උඳු වපුරා තල කැපීම
බැලූ බැල්මටම මෙහි ඇති අතාර්කිකභාවය පෙනේ. නමුත් අද සමාජය සූදානම් වන්නේ එවැනි නිරර්ථක දේවලටයි. දරුවෝ ඉගැනුමට මුල් තැන නොදී, ඉහළ ප්‍රතිඵල ලැබීමට බලාපොරොත්තු වෙති. දෙමව්පියෝ සිතන්නේ හැකි තරම් ටියුෂන් දුන්නොත් තම දරුවා අන් අයට වඩා ඉහලින් විභාගය සමත් වෙතියි කියාය. ටියුෂන් ගුරු සිතන්නේ හැකි තරම් කුණුහරුප හා දෙපිට කැපෙන දේ කිව්වොත් පමණය දරුවන්ගෙන් පංතිය පිරෙන්නේ කියාය. පාලකයන් සිතන්නේ බොරු පොරොන්දු දුන් තරමට මැතිවරණයෙන් ඉහල ජයක් ලැබේය කියාය.
මෙවන් රැවටිලිකාර සමාජයකට තවදුරටත් ඉදිරියට යාමට නොහැකිය. අපට ලැබී ඇත්තේ අපටම ගැලපෙන අන්ත දූෂිත රජයන් වේ. අපේ මිනිසුන්ද සැදී පැහැදී සිටින්නේ කල දුටුකල වල ඉහ ගැනීමටයි. අපේ මිනිස්සු තවමත් තමාගේ මූලික සමාජ යුතුකම් මොනවාදැයි නොදනිති. වැසිකිලියට ගොස් එය flush නොකර විත් තවත් අයෙකු එය කරාවි යයි බලාපොරොත්තු වෙති. පෝලිමක තමාගේ වාරය එනතුරු සිටීමට ඉවසීමක් නැත. අයථා ලෙස රිංගා ඉදිරියට ගොස් තමාගේ කාර්‍යය පමණක් ඉටු කර ගැනීමට මාන බලති. මහමගද තත්වය එසේමයි. එහෙත් තමාගේ දරුවාට නිසි පරිදි සුදුසුකම් මත රැකියාවක් දෙන තුරු බලා සිටිති.
දරුවන්ද, දෙමාපියන් වියදම් දරයි නම් තමාට ඔරොත්තු නොදෙන තරමේ උපාංග, ඇඳුම් පැළඳුම් මිළදී ගන්නට මාන බලති. ඔවුන් රැකියාවක් කරන කලක නම් බලාපොරොත්තු වනු ඇත්තේ අඩුම මිළට උපරිම සේවය ලැබෙන ගැජමැටික්ස් වේ. ඒ එම මුදල් හම්බ කිරීමට ඔවුන් දරණ මහන්සිය ගැන අවබෝධයක් ඇති බැවිනි.
දරුවන්ට වියදමට මුදල් කෝටා (Imprest) එකක් දීමෙන් ඔවුන්ද සකසුරුවමට වියදම් කිරීමට පුරුදු පුහුණු වනු ඇත. දෙමාපියන් නොදැනුවත්ම දරුවාගේ අයිතිවාසිකම් ඔවුන් විසින් අත්පත් කරගෙන ඇත. මේ නිසා දරුවන්ට Dummies ලෙස ජීවත් වීමට සිදුව ඇත. ගිය සතියේ මා ලඟට ප්‍රතිකාර සඳහා පැමිණි අවුරුදු 16 ක දියණියක්, අම්මා රෝගී විස්තර කියන තෙක් ඇයගේ කට දිහා බලා සිටියාය. මා ඇසුවේ දියණිය ගොලු දරුවෙක්ද කියාය. මවට ලජ්ජා සිතින. මා ඇයට පහදා දුන්නේ දරුවන් තම වගකීම් දරන්නට පුරුදු පුහුණු කරවීමේ වැදගත් බවයි. Self help skills ලෙස මෙය දරුවාගේ මනෝ සමජයීය වර්ධනයේ දක්වා ඇත. නමුත් තවමත් දෙමාපියන් දරුවන්ගේ නාට්ටාමිලා ලෙස කටයුතු කරති.
මා ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය භටයෙකු ලෙස දියතලාව කඳවුරට යාමට සූදානම්ව පාසැලේ සිටියදී මරදාන දුම් රිය ස්ථානයට යාමට සූදානම් වෙද්දී කණ්ඩායමේ මිතුරෙකු තම පියාට කීවේ, Dad, can you carry my boots to station කියාය. ප්‍රසිද්ධ පුද්ගලයෙකු වූ ඔහු ගර්ජනා කලේ you, carry your boots, I am not here for that කියාය. මට එම පියා ගැන ආඩම්බර සිතිනි. පිය වරුන් සිටින්නේ පුතුන්ගේ නාට්ටාමිලා වීමට නොවේ.
මගේ ජීවිතයේ සෑම ප්‍රධාන කටයුත්තකදීම මම ස්වාධීනව කටයුතු කළෙමි. මගේ වියදම් මවිසින්ම සරිකර ගතිමි. විශ්ව විද්‍යාලයට, රැකියාවට පළමු දිනයේද ගියේ තනිවමයි. මගේ දුව පේරාදෙනිය විශ්ව විද්‍යාලයට තේරී පත්වූ දිනයේදී මෝටර් රථයෙන් එහි යනතුරා, මගේ බිරිඳ, මා විසින් මින් ඉදිරියට කලයුතු රාජකාරී සමූහයක් විස්තර කලාය. ඒ දුවව ඉරිදාට හැරලීම හා සිකුරාදාට පේරාදෙණියෙන් ගෙන ඒමයි. මා කිසිත් නොකියා ඇයට පේරාදෙනිය ගැන දැන ගැනීමට අවශ්‍ය දෑ ඒ ඒ තැන්වලට කැඳවාගෙන ගොස් විස්තර කර, ගලහ හන්දියෙන් බසය ගන්නා හැටි කියා දුන්නා පමණි. ඇය සිතුවාටත් වඩා හොඳින් පරිසරයට අනුවර්තනය වී තම කටයුතු තනිව කර ගැනීමට උගත්තාය. අවශ්‍ය වන්නේ වැඩිහිටි සුපරීක්ෂාව යටතේ දරුවන්ට ඒ ගැන පරිචයක් ඇති කර ගැනීමට උදව් කිරීමයි. වැඩිහිටියන් විසින් සෑමදේම කරදීම නොවේ.
දැන් පවුල් වල සිටින්නේ දරුවෙකු හෝ දෙන්නෙකු පමණි. මේ නිසා ඔවුන්ට බෙදා හදා ගැනීම ගැන ආදර්ශයක් හෝ හුරුවක් නැත. මෙහි ආදීනව ඉස්මතු වන්නේ ඔවුන්ගේ විවාහයෙන් පසුවයි. නිවසේ කටයුතු, ආඬි හත්දෙනා කැඳ බීමට ගියා වැනිය. තමුන්ගේ දායකත්වයක් නොමැතිව සියල්ල අනෙකාගෙන්ම පතයි. අනෙකාද සිතන්නේ එලෙසමයි. මෙනිසා කිසිවක් නිවසේ උත්පාද වන්නේ නැත. කඩෙන් කා බෝඩිං කාරයෝ මෙන් ජීවත් වෙති.
ජීවිතයේ අරුත බෙදා හදා ගැනීමයි. තමාගේ ඇඟේ නොහැලී සතුටු පිනිදිය අනුන්ට ඉසිය නොහැක. මේ නිසා ඔබට සතුටෙන් විසීමට අවශ්‍ය නම් අනෙකා හා එය බෙදා ගන්න. මුහුණ හිතේ කැටපතයි. මේ නිසා ඔබට අන්‍යයන්ව විනිශ්චය කිරීම පහසුය. අසතුටින් ජීවත් වීමේ අවසානය පිළිකාවක් හෘදයාබාධයක්, හෝ අංශභාගය වේ. මේ ආත්මයේ අසතුටින් ඉන්නා අයට ස්වභාවධර්මය එතරම්ම අනුකම්පාවෙන් ඊළඟ ආත්මය සළසා දේ. ඔබට පරිසරය හා ජීවිතය විඳීමට හැකිනම් සතුටින් විසිය හැක. තමුන් කරනා දේ සතුටින් කරන්න. සරළ වන්න. ලැබෙනා දෙයින් සතුටු වන්න.

Comments
Post a Comment