ගමන් බිමන්
අප කුඩා කල බොහෝ පාරවල් වල බස් දිව්වේ නැත. මට මුලින්ම මතක මීරිගම සිට උදේ කොළඹ ගොස් හවස එන විලී අයියාගේ බස් රථයයි. ඔහුගේ සියළුම බස් 1958 දී ජනසතුවට හසු විය. නමුත් මෙම බෙන්ස් බස් රථය ආණ්ඩුවට දීමට ඔහු ලෝභ වූයෙන් ගමනා ගමන මණ්ඩලයට රියැදුරෙකු ලෙස බැඳෙමින් ඔහුම එම සැප පහසු බසය පැදවිය. එය ලස්සණට සැරසූ රථයකි. ආසන සියල්ල පදම් කල ලෑලි වලින් යුත් නමුත් සුව පහසු bucket seats විය. ඉදිරි පැනලය මත උඩ සවිකල බොහෝ බුද්ධ හා දේව රූප වලට එල්ල කර සවි කර තිබූ ස්වයංක්‍රීය නිවෙන දැල්වෙන බල්බ්ස් අපව වශී කර ගති. බසයට නැගීමට නම් ගල්පොත්ත හන්දියට පයින් යා යුතුය. එතැන් සිට බසයෙන් බසින තුරුම අප බලා සිටියේ නිවෙන දැල්වෙන වෛවර්ණ බල්බ්ස් දිහාය. ඔහුගේ බසයටම ආවේනික වූ musical horn එකක්ද විය. ඈත සිටම එම හඬ ඇසුනොත් අප කියන්නේ විලී මාමාගෙ බසය පැමිණෙන බවයි. එම බසයටම පුරුදු වූ මගී ප්‍රජාවක්ද ඔහුට සිටියේය.
ඉන්පසු අස්ගිරි වල්පොල සිට උඩුගම්පොල මහා විද්‍යාලයට ආවේ ගියේ තනි බසයකිනි. එය හැඳින්වූයේ යකහටුව බසය ලෙසයි. එය හිනෝ සැප පහසු බසයක් වූ අතර රියැදුරා බසයේ රියැදුරු ආසනයේ හිඳ සිටියේ ඇලයටය. හරියටම ඉදිරි දොරෙන් නගින බසින මගීන් දිහා බලා ඉන්නා සෙයකි. නමුත් අමාරුවෙන් ඉදිරිය බලාගෙන බසය පැදවිය. එකල අපට නොතේරුනද, ගැහැණු කීවේ ඔහු මනමාලයෙක් බවයි. එකල තිබුණේ නියම බස් චැසි මත සැදූ බස් රථයි, දැන් මෙන් ලොරි චැසි මත ගැසූ බස් බොඩි නොවේ. එකම බසය මග හැරුනොත් පිහිට උනේ ගම දෙසට දිවෙන කරත්තයක් හෝ ලොරියකි. චලෝ සිංඤ්ඤෝ සීයාගේ කොහු ලොරිය කොළඹ ගියේ අපේ පාරෙනි. එයට අත දික් කලවිට ඔහු අපව රැගෙන ගියේ අපේ තාත්තාගේ හැඳුනුම් කමටයි. සමහරු චණ්ඩි කමට, ශත 5 හේ බස් ගාස්තුව ඉතිරි කර ගැනීමට බසයේ ඉනිමගේ සැඟවී ගියේ රියැදුරාට වහන් වෙමිනි. පිටුපස වීදුරුවෙන් හෝ පිටුපස බලන දර්පණ වලින් ඔහුට එය පෙනුනොත් පැමිණ කනට එකක් ගසා ඉනිමගෙන් බස්සවයි.
හදිසියේම කිරිඳිවිට පාලම අබලන් වූයෙන්, ජාඇල - ගම්පහ බස් දිව්වේ අපේ ගම හරහාය. එකල අපට පාසැල් යාමට බස් හිඟ නොවුනා පමණක් නොව තෝරා ගත් බස් රථ වල පමණක් යාමට තරම් ආඩම්බර වූහ. ඇල්බියන්, ලේලන්ඩ්, ෆියට් හා බෙන්ස් බස් රථ රාශියක් වූ අතර අප ගියේ ඇල්බියන් බස් වල පමණි. අප හැකි තරම් වලි කෑවේ පාපුවරුවේ යාමටයි. මේ නිසා කොන්දොස්තරලාගෙන් බැණුම් හිඟ නොවීය. නමුත් එක් වයසක කොන් දොස්තර වරයෙක් අපට කාරුණිකව සැලකීය. ඔහු අප දෙස බලා මෙසේ කියයි. "මේ චූටි මහත්තයා නම් අනාගතේ දොස්තර කෙනෙක් වෙයි. මෙයා නම් අගමැති කෙනෙක් වෙන්නත් බැරි නැහැ. දැන් ඉතින් බස් එකෙන් වැටුනොත් අපට අනාගත අගමැති කෙනෙක් නැතුව යනවනේ, ඒ නිසා කරුණාකරලා උඩට නගින්න!" කොල්ලන් එක හුස්මට පා පුවරුවෙන් උඩට නැග ඇතුලටම යන්නේ තමුන්ට ලැබෙන්න යන අගමැති කමට, දොස්තර කමට ලෝභ කමෙනි. වැඩිහිටියන්ගේ ව්‍යවහාරික ඥාණය ගැන දැනුදු මට පුදුම සිතේ!

Comments
Post a Comment