මිනිසුන්ගේ දරිද්‍රතාවය
වෛද්‍ය සිසුන්ට 4වන වසරේදී මහජන සෞඛ්‍යය විෂයය යටතේ ව්‍යාපෘතියක් කිරීමට නියම කෙරේ. මේ යටතේ මටත් රාමචන්ද්‍රන්ටත් ලැබුණේ ලමයින් 8 දෙනෙකු ඉන්නා දුප්පත් පවුලක් නගා සිටුවීමයි. එකල නව පාර්ලිමේන්තුව ගොඩ නැගෙමින් තිබිණි. බැද්දගාන ප්‍රදේශයේ වගුරු බිමක අනවසරයෙන් අටවා ගත් පැලක මේ පවුල විසීය. පියාට හරි හමන් රැකියාවක්ද නොවීය. මුළු පවුලම උග්‍ර මන්ද පෝෂණයෙන් පෙලුණේය. මවට තවත් දරු ගැබක් පිහිටා තිබුණි. ඇයගේ බාහිර පෙණුම පුවක් කඳක මුට්ටියක් බැඳි සෙයක් ගැනිණි. මොවුන්ව අපට භාරදුන් දිනයේ අප හිස කසමින් සිතුවේ කොතැනින් මේ කාර්‍යය පටන් ගන්නේද යන්නයි.
කෙසේ හෝ අපේ අතේ ඇති මුදලින් හාල්, පරිප්පු, සෝයා මීට්, කිරි පිටි පැකට් එකක් ආදී සලාක බඩු මල්ලක් ගෙන ගොස් දුන්නෙමු. දැන් අප මේ පවුලේ භාරකාර පියවරු වූවා වැනිය. ඇත්ත පියාගේ දුම්බීම නැවැත්වූවෙමු. ඔවුන්ට සෞඛ්‍ය අධ්‍යාපන සැසියක් පැවැත්වූවෙමු. ඉන්පසු ඔවුන්ගේ ගෙපැල තරමක් කලඑළි විය. සියල්ලන්ටම අවශ්‍ය සබන් දත් බුරුසු හා දන්තාලේප මිළදී ගතිමු. ඉන්පසු දරුවන්ගේ ඇඳුම් තරමක් පිරිසිදු විය. මව පෙර ප්‍රසව සත්කාරය ලබා නොතිබූ බැවින් ශායනයට කැඳවා ගෙන ගොස් අවශ්‍ය සත්කාරය ලබා දුන්නෙමු. දරුවන් විවිධ ආබාධ වලින් පෙළුනු බැවින් බොරැල්ල ළමා රෝහලට කැඳවාගෙන අවුත්, අවශ්‍ය ප්‍රතිකාර ගෙන දුන්නෙමු. රාමාත් මාත් කථා උනේ, අප විවාහ වූ පසු ඇතිවිය හැකි පවුල් බර ගැන, මේ අපට ලැබෙන පෙර හුරුවක්දෝ කියාය. දරුවා ලැබුනු පසු L.R.T. සැත්කම කරවීම, විභාගයේදී අපට වැඩි ලකුණු ගණනක් ලබා දුනි. පැහැදිලිව ඔවුන්ගේ සෞඛ්‍ය තත්වය දියුණු විය. නමුත් ආර්ථික හා සාමාජීය දියුණුවක් ලබා දීමට අපට නොහැකි විය. අවසාන පරීක්ෂණය දිනයේදී නොසිතූ අකරතැබ්බයකට අපි මුහුණ දුන්නෙමු. ක්ෂේත්‍ර පරීක්ෂණයෙන් පසු ආපසු වෛද්‍ය පීඨයට මිතුරෙකුගේ මෝටර් සයිකලයෙන් එද්දී පිටකෝට්ටේ හන්දියේදී අප මෝටර් රථයක ගැටුණි. කෙසේ හෝ බරපතල තුවාල නොවුණේ ගැටුමේ ගම්‍යතාව, අප මෝටර් රථයට උඩින් ගොස් වැටීම නිසා උදාසීන වීමෙනි. පසුව බලනවිට එය අප මහාචාර්ය වරයාගේම මෝටර් රථයයි. මේ නිසා සවස සම්මුඛ පරීක්ෂණයේදී අපට තවත් අමතර ලකුණු ලැබුණේ අනතුරේ වරදකරු මහාචාර්යවරයා වූ බැවිණි!

Comments
Post a Comment