ගජමන් නෝනා --
මගේ හිත අනුවේදනයෙන් පිරුණු කථාවකි, ගජමන් නෝනාගේ දුකින් පිරුණු ජීවිත කථාව. නූතන පටාචාරාවක් මෙන් වූ ඇය තම දුක ඇයගේ කවි වල සිත්තම් කලාය. කැපී පෙනෙන දෙයක් නම් තමාව හදා ගත් පියා, ගජමන් නෝනාව ඉවසාගත් අන්දම හා ඇයට දැක්වූ අනුපමේය සෙනෙහස. කොහොමත් පිරිමි දරුවන් නැති ගෙදර ඇය විප්ලවීය චරිතයක් විය. පිරිමින්ට ඇය අභියෝග කලාය. පිරිමින්ට පමණක් විවෘතව තිබූ පිරිවෙන් අධ්‍යාපනය ලැබීමට ඇයගේ මාමාවූ සමරවීර පත්තෑයමේ නිලමේගේ සිවිල් බලය හා පන්සල සමග තිබූ සබඳකම්ද, හේතු විය. මහනුවර ධර්මාරාම මහ තෙරුන්ගෙන් ලැබූ ගුරුහරු කම් හා අධ්‍යාපනයද ඇසූ පිරූ තැන් ඇති කිවිඳියක් වීමට ඇයට මහෝපකාරී විය. ඇත්තෙන්ම ඇලපාත භික්ෂුව ගැනද අනුවේදනයක් උපදී. මන්ද යත් ඔහු සිවුරු හැරියේද, එහිදී ඇයගෙන් වශී වීමෙන් ගජමන් නෝනා ගැන දැනුණු ආලය නිසාමය. නමුත් එය අනුපමේය සෙනෙහසක් නම් වීමට නොහැකිය. පසු කලෙක ඉංග්‍රීසි රජයේ නිලමේ කෙනෙක් වූ පසු ඇය ගැන කටයුතු කල අයුරින්ම එය පැහැදිලිවේ.
ඇයගේ පළමු සැමියා වූ ගාර්දිය හේවා ගැනද දුක හිතේ. ඇය තරම් නූගත් ඔහුට පිරිපුන් ඇය මත්තේ යම් හීනමානයක් වූවා විය හැක. පිරිමින් සමග උරනුර ගැටෙමින්, කවි පද බඳිමින්, ඉහළ සමාජයේ ජීවත්වූ ඇයව, තමාට ඔරොත්තු නොදෙන තරම් යයි ඔහුට සිතුනා විය හැක. ඔහු හා දිගටම ජීවත් වූවා නම් ඇයගේ කවිකම මොට වන්නටද තිබුණි. රාජකාරියට ගිය, ඔහුගේ හදිසි මරණය, සියදිවි නසා ගැනීමක් විය හැක. ඊට පෙර ඔහු තුල තිබූ පසුතැවිල්ල එපමණ දරුණුය. නමුත් ඇය ඔහුට අපමණ පෙම් කල බැවින් එය ඇයට මරු පහරක් විය යුතුමය. ඉන්පසු සුරූපී ඇය පතා එන වැන්දඹු පිරිමින්, ලන්දේසි හා ඉංග්‍රීසි රජයේ සිංහල මුදලි වරුන් වූ ඔවුන්ගේ අපමණ සිවිල් බලපෑම්, ඇයගේ සිත තවත් දැඩි කලා විය යුතුය.
ඇයගේ කුඩා කල ජීවිතය ගැනද අප්‍රකට කථාවක් වේ. දෙමාපියන් හා පිරිසක් සමග ශ්‍රීපාදය වැඳීමට ගිය ඔවුන් වල් අලින්ගේ ප්‍රහාරයකට ලක් විය. ඇයගේ පියා මියගිය අතර පිරිස ඇය කැලයේ තනිකර සීසීකඩ දිව ගියහ. අලි මන්තර දත් භික්ෂුවක් අලි පලවා හැර ඇයව පැල්මඩුල්ලේ පන්සලකට ගෙනවිත් ඒ ප්‍රදේශයේ ප්‍රභූ පවුලක් වූ ගජමන් ආරච්චිට භාර දුන්නේය. දරු කමට හදාගත් ඇයගේ කථනයේ හා හැසිරීමේ ගාම්භීර බව හදාගත් පියා නිසා ඇතිවූ බව විශ්වාස කෙරේ. ඇය පෘතුගීසි ඇඳුමට ප්‍රියවූ
අතර ඇයගේ රූසපුව ඉන් මනාව කැපී පෙනින.
පුරුෂ විරෝධී බව හා ඔවුන් හමුවේ උපහාසාත්මක බව ඇයගේ කවි වලින් මොනවට පැහැදිලි වේ. ඇලපාත මුදලිව ඇය නිර්දය ලෙස ප්‍රතික්ෂේප කල අතර, ඇයගේ පෙම පතා සිවුරු හැරීමද උපහාසයට ලක් කලාය. ඇලපාතට තම රදල මාමාගේ බලපෑම නිසා උඩරට කුමාරිහාමි කෙනෙක් සමග විවාහ වන්නට සිදුවිය. මෙයද ඇය සමච්චලයට භාජනය කලාය. ඇලපාත ඇයට නොමනා බලපෑම් කල බැවින් ඔහුට අකැමති වූවා විය හැක. අධීණ ගැහැණුන්, පිරිමින්ගෙන් බලපොරොත්තු වන පිරිමිකම එය නොවේ. මාමාගෙන් ඇලපාතට වූ බලපෑම නිසා තමන් ආදරය කල කාන්තාව අත් හැර වෙනත් කුල කතක් සරණ පාවා ගැනීම, ඇය විසින් උපහාසයට බඳුන් කලේ එනිසාය.
ඉන්පසු ඇය විවාහවූ වයස්ගත මුදලි, අබේසිරිවර්ධන නම් විය. ඔහුගේ බලපෑම් වලටද ඇය නතු නොවීය. ඔහු ටික කලකින් මිය ගියෙන්, ඇයට නැවත නිදහස් මනසක් ඇති වූයෙන් කවි පද බඳින්නට විය. ඇයගේ පහස පතා ආ ඕනෑම පිරිමියෙකුට, බැට දෙන්නට ඇය පසුබට නොවීය. ඇයගේ බහුශ්‍රැත බව ඉදිරියේ ඔවුහු පලා ගියහ.
තවත් ජන ශ්‍රැතියක කියැවෙන්නේ ඇයට පෙම්වතුන් කීප දෙනෙකු වූ බවයි. නමුත් ජෝන් ඩොයිලි ඇයට ලංවන්නේ ඇයගේ කවිකම නිසා විය හැක. එවකට මාතර දිසාපති වූ ඔහුට ඇය කවි ලීවාය. ඔහු හෙළබස උගත් එයට ඇළුම් කල අයෙකු වූ බැවින්, ඇයගේ ඉල්ලීම් ඉටු කලා විය හැක. මෙකල ඇඹිලිපිටියට හැරෙන හන්දිය, ඇයට දුන් ගම්වරය වන නෝනාගම ලෙස අදද හැඳින්වේ.
පසු කලෙක අසරණව ජීවත්වූ ඇය විසින් රචිත කවිවලද ඒබව පෙන්වයි. "දැනේ කිරට මුර ගානා පැටියන්ට
අනේ කවුද ඉන්නේ වේලක් දෙන්ට
ලිපේ ගින්න තුන් වරුවම අවුලන්ට වරෙව් මහතුනේ කුණුකය වළඳන්ට"
පුරුෂාධිපත්‍යයට අභියෝග කල ඇය අවුරුදු 66දී අසරණව මිය ගියාය. නමුත් අප්‍රකටව වුවත් ඇය ලංකාවේ සාහිත්‍යයට විශාල සේවයක් කලා වුවද එය අගය කිරීමක් මේ දක්වා සිදුව නැත. පසු කලෙක, එකල ඇගේ නිර්මාණ වලට දායකවූ දෙනිපිටියේ නුගරුකද රජයෙන් කපා දැමීය.
https://youtu.be/XN8mqkXKsTA

Comments
Post a Comment