අප්‍රකාශිත ආදරය
මේ ලෝකයේ මිහිරිතම යමක් වේද, එය නම් අප්‍රකාශිත ආදරයයි. මෙහිදී දෙදෙනාගෙන්ම යම් යම් ඉඟි ඒ ගැන පලවිය යුතුය. පළමුව දෙදෙනාටම එකිනෙකා ගැන යම් ප්‍රසාදයක් දැනිය යුතුය. තමුන්ගේ ප්‍රියයාගේ තිබිය යුතු යම් විශේෂ ගුණාංග එකිනෙකා කෙරෙන් දිස්විය යුතුය. දිනෙන් දින අනෙකා ගැන කැමැත්ත ලියලා ආයුතුය.
මේ නම් තමාගේ සිහින කුමරා හෝ කුමරී බව කිසිම සැකයක් නැතිවම දැනිය යුතුය. උදේ අවදි වනවිට හා රාත්‍රී නින්දට යනවිට නිරායාශයෙන් එකිනෙකාව මතක් විය යුතුය. ඔහුගේ හා ඇයගේ ඉරියව් තමුන්ගේ දෑස් ඉදිරියේ මැවී පෙනිය යුතුය. පසුව එසේ පෙනීම ගැන තමුන්ටම යම් ලැජ්ජාවක්ද දැනිය යුතුය. මිතුරන් ඒ ගැන කියා කෙළි කවටකම් කරද්දී සියුම් සතුටක් හා ආඩම්බරයක් හිතට දැනීම අනිවාර්ය වේ. යුවතියක් නම් ඇය විළියෙන් ඇඹරෙනුද ඇත. කෙසේ වුවද යම් fantacy එකක ගති ලක්ෂණ හිතේ මැවීම අරුමයක් නොවේ.
මෙවැනි ප්‍රේමයක් ප්‍රකාශිත වූ පසු එහි නැවුම් ගතිය මැකී සාමාන්‍ය තත්වයක් හටගනී. ඉන්පසු එකිනෙකා ගැන අයිතියක් මවාගෙන කටයුතු කිරීමට යාමෙන්, නිදහස් ලෝකය බිඳී යනු ඇත.
තව දුරටත් අප්‍රකාශිත ආදරය එලෙසම තිබේ නම් ෆැන්ටසිය තුල ඔබට දිගටම සැරි සැරීමට හැක. පුදුමයට කරුණ නම් ඔබට එම ප්‍රියයා අවුරුදු 20කින් නැවත මුන ගැසුනත් මුල් නැවුම් හැඟීම එලෙසම දැනීමයි. කිව නොහැකි තරම් ලෙන්ගතු හැඟීමක් එවිට අනෙකා ගැන දැනේ. වයසට ගොස් ඇත්නම් අනුපමේය කරුණාවක්ද දැනේ.
මගේ ජීවිතයේද එවන් දෙදෙනෙකු මගේ සිහියට නැඟේ. එක් කාන්තාවක් විශේෂඥ වරියක ලෙස නොරට වාසය කරයි. ඇය පෙර කල මා සමග එකම රෝහලේ සේවය කල වෛද්‍යවරියකි. එහි යාමට පෙර මා හා මගේ බිරිඳ එක්ව ඉන්නා විටෙක කොළඹදී ඇයව මට හමුවිය. ඇය ඉතා නොසන්සුන් වූවාය. මා සමග යමක් කථා කිරීමට නොහැකිව අමාරුවෙන් වචන ගලපන්නට විය. සැඟවී යන්නට මෙන් ඈත මෑත බැලුවාය. ඇයට මා සැමදාම ආදරය කල බැවින් ඉක්මනින්ම ඇයව එම අපහසුතාවයෙන් මිදෙව්වෙමි. අනෙක් තැනැත්තිය නීතිඥ වරියකි. ඇය පෙරකල මගේ අසල්වැසියෙකි. මංගල උත්සවයකදී ඇයව මට හමුවී කෘතීම මාතෘකා මවමින් මගේ බිරිඳ ඉදිරියේ මා හා දොඩමළු විය. මා හා ඇයට කථා කිරීමට අවශ්‍ය වූයේ වෙනකක් බව මට හොඳින් දැනිනි. නමුත් ඇයව පසුව දිනක් මහාධිකරණයේ හමුවූ විට නම් එසේ නොවීය. විනිසුරු නඩු අසද්දීත් ඇය ෆයිල් කවරයකින්, විනිසුරුට නොපෙනෙන සේ මුහුණ ආවරණය කර ගනිමින්, ඇයට පැත්තෙන් සිටි මගෙන් ඉඟි බිඟියෙන් යම් යම් දේ ඇසීමට විය. මේ කිසිත් නොදත්, මා සමග උසාවියේ සිටි මගේ වෛද්‍ය සගයා කීවේ "අන්න මචං අර ලේඩි උඹට ටික වෙලාවක ඉඳන් ලයින් එකක් දානවා" කියාය. මම සිනහ තද කරගෙන ඔහුව අස් වැසුවෙමි! රාගය මුසු නොවූ ආදර හැඟුම් මනරම් වේ!

Comments
Post a Comment