කල්ලෝර මුදියන්සේ
මා වතුපිටිවල රෝහලේ වෛද්‍ය අධිකාරි ලෙස සේවය කරන සමයේ, අපේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනී රත්නායක මහත්මියට දරුණු පිළිකාවක් වැළඳී අසාධ්‍ය තත්වයට පත් විය. දිනක් ඇයගේ රෝගය උත්සන්න වී රෝහලට ඇතුලත් කරන විටම මිය ගියාය. මේ නිසා මට ඇයගේ මරණයට හේතුව නිශ්චය කර මරණ සහතිකයක් නිකුත් කිරීමේ අවාසනාවන්ත රාජකාරියට අවතීර්ණ වීමට සිදු විය. මෙහිදී පියාගෙන්, ඇයගේ සම්පූර්ණ වාසගම සහිත නම දැන ගැනීමට අවශ්‍ය විය. ඔහු කීවේ "කල්ලෝර මුදියන්සේලාගේ සන්ධ්‍යා රත්නායක" යනුවෙනි. මෙම වාසගම ගැන මට යම් මතකයක් තිබුණෙන්, පසුව මළගෙදර ගිය විට පියා සමග කථාබස් කිරීමේදී මම ඒ ගැන විමසුවෙමි.
රොබට් නොක්ස් ගේ පොත එදා හෙලදිව නමින් මෙහිදී පලවිය. ගම්පොල එලදත්තේදී ඔහුව විවෘත සිරකරුවෙකු ලෙස බලා ගත්තේ කල්ලෝර මුදියන්සේ කෙනෙකි. මා පියාගෙන් මේ ගැන විමසීමි. ඔහු පුදුමයට පත් වෙමින් මගෙන් ඇසුවේ මෙම පුරාවෘත්ත ගැන මා දන්නේ කෙසේද කියාය. සන්ධ්‍යා පැවත ආවේ එම පරපුරෙනි.
කල්ලෝර යනු ගල් ආයුධ වලට ව්‍යවහාර වන දෙමළ නමයි. සමහර විට කඩු සෑදීමට ගන්නා වානේ සාදා ගැනීමට අවශ්‍ය යපස්ද මේ නමින් හැඳින්වුනා විය හැක. එම ආයුධ සෑදුවේ මෙම එළදත්තේ විය. කෙසේ හෝ එම කර්තව්‍යය භාර සුළු මුළාදෑනියා කල්ලෝර මුදියන්සේ විය. රොබට් නොක්ස්ව කල්ලෝර මුදියන්සේට නම් මහාම හිසරදයක් විය. මන්ද යත් ඔහු ඊට පෙර සිටි, සතර කෝරලේ ලැගුම්දෙණියට නිතර ගොස් පැරණි ණය එකතු කිරීමට පුරුදුවී සිටි බැවිනි. මොහු හොඳ සුළු පරිමාණ ව්‍යාපාරිකයෙක් විය. මේ නිසා ඔහු එළදත්තෙන් නිතරම අතුරුදහන් විය. යමක් ඔහුට වුවහොත් මුළාදෑනියා ඊට රජුට වගකිව යුතුවිය. මෙය අනතුරකි. රජු උදහස් වුවහොත් ඔහුට දැඩි දඬුවම් විඳීමට සිදුවිය හැක.
අප ඉතිහාසය දැන සිටිය යුත්තේ එම පුරවෘත්ත ගැන තොරතුරු අපට කවදා හෝ හමුවූ විට එය රසවත් අත්දැකීමක් වන බැවිනි.

Comments
Post a Comment