මුල්ලේරියා සටන.
                            ඔබ විජයබා කොල්ලය සිනමා පටය නරඹන්නට ඇත. එයට හේතුවූ 6 වන විජයබාහු රජුගේ සමයට අපි යමු. ඔහුට බුවනෙකබාහු, රයිගම් බණ්ඩාර හා මායාදුන්නේ නමැති පුතුන් තිදෙනකු විය. ක්‍රි. ව.1521දී විජයබා රජුව මරා දමා, පුතුන් තිදෙනා විසින් කෝට්ටේ රාජ්‍යය පැහැර ගන්නා ලදී. මේ වනවිට 1505 දී මෙරටට පැමිණි පෘතුගීසින් විසින් කොළඹ බලකොටුව තනාගෙන තිබුනේ විජයබා රජුගේ මෝඩකමට පින්සිදු වන්නටය.
        පුතුන් විසින් කෝට්ටේ රාජ්‍යය කොටස් 3 කට බෙදීය. රයිගම රයිගම් බණ්ඩාරටත්, සීතාවක මායාදුන්නේටත්, අයිති වූ අතර බුවනෙකබාහු, අධිරාජයා ලෙස කෝට්ටේ රජ කලේය. 1538 දී රයිගම් බණ්ඩාර මිය ගියෙන් මායාදුන්නේ එහි පාලනයද සියතට ගති. මේ අතර ඔහු බුවනෙකබාහු සමගද යුද්ධයට ආවේ කෝට්ටේද තම රාජධානියට යා කර ගැනීමටයි. ඔහු පෘතුගීසින්ගේ සහාය පැතුවේ කෝට්ටේ රැක ගැනීමටයි. මේ නිසා තවත් ශත වර්ෂ එක හමාරක පෘතුගීසි හිසරදයකට මුහුණ දීමට ලංකාවට සිදුවිය. 1551 දී බුවනෙකබාහුද මිය ගියෙන්, පෘතුගීසින් විසින් ඔහුගේ මුණුබුරු ධර්මපාල රූකඩ රජෙකු ලෙස කෝට්ටේ රජ කරවා එම ප්‍රදේශ පාලනය කලෝය. ඔහු දොන් ජුවන් ධර්මපාල ලෙස බෞතීස්ම ලැබීය.
         මායාදුන්නේ තම පුත් ටිකිරි කුමරු (සීතාවක රාජසිංහ)  සමග නිරන්තරයෙන් පෘතුගීසි පාලනය සහිත ප්‍රදේශයට පහර දුන්නේ ආරක්ෂා වීමට ( Defensive) වඩා (Offensive) පහර දීම  හොඳ නිසාය. මෙවැනි එක් වාරයකදී පාන්දර 5 ට මුල්ලේරියාව  වෙලේදී දෙගොල්ලන් මුණ ගැසුණි. ඒ වනවිට පෘතුගීසින්ද පහරදීමකට සීතාවක කරා එමින් සිටියහ. මුලින් සිංහල හමුදාව පසු බැස්සත්, දෙවනුව ටිකිරි කුමරු තුන් පැත්තකින් වටකොට සතුරාට පහර දුන්නෙන් මුල්ලේරියාව වෙලේ ජලය ලෙයින් රතුවී ගියේය. පසුව පෘතුගීසින් කට්ටල නමැති පාරුවල නැගී ගඟෙන්ද, දෙපස ඉවුරු දිගේද ප්‍රහාර
       අතුරුගිරියේ, කොරතොට හා හෝකන්දර පෙදෙස් වලින් ආ හමුදාව පසුපසින්ද, වික්‍රමසිංහ මුදලිගේ හමුදාව උතුරු දෙසින්ද, රාජසිංහ රජු දකුණු දෙසින්ද කැලණි ගං මිටියාවතේදී මහා ප්‍රහාරයක් එල්ල කලහ. සිංහල හමුදාවේ ප්‍රමාදයක් බලා සතුරෝ නාකොලගම (දැන් නාගලගම් වීදිය හා ග්‍රෑන්ඩ්පාස් ) ඔස්සේ නැවත කොළඹ කොටුවට පසු බැස්සාහ. නමුත් මියගිය ගණන 1600 ක් පමණ වෙතැයි උපකල්පනය කෙරේ.
                 ඉන්පසු රජු රග්ගහවත්ත තොටුපලේ හා කඩුවෙල,  ගඟ දෙපස මුරපොලවල් පිහිටුවා ආරක්ෂාවට භටයින්ද රැඳවීය.

Comments

Popular posts from this blog

මුත්‍රා ගල් (Urinary Calculi)

දෙමාපියන් ගැන.......