතයට එක් කර ගැනීමටයි. මෙය විවාහක අවිවාහක, නියම් අනියම් ඔනෑම කෙනෙකුට අදාල වේ. නමුත් අප සොයන දේ එහි තිබේද?
එය ලැබෙන්නේ අපිම එහි ආයෝජනය කරන දේවල් අනුවයි. ඒ මොනවාද? බදා ගැනීම නොව බෙදා ගැනීම (Sharing), අල්ලා ගැනීම නොව නිදහස් කිරීම, තෘෂ්ණාව නොව පරිත්‍යාගය, රාගයම නොව ආදරය. (ආදරය තුල රාගය තිබේ, නමුත් ඉන් සබඳතාවට හානියක් නොමැත.) ලිංගිකත්වයම නොව ශෘංගාරය, සැකය නොව ගෞරවය, ඊර්ෂයාව නොව මෛත්‍රිය. රළු බව නොව මුදු මොලොක් බව, ප්‍රචණ්ඩත්වය නොව සංසුන් බව.
මෙයින් හැම අංකයකම මුලින් මා කිව් දේ ඔබ අරමුණු කලොත් ඔබට ආදරයෙන් ලැබෙන්නේ දැවීමකි. දෙවනුව මා කිව් දේ ඔබ අරමුණු කලානම් ලැබෙන්නේ නිවීමකි. එතැනදී ඔබ අරමුණු කල දේ ඔබට ලැබේ. පුදුමය නම් අපේ ප්‍රියයාට නිදහස දුන් විට ඔවුන් අප ලඟ රැඳීමයි. මේ නිසා සමාජීය ආරක්ෂාවක් ගැහැනියට හා මිනිහාට ලැබේ. බොහෝ අය සිතන්නේ මෙය ගැහැනියට පමණක් අදාල වන බවයි. නැත මිනිහාටද එය අවශ්‍යයි. නැත්නම් ඔහු අබල දුබල වූවිට ඔහුව රැක බලා ගන්නේ කවුරුන්ද? ඔබේ පරමාර්ථය ඉෂ්ඨ නොවීනම් අනිවාර්යයෙන් ඔබට සිතෙන්නේ වඳින්න ගිය දේවාලය හිස මත කඩා වැටී ඇති බවකි. වේදනාවකි, දුකකි, පසුතැවිල්ලකි, ක්‍රෝධයකි, පලි ගැනීමේ සිතුවිල්ලකි.
උඳු වැපිරුවෝ උඳු කපති, තල වැපිරුවෝ තල කපති!

Comments
Post a Comment